Maxwellගේ ගිනිකෙළි සංදර්ශනය

ICC Cricket World Cup 2023

370
ICC Cricket World Cup 2023
DELHI, INDIA - OCTOBER 25: Glenn Maxwell of Australia celebrates their century during the ICC Men's Cricket World Cup India 2023 between Australia and Netherlands at Arun Jaitley Stadium on October 25, 2023 in Delhi, India. (Photo by Darrian Traynor-ICC/ICC via Getty Images)

13 වැනි ලෝක කුසලාන තරග ඉතිහාසය වර්ණවත් කළ තරගයක් ලෙසින් පසුගිය දා නිමා වූ ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය නම් කළ හැකි.

ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය

  • 39 වැනි තරගය (දිවා/රාත්‍රී) Wankhede, නොවැම්බර් 05, 2023, ICC Cricket World Cup
  • කාසියේ වාසිය – ඇෆ්ගනිස්තානය
  • තරගයේ වීරයා – Glenn Maxwell (ඕස්ට්‍රේලියාව)

ඇෆ්ගනිස්තානය – කඩුලු 5ක් දැවී 291 (50) Rahmanullah Gurbaz 21, Ibrahim Zadran නොදැවී 129, Rahmat Shah 30, Hashmatullah Shahidi 26, Azmatullah Omarzai 22, Rashid Khan නොදැවී 35, Josh Hazlewood 2/39

ඕස්ට්‍රේලියාව – කඩුලු 7ක් දැවී 293 (46.5) Mitchell Marsh 24, Glenn Maxwell නොදැවී 201, Naveen-ul-Haq 2/47, Azmatullah Omarzai 2/52, Rashid Khan 2/44

ඕස්ට්‍රේලියාවට කඩුලු 3ක ජයක්.

මෙම තරගය ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයක් කියා පවසනවාට වඩා Glenn Maxwell සහ ඇෆ්ගනිස්තානය අතර තරගයක් ලෙසින් හැඳින්විය හැකි. එය ඒ තරමට ම Maxwell ගේ තරගයක් බවට පත්වුනා.

ලකුණු 292ක ඉලක්කයක් හඹා යන ඉනිමේ දී Maxwell පිටියට පිවිසෙද්දී ඕස්ට්‍රේලියාව ලබා සිටියේ කඩුලු 5ක් දැවී ලකුණු 69ක් පමණයි. එය ඉතා අවදානම් තත්ත්වයක් වුනා. ඒ කෙසේ වෙතත් තම කණ්ඩායම වැටී සිටි තත්ත්වයෙන් ගොඩ ගැනීමෙන් නොනැවතී තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට ද Maxwell සමත් වුනා.

201*: පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සහ හයේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 201ක් ලබා ගත් Glenn Maxwellගේ මෙම ඉනිම ඕස්ට්‍රේලියානු එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ පළමු ද්විත්ව ශතක බවට පත්වුනා.

ඊට පෙර එක්දින ජාත්‍යන්තර තරගවල ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා තිබුණේ Shane Watson. ඔහු 2011 වසරේ දී බංග්ලාදේශයට එරෙහිව පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 15ක් සමඟින් ලකුණු 185ක් ලබා ගනිමින් එහි රැදී සිටියා.

ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ හඹා යන ඉනිමක වැඩිම ලකුණුලාභියා වීමට ද Glenn Maxwellගේ මෙම ඉනිම ඉවහල් වුනා.

Player Team Runs Balls 4s 6s Opposition Year
1 Glenn Maxwell ඕස්ට්‍රේලියාව 201* 128 21 10 ඇෆ්ගනිස්තානය 2023
2 Fakhar Zaman පාකිස්තානය 193 155 18 10 දකුණු අප්‍රිකාව 2021
3 Shane Watson ඕස්ට්‍රේලියාව 185* 96 15 15 බංග්ලාදේශය 2011
4 MS Dhoni ඉන්දියාව 183* 145 15 10 ශ්‍රී ලංකාව 2005
5 Virat Kohli ඉන්දියාව 183 148 22 1 පාකිස්තානය 2012

ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ ආරම්භක පිතිකරුවෙක් නොවන ක්‍රීඩකයෙක් විසින් වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ ඉනිම බවට ද මෙය පත් වුනා.

