Home Sinhala යොවුන් ක්‍රීඩකයෝ ටෙස්ට් තරගාවලිය ද ජය ගනී

යොවුන් ක්‍රීඩකයෝ ටෙස්ට් තරගාවලිය ද ජය ගනී

බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

893
බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවති යොවුන් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය තවත් දිනයක් ඉදිරිව තිබිය දී ම කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යෞවනයෝ අද (14) සමත් වුනා.

ඒ අනුව තරග 2කින් යුත් යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඊට පෙර දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය ද 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වීම කැපී පෙනුණා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් යෞවනයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට ලකුණු 127ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා යෞවනයෝ තම පළමු ඉනිමට ලකුණු 326ක් ලබා ගත්තා.

ලකුණු 199ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ සංචාරක යෞවනයෝ දෙවැනි දිනය අවසන් කරන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 251ක් ලකුණු පුවරුවට එක් කරමින්.

ඒ අනුව තරගයේ තෙවැනි දිනය වූ අද කොදෙව් පිතිකරුවෝ පිටියට පිවිසෙද්දී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 52ක් ඉදිරියෙන් සිටියා. ඊට තවත් ලකුණු 26ක් එක් වෙද්දී කොදෙව්වන්ගේ දෙවැනි ඉනිම නිමා කිරීමට ශ්‍රී ලංකා යෞවනයෝ සමත් වුනා. ඔවුන් ඒ සඳහා දිනයේ වැය කළේ පන්දු 35ක් පමණයි.

කොදෙව් ඉනිම වෙනුවෙන් පෙර දිනයේ දී නොදැවී ලකුණු 133ක් ලබා සිටි Jordan Johnson ඉනිම නිමා වන විට පන්දු 163කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 157ක් ලබා සිටියා.

දිනයේ දැවී ගිය කඩුලු 2 ම දුවද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූ අතර එහි දී පන්දු යැවූ විහස් තෙව්මික වැඩි වැඩ කොටසක් කළේ, පුලිඳු පෙරේරා සහ රුවිශාන් පෙරේරාගේ ද සහයෝගය ලබා ගනිමින්.

කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 277කට අවසන් වෙද්දී පන්දු යැවීමේ දී විහස් තෙව්මික ලකුණු 63කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඔහු පළමු ඉනිමේ දී ද ලකුණු 43කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූ අතර තරගයේ දී ලකුණු 106කට කඩුලු 8ක් දවා ගත්තා.

ඊට අමතර ව කවීෂ පියුමාල් සහ මල්ෂ තරුපති කඩුලු 2 බැගින් ද රුවිශාන් පෙරේරා කඩුල්ලක් ද දවා ගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 79ක හඹා යන ඉනිමක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිසියේ පුලිඳු පෙරේරා සහ සිනෙත් ජයවර්ධන. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව පන්දු 25ක දී ලකුණු 33ක් වෙද්දී නිමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වුනා.

ඒ වෙද්දී නායක සිනෙත් ජයවර්ධන පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 30ක් ලබා සිටියා.

අනතුරුව පිටියේ රැඳී සිටි ආරම්භක පිතිකරු පුළිඳු පෙරේරා (3) සහ පළමු ඉනිමේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුකරු වූ මල්ෂ තරුපති (2) ද අඩු ලකුණුවලට සීමා කිරීමට කොදෙව්වෝ සමත් වුනා.

තරගය අවසන් වන විට රුසඳ ගමගේ සහ රවිශාන් ද සිල්වා පිටියේ නොදැවී රැඳී සිටි අතර ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 80කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 42ක සබඳතාවක් එක් කළා.

එහි දී රුසඳ ගමගේ පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමගින් ලකුණු 21ක් ද සහ රවිශාන් ද සිල්වා පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් ද ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී  Isai Thorne සහ Tarrique Edward කඩුල්ල බැගින් දවා ගත්තා.

අවසන් තරගයේ වීරයා ලෙසින් විහස් තෙව්මික නම් කෙරුණ අතර තරගාවලියේ වීරයා ලෙසින් කොදෙව් ක්‍රීඩක Jordan Johnson නම් කෙරුණා.

  • බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම පන්දුවාර 36.4ක දී සියලුම දෙනා දැවී 127 (Stephan Pascal 28, Steve Wedderburn 24, Jordan Johnson 52, විහස් තෙව්මික 5/43, මල්ෂ තරුපති 3/16)
  • ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම පන්දුවාර 77.5ක දී සියලුම දෙනා දැවී 326 ( පුළිඳු පෙරේරා 41, රවිශාන් ද සිල්වා 43, රුසඳ ගමගේ 58, දිනුර කළුපහන 33, ශාරුජන් ශන්මුගනාදන් 36, මල්ෂ තරුපති 70, විහස් තෙව්මික නොදැවී 31, Isai Thorne 2/64,  Tarrique Edward 2/75, Nathan Sealy 4/82)
  • බටහිර ඉන්දීය 19න් පහළ කණ්ඩායම –දෙවැනි ඉනිම පන්දුවාර 68.5ක දී සියලුම දෙනා දැවී 277 (Stephan Pascal 25, Steve Wedderburn 37, Jordan Johnson නොදැවී 157, කවීෂ පියුමාල් 2/57, විහස් තෙව්මික 3/63, මල්ෂ තරුපති 2/51)
  • ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම –  දෙවැනි ඉනිම පන්දුවාර 18.4ක දී කඩුලු 3ක් දැවී 81 (සිනෙත් ජයවර්ධන 30, රුසඳ ගමගේ නොදැවී 21, රවිශාන් ද සිල්වා නොදැවී 17)

