Home Sinhala දඹුල්ලේ වැස්සෙන් ශ්‍රී ලංකා බලාපොරොත්තු යට වෙන ලකුණු

දඹුල්ලේ වැස්සෙන් ශ්‍රී ලංකා බලාපොරොත්තු යට වෙන ලකුණු

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

385
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර පැවැත්වෙන සිව්දින තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගයේ තෙවැනි දිනය අද (7) දඹුල්ලේ දී නිමා වුනා.

දහවල් කාලයේ සිට ඇදහැලුණු වර්ෂාව නිසා අද දිනය තුල ක්‍රියාත්මක කිරීමට හැකි වුනේ පන්දුවාර 24කුත් පන්දු 5ක් පමණයි.

දිනය අවසන් වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන කොදෙව්වන් කඩුලු 3ක් දැවී ලකුණු 119ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 405ක් පසුපසින් සිටිමින්.

>>Photos – West Indies U19 tour of Sri Lanka 2023 – 1st Youth Test<<

තරගයේ තෙවැනි දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 432ට පිළිතුරු ලබා දෙමින් සිටි කොදෙව්වන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 27ක් ලබාගෙන සිටියා.

දිනයේ ක්‍රියාත්මක වුනු පළමු පන්දුවාරයේ දී ම Joshua Dorneගේ කඩුල්ල දවා ගත් වමතින් දඟපන්දු යවන විශ්ව ලහිරු ඉන් පන්දුවාර කිහිපයකට පසුව ලකුණු 11ක් ලබාගෙන සිටි Stephan Pascal ද දවා ගනිමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.

දිනයේ දිවා කාලය දක්වා ඉතාමත් හොඳින් තරගය ක්‍රියාත්මක වුනු අතර වමත් පිතිකරු Jordan Johnson සමඟ පිටියේ එක්වුණු Steve Wedderburn සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69*ක නොදැවුණු සබඳතාවයක් ගොඩනංවා තිබිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනා.

ඉන් අනතුරුව තරගය නැවත වරක් ආරම්භ කිරීමට නොහැකි වුනු අතර ඒ වන විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින Steve Wedderburn ලකුණු 28*ක් සහ Jordan Johnson ලකුණු 58*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටිනවා.

තෙවැනි දිනයේ නිමාව සටහන් වන විට විශ්ව ලහිරු කඩුලු 2ක් ද විහස් තෙව්මික එක් කඩුල්ලක් ද දවාගෙන දස්කම් අතරට පැමිණියා.

Result

Match drawn

Sri Lanka U19
432/8 (105) & 122/4 (25)

West Indies U19
309/10 (89.5)

Batsmen R B 4s 6s SR
Pulindu Perera c & b Nathan Sealy 71 66 8 2 107.58
Sineth Jayawardena c Tarrique Edward b Isai Thorne 34 34 7 0 100.00
Ravishan Nethsara b Isai Thorne 31 82 3 0 37.80
Rusanda Gamage b Tarrique Edward 7 20 0 0 35.00
Dinura Kalupahana not out 150 229 16 2 65.50
Sharujan Shanmuganathan c Jewel Andrew b Tarrique Edward 17 32 2 0 53.12
Vishwa Rajapakse c Nathan Edward b Tarrique Edward 9 23 2 0 39.13
Malsha Tharupathi c Reon Edwards b Joshua Dorne 65 58 8 2 112.07
Vihas Thewmika b Nathan Sealy 35 88 2 0 39.77
Vishwa Lahiru not out 0 1 0 0 0.00


Extras 13 (b 2 , lb 6 , nb 3, w 2, pen 0)
Total 432/8 (105 Overs, RR: 4.11)
Bowling O M R W Econ
Nathan Edward 17 0 80 0 4.71
Reon Edwards 11 2 62 0 5.64
Isai Thorne 22 5 58 2 2.64
Nathan Sealy 27 2 100 2 3.70
Tarrique Edward 23 0 99 3 4.30
Jordan Johnson 2 0 11 0 5.50
Joshua Dorne 3 0 14 1 4.67
Batsmen R B 4s 6s SR
Adrian Weir b Vihas Thewmika 15 15 2 1 100.00
Stephan Pascal lbw b Vishwa Lahiru 11 41 1 0 26.83
Joshua Dorne c Vishwa Rajapakse b Vishwa Lahiru 6 14 1 0 42.86
Jordan Johnson c & b Vihas Thewmika 149 207 11 2 71.98
Steve Wedderburn c Rusanda Gamage b Vihas Thewmika 41 104 2 1 39.42
Jewel Andrew b Malsha Tharupathi 8 30 1 0 26.67
Nathan Sealy c Malsha Tharupathi b Vishwa Lahiru 9 19 1 0 47.37
Nathan Edward lbw b Vihas Thewmika 36 83 4 0 43.37
Tarrique Edward c Vishwa Rajapakse b Vihas Thewmika 10 22 1 0 45.45
Reon Edwards not out 0 3 0 0 0.00
Isai Thorne lbw b Vihas Thewmika 0 1 0 0 0.00


Extras 24 (b 10 , lb 6 , nb 0, w 3, pen 5)
Total 309/10 (89.5 Overs, RR: 3.44)
Bowling O M R W Econ
Dinura Kalupahana 13 1 52 0 4.00
Vishwa Lahiru 24 8 61 3 2.54
Vihas Thewmika 28.5 4 78 6 2.74
Sineth Jayawardena 9 0 25 0 2.78
Vishwa Rajapakse 3 0 20 0 6.67
Malsha Tharupathi 12 0 42 1 3.50


Batsmen R B 4s 6s SR
Pulindu Perera c Nathan Sealy b Reon Edwards 13 18 1 0 72.22
Sineth Jayawardena c Jewel Andrew b Isai Thorne 0 2 0 0 0.00
Ravishan Nethsara c Mavendra Dindyal b Tarrique Edward 50 52 8 0 96.15
Rusanda Gamage b Nathan Sealy 7 10 0 0 70.00
Sharujan Shanmuganathan not out 26 46 2 0 56.52
Dinura Kalupahana not out 22 22 3 0 100.00


Extras 4 (b 2 , lb 2 , nb 0, w 0, pen 0)
Total 122/4 (25 Overs, RR: 4.88)
Bowling O M R W Econ
Isai Thorne 5 0 35 1 7.00
Reon Edwards 4 0 18 1 4.50
Nathan Sealy 8 1 26 1 3.25
Tarrique Edward 8 0 39 1 4.88



දෙරට අතර පැවති එක්දින තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා. පළමු සිව්දින තරගයේ සිව්වැනි සහ අවසන් දිනය හෙටයි (8). තරගාවලියේ සියලු තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<