තියුණු සටනකට පසුව Greys අපරාජිතව බව රැකගනී

කාන්තා සුපිරි කණ්ඩායම් හතරේ ක්‍රිකට් තරගාවලිය 2022

1319

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන කාන්තා ක්‍රිකට් සුපිරි කණ්ඩායම් හතරේ තරගාවලියේ සිව්වැනි තරගය Greys සහ Reds අතර අද (20) කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

මේ කණ්ඩායම් දෙකම ඔවුන් තරග වැදුණු පළමු තරගය ජය ගනිමින් මේ තරගයට අවතීර්ණ වුනු නමුත්, තියුණු සටනකට පසුව Greys හමුවේ මේ ලද කඩුලු 3ක පරාජය නිසා Redsට අපරාජිතව සිටීමට තිබුණු හැකියාව අහිමිව ගියා.

කාසියේ වාසිය දිනා ගත් Greys නායිකා හර්ෂිතා සමරවික්‍රම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අවසරයෙන් පිටියට පැමිණි නිලක්ෂි ද සිල්වාගේ නායකත්වයෙන් යුත් Redsට ඔවුන් ක්‍රීඩා කළ පළමු තරගයේ දී මෙන් දැවැන්ත ලකුණු සටනකට යන්නට Greys පන්දු යවන්නියන් අවස්ථාවක් දුන්නේ නැහැ.

ආරම්භක කඩුලු රකින පිතිකාරිණිය වන ප්‍රසාදිනී වීරක්කොඩි ලබා ගත් ලකුණු 18 හැරෙන්නට අනෙක් එකඳු හෝ ක්‍රීඩිකාවක් හට ලකුණු 8 සීමාව ඉක්මවා යන්නට ඉනෝශි ප්‍රනාන්දු (3/18) සහ ඉනෝකා රණවීර (3/18) ඇතුළු Greys ක්‍රීඩිකාවන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඊට අමතරව සඳනි තිවංකා සහ ඉමල්කා මෙන්ඩිස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. අවසානයේ දී Reds ක්‍රීඩිකාවන් හට පන්දුවාර 35කුත් පන්දු 4ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 81ක් පමණයි.

ලකුණු 82ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු Greysට ද එය පහසුවෙන් හඹා යාමට Reds කණ්ඩායම අවස්ථාව දුන්නේ නැහැ.

වමතින් වේගපන්දු යවන තාරිකා සෙව්වන්දි පළමු පන්දුවාරයේ පටන් ඊට අවශ්‍ය ජවය Reds වෙනුවෙන් ලබා දුන් අතර ආරම්භ කඩුල්ලේ සබඳතාවය එක් ලකුණකට සීමා කරමින් ඉමල්කා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දවා ගැනීමට තාරිකා සමත් වුනා.

ලකුණු 18කට කඩුලු 3ක් බිඳ වැටී තිබුණු අවස්ථාවේ දී Greys කණ්ඩායමේ මැදපෙළ පිතිකාරිණියන් වුනු හංසිමා කරුණාරත්න (ලකුණු 32*) සහ කෞශිනි නුත්‍යංගනා (ලකුණු 14) එක්ව මේ ඉලක්කය හඹා යාම වෙනුවෙන් අවශ්‍ය ස්ථාවරත්වය Greys ලකුණු සටහනට එක්කාසු කළා. අවසානයේ දී පන්දුවාර 31කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 7ක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තා.

පන්දු යැවීමේ මල්ශා ශෙහානි ලකුණු 8කට කඩුලු 3ක් දවාලීමට සමත් වුනා.

  • SLC Reds – 81 (35.4): ප්‍රසාදිනී වීරක්කොඩි 18, ඉනෝශි ප්‍රනාන්දු 3/18, ඉනෝකා රණවීර 3/18.
  • SLC Greys – 82/7 (31.5): හංසිමා කරුණාරත්න 32*, කෞශිනි නුත්‍යංගනා 14, මල්ශා ශෙහානි 3/08

Greys කණ්ඩායමට කඩුලු 3ක ජයක්

තරගාවලියේ පස්වැනි තරගය SLC Blues සහ SLC Reds අතර අනිද්දා (22) BRC ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟ රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<