ඕලන්ද බලකොටු බිඳ දැමූ ඉන්දියානුවෝ

ICC World Cup 2023

258
india cricket

13 වැනි ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය නිමා වෙන්නේ තවත් වාර්තා කිහිපයක් ම ක්‍රිකට් ඉතිහාසයට දායාද කරමින්.  

ඉන්දියාව සහ නෙදර්ලන්තය 

45 වැනි තරගය (දිවා/රාත්‍රී) Bengaluru, නොවැම්බර් 12, 2023, ICC Cricket World Cup 

  • කාසියේ වාසිය – ඉන්දියාව 
  • තරගයේ වීරයා – Shreyas Iyer (ඉන්දියාව) 

ඉන්දියාව – කඩුලු 4ක් දැවී 410 (50) Rohit Sharma 61, Shubman Gill 51, Virat Kohli 51, Shreyas Iyer නොදැවී 128, KL Rahul 102, Bas de Leede 2/82 

නෙදර්ලන්තය – සියලුම දෙනා දැවී 250 (47.5) Max O’Dowd 30, Colin Ackermann 35, Sybrand Engelbrecht 45, Teja Nidamanuru 54, Jasprit Bumrah 2/33, Mohammed Siraj 2/29, Kuldeep Yadav 2/41, Ravindra Jadeja 2/49 

ඉන්දියාවට ලකුණු 160ක ජයක්.  

350+: ඉන්දියාව මෙම තරගයේ දී ලකුණු 410ක් ලබා ගන්නා ලද අතර, එය ඔවුන් විසින් 2023 වසරේ දී ලකුණු 350ක් ඉක්මවා ලබා ගත් 8 වැනි අවස්ථාව බවට පත් වුනා.  

Score  Overs  Won  Opposition  Ground  Date 
373/7  50.0  ඉන්දියාව  ශ්‍රී ලංකාව  Guwahati  10-01-2023 
390/5  50.0  ඉන්දියාව  ශ්‍රී ලංකාව  Thiruvananthapuram  15-01-2023 
385/9  50.0  ඉන්දියාව  නවසීලන්තය  Indore  24-01-2023 
351/5  50.0  ඉන්දියාව  බ.ඉ. කොදෙව්  Tarouba  01-08-2023 
356/2  50.0  ඉන්දියාව  පාකිස්තානය  Colombo (RPS)  10-09-2023 
399/5  50.0  ඉන්දියාව  ඕස්ට්‍රේලියාව  Indore  24-09-2023 
357/8  50.0  ඉන්දියාව  ශ්‍රී ලංකාව  Wankhede  02-11-2023 
410/4  50.0  ඉන්දියාව  නෙදර්ලන්තය  Bengaluru  12-11-2023 

ඒ අනුව කැලැන්ඩර් වසරක් තුළ එක් කණ්ඩායමක් ලකුණු 350කට වැඩියෙන් ලබා ගත් වාර්තා අතර ප්‍රමුඛ ස්ථානයට පත්වීමට ඔවුන් සමත් වුනා. ඊට පෙර එම වාර්තාව සතුව තිබුණේ 2019 වසරේ දී එංගලන්තය විසින් අවස්ථා 7ක දී පෑ දක්ෂතායි.  

400+: ඉන්දියාවේ මෙම ඉනිම ලෝක කුසලාන තරග ඉතිහාසයේ ලකුණු 400 ඉක්ම වූ දෙවැනි අවස්ථාවයි. ඒ අනුව ඔවුන් ලෝක කුසලාන ඉතිහාසයේ ඉනිමක ලකුණු 400කට වැඩියෙන් ලබා ගත් කණ්ඩායම් අතර දෙවැනි ස්ථානයට පත්වුනා.  

ඔවුන් ඊට පෙර 2023 වසරේ දී බර්මුඩාවට එරෙහිව කඩුලු 5ක් දැවී ලකුණු 413ක් ලබා සිටියා. 

එහි මේ වන විට පළමු ස්ථානයේ රැඳී සිටින්නේ දකුණු අප්‍රිකාවයි. ඔවුන් 2015 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කඩුලු 5කට ලකුණු 408ක්, අයර්ලන්තයට එරෙහිව කඩුලු 4ක් දැවී 411ක් සහ මෙවර ලෝක කුසලානයේ දී ශ්‍රි ලංකාවට එරෙහිව කඩුලු 5කට ලකුණු 428ක් ද ලබා ගනිමින් එහි අවස්ථා 3ක දී පළමුවැනියා වී සිටිනවා.  

410/4 (50.0): ඉන්දියාව විසින් ලබා ගන්නා ලද මෙම ලකුණු ප්‍රමාණය ඉන්දීය එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ හොඳම ඉනිම් අතර සිව්වැනි ස්ථානයට පත් ඉනිමයි. ඊට පෙර ඔවුන් 2011 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කඩුලු 5ක් දැවී ලකුණු 218ක් ද, 2009 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7ක් දැවී ලකුණු 414ක් ද සහ 2007 වසරේ දී බර්මුඩාවට එරෙහිව කඩුලු 5ක් දැවී ලකුණු 413ක් ලබා තිබෙනවා.  