තරගයේ වීරයා – විහස් තෙව්මික

තරගාවලියේ වීරයා – Jordan Johnson

Result


Sri Lanka U19
326/10 (77.5) & 81/3 (18.4)

West Indies U19
127/10 (36.4) & 277/10 (68.5)

Batsmen R B 4s 6s SR
Stephan Pascal lbw b Vihas Thewmika 28 69 4 0 40.58
Steve Wedderburn c Pulindu Perera b Vihas Thewmika 24 45 3 0 53.33
Joshua Dorne run out (Sharujan Shanmuganathan) 3 10 0 0 30.00
Jordan Johnson c Pulindu Perera b Vihas Thewmika 52 49 6 2 106.12
Mavendra Dindyal c Sineth Jayawardena b Kaveesha Piyumal 0 12 0 0 0.00
Devonie Joseph st Sharujan Shanmuganathan b Vihas Thewmika 0 2 0 0 0.00
Nathan Sealy lbw b Malsha Tharupathi 2 9 0 0 22.22
Tarrique Edward c Sineth Jayawardena b Vihas Thewmika 0 6 0 0 0.00
Isai Thorne lbw b Malsha Tharupathi 1 16 0 0 6.25
Deshawn James c Rusanda Gamage b Malsha Tharupathi 0 1 0 0 0.00
Tamarie Redwood not out 0 1 0 0 0.00


Extras 17 (b 8 , lb 9 , nb 0, w 0, pen 0)
Total 127/10 (36.4 Overs, RR: 3.46)
Bowling O M R W Econ
Ruvishan Perera 5 3 9 0 1.80
Dinura Kalupahana 2 0 10 0 5.00
Kaveesha Piyumal 13 3 32 1 2.46
Vihas Thewmika 11.4 1 43 5 3.77
Malsha Tharupathi 5 1 16 3 3.20
Batsmen R B 4s 6s SR
Pulindu Perera run out (Devonie Joseph) 41 47 6 1 87.23
Sineth Jayawardena c Nathan Sealy b Deshawn James 0 8 0 0 0.00
Ravindu De Silva c Nathan Sealy b Isai Thorne 43 77 5 1 55.84
Rusanda Gamage lbw b Nathan Sealy 58 52 10 0 111.54
Dinura Kalupahana lbw b Nathan Edward 33 74 1 0 44.59
Sharujan Shanmuganathan lbw b Nathan Edward 36 105 2 0 34.29
Diniru Abeywickramasinghe c Devonie Joseph b Isai Thorne 1 4 0 0 25.00
Malsha Tharupathi c Nathan Edward b Nathan Sealy 70 49 6 4 142.86
Vihas Thewmika not out 31 38 3 0 81.58
Kaveesha Piyumal b Nathan Sealy 1 4 0 0 25.00
Ruvishan Perera lbw b Nathan Sealy 6 10 1 0 60.00


Extras 6 (b 1 , lb 4 , nb 1, w 0, pen 0)
Total 326/10 (77.5 Overs, RR: 4.19)
Bowling O M R W Econ
Isai Thorne 20 3 64 2 3.20
Deshawn James 10 2 39 1 3.90
Tarrique Edward 17 2 75 2 4.41
Nathan Sealy 20.5 1 82 4 4.00
Tamarie Redwood 8 1 53 0 6.62
Mavendra Dindyal 1 0 5 0 5.00
Jordan Johnson 1 0 3 0 3.00
Batsmen R B 4s 6s SR
Stephan Pascal c Sharujan Shanmuganathan b Kaveesha Piyumal 25 30 4 0 83.33
Steve Wedderburn c Sineth Jayawardena b Vihas Thewmika 37 84 4 1 44.05
Jordan Johnson not out 157 163 20 1 96.32
Mavendra Dindyal c Sharujan Shanmuganathan b Ruvishan Perera 15 39 1 0 38.46
Devonie Joseph c & b Vihas Thewmika 16 18 3 0 88.89
Joshua Dorne lbw b Malsha Tharupathi 16 35 2 0 45.71
Nathan Sealy c & b Vihas Thewmika 1 7 0 0 14.29
Tarrique Edward c Sharujan Shanmuganathan b Malsha Tharupathi 0 5 0 0 0.00
Isai Thorne lbw b Kaveesha Piyumal 1 9 0 0 11.11
Tamarie Redwood run out (Sharujan Shanmuganathan) 2 22 0 0 9.09
Deshawn James run out (Sharujan Shanmuganathan) 0 2 0 0 0.00


Extras 7 (b 0 , lb 6 , nb 1, w 0, pen 0)
Total 277/10 (68.5 Overs, RR: 4.02)
Bowling O M R W Econ
Kaveesha Piyumal 16 5 57 2 3.56
Vihas Thewmika 21.5 2 63 3 2.93
Sineth Jayawardena 8 1 31 0 3.88
Dinura Kalupahana 2 0 26 0 13.00
Malsha Tharupathi 12 2 51 2 4.25
Ruvishan Perera 9 0 43 1 4.78


Batsmen R B 4s 6s SR
Pulindu Perera run out (Nathan Sealy) 3 11 0 0 27.27
Sineth Jayawardena c Nathan Sealy b Isai Thorne 30 14 5 1 214.29
Malsha Tharupathi c Isai Thorne b Nathan Edward 2 7 0 0 28.57
Rusanda Gamage not out 21 43 3 0 48.84
Ruvishan Perera not out 17 37 1 0 45.95


Extras 8 (b 8 , lb 0 , nb 0, w 0, pen 0)
Total 81/3 (18.4 Overs, RR: 4.34)
Bowling O M R W Econ
Isai Thorne 6 1 29 1 4.83
Deshawn James 1 0 14 0 14.00
Tarrique Edward 6.4 0 16 1 2.50
Nathan Sealy 5 1 14 0 2.80



දෙස් – විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<