කාලගුණය, තරගය ජය පරාජයෙන් තොර කරයි

371
Sri Lanka v England 3rd test day 4
@AFP

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් පිටියේදී පසුගිය 09 වනදා ආරම්භවූ තෙවන හා අවසන් ටෙස්ට් තරඟය අද (13) ජය පරාජයෙන් තොරව අවසන් විය.

මෙම තරගයේ සිව්වන දිනය ඊයේ (12) දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු නොදැවී ලකුණු 33 ක් ලබා සිටින ලදි.

කෙසේ වෙතත් අද (13) තරගයේ අවසන් දිනය ආරම්භයේ පටන් විටින් විට වර්ෂාවෙන් තරඟයට බාධා පැමිණි අතර තරඟය යම් ප්‍රමාදයකින් අනතුරුව ඇරඹිය. තරඟය ඇරඹී සුළු මොහොතකට පසුව කෞෂාල් සිල්වා ලකුණු 16 කට දැවී යන ලදි. ඒ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 45 ක් ලෙස දැක්වෙන විටයි. අනතුරුව යළිත් වර්ෂාවෙන් බාධා පැමිණි අතර තරඟය යලිත් නවතා වර්ෂාව නිමා වූ පසු ඇරඹිය. නමුත් ශ්‍රී ලංකා දෙවන ඉණිම ලකුණු 78-1 ක් ලෙස දැක්වෙන විට නැවතත් වර්ෂාව තරඟයට හරස් වූ නිසා තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි. තරඟය අත්හිටුවීමට තීරණය කල විට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත දෙවන ඉණිමට වඩා තවත් ලකුණු 284 ක් පසුපසින් සිටින ලදි.

එංගලන්ත පළමු ඉණිම – 416-10 (128.4) බෙයාර්ස්ටොවු 167*, ඇලෙස්ටයර් කුක් 85, වෝක්ස් 66,රංගන හේරත් 4/81, සුරංග ලක්මාල් 3/90

ශ්‍රී ලංකා පළමු ඉණිම – 288 – 10 (95.1) කෞෂාල් සිල්වා 79, දිමුත් කරුණාරත්න 50,කුසල් පෙරේරා 42,රංගන හේරත් 31 ක්‍රිස් වෝක්ස් 3/31, ස්ටීවන් ෆින් 3/59

එංගලන්ත දෙවන ඉණිම – 233-7 (71) dec ඇලෙක්ස් හේල්ස්  94,ඇලෙස්ටයර් කුක් 49*,ජොනාතන් බෙයාර්ස්ටොවු 32, නුවන් ප්‍රදීප් 3/37, ශමින්ද එරංග 3/58

ශ්‍රී ලංකා දෙවන ඉණිම – 78-1 (24.2) දිමුත් කරැණාරත්න 37*, කුසල් මෙන්ඩිස් 17*, කෞෂාල් සිල්වා 16 ජිමී ඇන්ඩරසන් 1/27ලෛස කණ්ඩායම් දෙක තුන්වන තරගයේ දී දක්ෂතා දක්වමින් ක්‍රීඩා කරන ලදි.

කෙසේ වෙතත් දෙරට අතර ටෙස්ට් තරඟය 2-0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය.

තරගාවලියේ වීරයා එංගලන්ත ක්‍රීඩක ජොනාතන් බෙයාර්ස්ටොවු

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ තවත් එක් පැතිකඩක් වන අයර්ලන්ත කණ්ඩායම සමඟ එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරඟය ලබන 16 වැනි බ්‍රහස්පතින්දා අයර්ලන්තයේ ඩබ්ලින් හිදී පැවැත්වීමට නියමිතව ඇත. මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.15 ට ආරම්භ වේ.

තවත් පුවත් සිංහලෙන් කියවන්න – පිවිසෙන්න