මීට ඉහත දී එහි වාර්තාව සතුව තිබුණේ 2009 වසරේ දී සිම්බාබ්වේ Charles Coventry, බංග්ලාදේශයට එරෙහිව පන්දු 156කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 194ටයි. එහි දී ඔහු පිටියට පිවිසෙන්නේ අංක 3 පිතිකරු ලෙසයි.

Glenn Maxwellගේ මෙම ශතකය සඳහා පන්දු 128ක් පමණක් වැය වූ අතර එය ජාත්‍යන්තර එක්දින තරගවල වේගවත් ම ශතක අතර දෙවැනි ස්ථානයට පත් වුනා.

එහි පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ඉන්දියාවේ Ishan Kishan. ඔහු පසුගිය වසරේ දී බංග්ලාදේශයට එරෙහිව පන්දු 126ක තම ද්විත්ව ශතකය වාර්තා කරමින් ඊට එක් වුනා.

Glenn Maxwellවිසින් වාර්තා කරන ලද මෙම ඉනිම එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ පිතිකරුවෙක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු අතර තෙවැනි ස්ථානයට පත් වුනා.

එහි පළමු ස්ථානය නවසීලන්තයේ  Martin Guptill සතු වෙනවා. ඔහු 2015 ලෝක කුසලානයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව නොදැවී ලකුණු 237ක් ලබා ගැනීමට සමත් වෙනවා. එහි දෙවැනි ස්ථානය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Chris Gayle සතු කර ගන්නේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 215ක් ලබා ගනිමිනුයි.

202*: මෙම තරගයේ දී Glenn Maxwell සහ Pat Cummins විසින් 8 වැනි කඩුල්ලට වාර්තා කරන ලද නොදැවුණ ලකුනු 202, 7 වැනි කඩුල්ල හෝ එය පසුකර ගිය කඩුලුවල ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත්වුනා.

එහි පෙර වාර්තාව රැදී තිබුණේ එංගලන්තයේ Jos Buttler සහ Adil Rashid, 2015 වසරේ දී නවසීලන්තයට එරෙහිව 7 වැනි කඩුල්ලට ලබා සිටි ලකුණු 177යි.

292: ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ ඕස්ට්‍රේලියා කණ්ඩායමක් විසින් හඹා ගොස් ජය ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙන්නේ මෙයයි.

ඔවුන් ඊට පෙර එලෙස හඹාගොස් ජයග්‍රහණය කර ඇත්තේ 1996 දී නවසීලන්තයට එරෙහිවයි. එවර ඔවුන්ගේ හඹා යෑමේ ලකුණු සංඛයාව වූයේ 287යි.

129*: මෙම තරගයේ දී ඇෆ්ගනිස්තානයේ ආරම්භක පිතිකරු Ibrahim Zadran පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 129ක් ලබා ගන්නා ලද අතර එය ඇෆ්ගනිස්තාන ලෝක කුසලාන තරග ඉතිහාසයේ පිතිකරුවෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

ඊට පෙර එහි වාර්තාව හිමිව තිබුණේ Samiullah Shinwari, 2015 වසරේ දී ස්කොට්ලන්තයට එරෙහිව පන්දු 147කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් ලබා ගත් ලකුණු 96යි.

Ibrahim Zadranමෙම ශතකය වාර්තා කරන විට අවුරුදු 21 දින 330ක් ගත ව තිබූ අතර ඒ අනුව ඔහු එක්දින තරග ඉතිහාසයේ අඩුම වයසින් ශතක වාර්තා කළ අය අතර සිව්වැනි ස්ථානයට පත් වුනා.

එහි පළමු ස්ථානය 2011 වසරේ දී වයස අවුරුදු 20 දින 196ක දී නෙදර්ලන්තයට එරෙහිව ශතකයක් වාර්තා කළ අයර්ලන්තයේ Paul Stirling විසින් ද, දෙවැනි ස්ථානය 1996 වසරේ දී වයස අවුරුදු 21 දින 76ක් වූ ඕස්ට්‍රේලියාවේ Ricky Ponting විසින් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව වාර්තා කළ ශතකය ද සහ තෙවැනි ස්ථානය 2019 වසරේ දී වයස අවුරුදු 21 දින 87ක් වූ ශ්‍රී ලංකාවේ අවිශ්ක ප්‍රනාන්දු, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලබා ගත් ශතකය ද පිළිවෙළින් ලැයිස්තුගත වෙනවා.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් සහ පිටියෙන් පිටත සිදු වූ රසබර තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<