අවිශ්ක ප්‍රනාන්දු නැවතත් විස්සයි විස්ස පිටියට

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

2118

ලබන වසරේ පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ Khulna Tigers කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ගිවිසුම් ගත කර ගෙන තිබෙනවා.

මාස 09කට පෙර පැවති ඔස්ට්‍රේලියා තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වීම නිසා අවිශ්ක ප්‍රනාන්දු හට ශල්‍යකර්මයක් කිරීමට සිදු වූ අතර එය නිසා ඔහුට දිගු කලක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වුනා.

Khulna Tigers විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම සිය කණ්ඩායමට එක් කර ගැනීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා පාකිස්තාන ක්‍රීඩකයින් වන Naseem Shah, Wahab Riaz සහ Azam Khan ඇතුළත්.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා මේ දින කිහිපය දී එක් වූ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා අවිශ්ක වන අතර පැතුම් නිස්සංක සහ ධනංජය ද සිල්වා මීට පෙර තරගාවලියට තෝරා ගෙන තිබුණා.

09 වැනි බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය ජනවාරි 06 සිට පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා කණ්ඩායම් 7ක් ඇතුළත්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<