Home Sinhala ශ්‍රී ලංකා යෞවනයින්ගෙන් සාර්ථක ආරම්භයක්

ශ්‍රී ලංකා යෞවනයින්ගෙන් සාර්ථක ආරම්භයක්

බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

1473
West Indies U19 Tour of Sri Lanka 2023

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි යොවුන් ටෙස්ට් තරගය අද (12) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 127කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුනා.

කොදෙව් කණ්ඩායමට අවශ්‍ය ආරම්භය ලබා දෙමින් පළමු කඩුල්ල සඳහා Stephan Pascal එක්ව ලකුණු 57ක සම්බන්ධතාවක් ගොඩ නැගීමෙන් අනතුරුව Steve Wedderburn ලකුණු 24කට විහස් තෙව්මිකගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

ලකුණු 3ක් ලබා සිටි Joshua Dorne දුවද්දී දැවී යාමක් නිසා පිටියෙන් ඉවත් වෙද්දී, ආරම්භක පිතිකරු Stephan Pascal ලකුණු 28ක් ලබා සිටිය දී දවා ගැනීමට විහස්ට හැකි වුනා.

Mavendra Dindyal සහ Devonie Joseph ලකුණු ලබා ගැනීමට පෙරම පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වූ අතර නායක Nathan Sealyට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු දෙකක් පමණයි.

කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Jordan Johnson ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වූ අතර අනෙක් කිසිදු පසු පෙළ පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ හැකි වුනේ නැහැ.

පන්දු යැවීමේ දී අගනා දස්කම් පෙන්නුම් කළ විහස් තෙව්මික ලකුණු 43කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර මල්ෂ තරුපති ලකුණු 13ක් තුළ කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස සිනෙත් ජයවර්ධන ලකුණු නොලබා දැවී ගියත්, දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 51ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසු පුළිඳු පෙරේරා ලකුණු 41කට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වුනා.

රුසඳ ගමගේ සමඟ එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 72ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසු රවිශාන් ද සිල්වා ලකුණු 43කට දැවී ගිය අතර අගනා අර්ධ ශතකයක් ලබා ගත් රුසඳ ගමගේ ලකුණු 53ක් රැස් කළා.

දිනය අවසන් වන විට නොදැවී ක්‍රීඩා කරන දිනුර කළුපහන නොදැවී ලකුණු 23ක් සහ ශරූජන් ශම්මුගනාදන් නොදැවී ලකුණු 21ක් ලබා සිටියා.

ඒ අනුව තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් කඩුලු 4ක් දැවී ලකුණු 191ක් ලබා ගෙන කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 64ක් පෙරමුණේ පසුවනවා.

Result


Sri Lanka U19
326/10 (77.5) & 81/3 (18.4)

West Indies U19
127/10 (36.4) & 277/10 (68.5)

Batsmen R B 4s 6s SR
Stephan Pascal lbw b Vihas Thewmika 28 69 4 0 40.58
Steve Wedderburn c Pulindu Perera b Vihas Thewmika 24 45 3 0 53.33
Joshua Dorne run out (Sharujan Shanmuganathan) 3 10 0 0 30.00
Jordan Johnson c Pulindu Perera b Vihas Thewmika 52 49 6 2 106.12
Mavendra Dindyal c Sineth Jayawardena b Kaveesha Piyumal 0 12 0 0 0.00
Devonie Joseph st Sharujan Shanmuganathan b Vihas Thewmika 0 2 0 0 0.00
Nathan Sealy lbw b Malsha Tharupathi 2 9 0 0 22.22
Tarrique Edward c Sineth Jayawardena b Vihas Thewmika 0 6 0 0 0.00
Isai Thorne lbw b Malsha Tharupathi 1 16 0 0 6.25
Deshawn James c Rusanda Gamage b Malsha Tharupathi 0 1 0 0 0.00
Tamarie Redwood not out 0 1 0 0 0.00