3x50s: මෙම තරගයේ දී ඉන්දීය පිතිකරු ලැයිස්තුවේ පළමු ක්‍රීඩකයන් තිදෙනා අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූ අතර එය එක්දින තරග ඉතිහාසයේ ඉදිරිපෙළ පිතිකරු ලැයිස්තුවේ එවැන්නකින් තෙවැනියට පෑ ඉහළ ම දක්ෂතාවයි. 

මෙහි වාර්තාව සතු වෙන්නේ ඕස්ට්‍රේලියාවටයි. ඔවුන් 2013 වසරේ දී ඉන්දියාවට එරෙහිව අර්ධ ශතක 5ක් ද, ඊට පෙර 2020 වසරේ දී ඉන්දියාවට එරෙහිව ම අර්ධ ශතක 4ක් ද ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ ඉදිරියෙන් සිටිනවා.

50s: මෙම තරගයේ දී  Virat Kohli විසින් ලබා ගන්නා ලද්දේ මෙවර තරගාවලියේ 7 වැනි අර්ධ ශතකයයි. එය ලෝක කුසලාන එක් තරගාවලියක දී අර්ධ ශතක ලබා ගත් පිතිකරුවන් අතර සම ස්ථානයට පත් වෙනවා.

මීට පෙර 2003 වසරේ දී ඉන්දියාවේ Sachin Tendulkar විසින් ද සහ 2019 වසරේ දී Shakib Al Hasan ද විසින් ද අර්ධ ශතක 7ක් බැගින් ලබා ගනිමින් එහි පළමු ස්ථානයේ රැඳී සිටිනවා.  

62: මෙම තරගයේ දී KL Rahul විසින් ලබා ගන්නා ලද ශතකය සඳහා වැය කරනු ලබන්නේ පන්දු 62ක් පමණක් වන අතර එය ඉන්දීය ලෝක කුසලාන තරගවල වේගවත් ම ශතකයයි.  

ඊට පෙර එම වාර්තාව සතුව තිබුණේ Rohit Sharma වෙතයි. ඔහු මෙවර තරගාවලියේ දී ඇෆ්ගනිස්තානයට එරෙහිව පන්දු 63කින් වාර්තා කළ ශතකයට එය හිමි ව තිබුණා.  

60x6s: Rohit Sharma මෙම තරගයේදී එල්ල කරන ලද හයේ පහර 2ත් සමඟින් මෙම වසරේ දී හයේ පහර 60ක් එල්ල කර ඇති අතර එය ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ එක් වසරක් තුළ ක්‍රීඩකයෙක් විසින් වාර්තා කරන ලද වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාවයි.

එහි එතෙක් පළමු ස්ථානයේ රැඳී සිටියේ දකුණු අප්‍රිකාවේ AB de Villiers. ඔහු 2015 වසරේ දී හයේ පහර 58ක් ලබා ගනිමින් ඊට හිමිකම් කීවා.

  • Rohit Sharma මෙවර ලෝක කුසලානයේ දී මේ දක්වා හයේ පහර 24ක් එල්ල කර ඇති අතර එය ලෝක කුසලාන ඉතිහාසයේ එල්ල කරන ලද වැඩිම හයේ පහර සංඛ්‍යාවේ දෙවැනි ස්ථානයට පත් දක්ෂතාවයි.

එහි පළමු ස්ථානයේ රැඳී සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Chris Gayle. ඔහු 2015 වසරේ දී තරග 6ක දී හයේ පහර 26ක් එල්ල කරමින් එහි පළමුවැනියා වී සිටිනවා.  

215x6s: මෙම තරගයේ දී ඉන්දියාව විසින් හයේ පහර 16ක් වාර්තා කරන ලද අතර ඒ අනුව ඔවුන් මේ වසරේ දී හයේ පහර 215ක් ලබා ගන්නවා. එය කැලැන්ඩර් වසරක් තුළ එක් කණ්ඩායමක් විසින් ලබා ගන්නා ලද වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාවයි.  

එහි එතෙක් පළමු ස්ථානය හිමිව තිබුණේ බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් 2019 වසරේ දී එල්ල කරන ලද හයේ පහර 209ටයි.

208: මෙම තරගයේ දී Shreyas Iyer සහ KL Rahul විසින් 4 වැනි කඩුල්ලට ලකුණු 208ක සබඳතාවක් එක් කරනවා. එය ලෝක කුසලාන තරග ඉතිහාසයේ සිව්වැනි කඩුල්ලට එක් වූ ඉහළ ම ලකුණු සබඳතාවයි.

ඊට පෙර එම වාර්තාව ලියැවී තිබුණේ 2007 වසරේ දී ඕස්ට්‍රේලියාවේ Michael Clarke සහ  Brad Hodge එක්ව 2007 වසරේ දී නෙදර්ලන්තයට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 204යි.

128*: මෙම තරගයේ දී Shreyas Iyer විසින් රැස් කරන ලද්දේ තම එක්දින තරග ඉතිහාසයේ 4 වැනි ශතකයයි. එය ඔහුගේ ජාත්‍යන්තර තරග දිවියේ හොඳම ඉනිම බවට ද පත්වුනා.  

ඊට පෙර ඔහුගේ මෙම වාර්තාව වී තිබුණේ 2022 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලබා සිටි ලකුණු 113යි.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් සහ පිටියෙන් පිටත සිදු වූ රසබර තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<