Extras 17 (b 8 , lb 9 , nb 0, w 0, pen 0)
Total 127/10 (36.4 Overs, RR: 3.46)
Bowling O M R W Econ
Ruvishan Perera 5 3 9 0 1.80
Dinura Kalupahana 2 0 10 0 5.00
Kaveesha Piyumal 13 3 32 1 2.46
Vihas Thewmika 11.4 1 43 5 3.77
Malsha Tharupathi 5 1 16 3 3.20
Batsmen R B 4s 6s SR
Pulindu Perera run out (Devonie Joseph) 41 47 6 1 87.23
Sineth Jayawardena c Nathan Sealy b Deshawn James 0 8 0 0 0.00
Ravindu De Silva c Nathan Sealy b Isai Thorne 43 77 5 1 55.84
Rusanda Gamage lbw b Nathan Sealy 58 52 10 0 111.54
Dinura Kalupahana lbw b Nathan Edward 33 74 1 0 44.59
Sharujan Shanmuganathan lbw b Nathan Edward 36 105 2 0 34.29
Diniru Abeywickramasinghe c Devonie Joseph b Isai Thorne 1 4 0 0 25.00
Malsha Tharupathi c Nathan Edward b Nathan Sealy 70 49 6 4 142.86
Vihas Thewmika not out 31 38 3 0 81.58
Kaveesha Piyumal b Nathan Sealy 1 4 0 0 25.00
Ruvishan Perera lbw b Nathan Sealy 6 10 1 0 60.00


Extras 6 (b 1 , lb 4 , nb 1, w 0, pen 0)
Total 326/10 (77.5 Overs, RR: 4.19)
Bowling O M R W Econ
Isai Thorne 20 3 64 2 3.20
Deshawn James 10 2 39 1 3.90
Tarrique Edward 17 2 75 2 4.41
Nathan Sealy 20.5 1 82 4 4.00
Tamarie Redwood 8 1 53 0 6.62
Mavendra Dindyal 1 0 5 0 5.00
Jordan Johnson 1 0 3 0 3.00
Batsmen R B 4s 6s SR
Stephan Pascal c Sharujan Shanmuganathan b Kaveesha Piyumal 25 30 4 0 83.33
Steve Wedderburn c Sineth Jayawardena b Vihas Thewmika 37 84 4 1 44.05
Jordan Johnson not out 157 163 20 1 96.32
Mavendra Dindyal c Sharujan Shanmuganathan b Ruvishan Perera 15 39 1 0 38.46
Devonie Joseph c & b Vihas Thewmika 16 18 3 0 88.89
Joshua Dorne lbw b Malsha Tharupathi 16 35 2 0 45.71
Nathan Sealy c & b Vihas Thewmika 1 7 0 0 14.29
Tarrique Edward c Sharujan Shanmuganathan b Malsha Tharupathi 0 5 0 0 0.00
Isai Thorne lbw b Kaveesha Piyumal 1 9 0 0 11.11
Tamarie Redwood run out (Sharujan Shanmuganathan) 2 22 0 0 9.09
Deshawn James run out (Sharujan Shanmuganathan) 0 2 0 0 0.00


Extras 7 (b 0 , lb 6 , nb 1, w 0, pen 0)
Total 277/10 (68.5 Overs, RR: 4.02)
Bowling O M R W Econ
Kaveesha Piyumal 16 5 57 2 3.56
Vihas Thewmika 21.5 2 63 3 2.93
Sineth Jayawardena 8 1 31 0 3.88
Dinura Kalupahana 2 0 26 0 13.00
Malsha Tharupathi 12 2 51 2 4.25
Ruvishan Perera 9 0 43 1 4.78


Batsmen R B 4s 6s SR
Pulindu Perera run out (Nathan Sealy) 3 11 0 0 27.27
Sineth Jayawardena c Nathan Sealy b Isai Thorne 30 14 5 1 214.29
Malsha Tharupathi c Isai Thorne b Nathan Edward 2 7 0 0 28.57
Rusanda Gamage not out 21 43 3 0 48.84
Ruvishan Perera not out 17 37 1 0 45.95


Extras 8 (b 8 , lb 0 , nb 0, w 0, pen 0)
Total 81/3 (18.4 Overs, RR: 4.34)
Bowling O M R W Econ
Isai Thorne 6 1 29 1 4.83
Deshawn James 1 0 14 0 14.00
Tarrique Edward 6.4 0 16 1 2.50
Nathan Sealy 5 1 14 0 2.80



බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<