IPL ගිය එංගලන්ත ක්රීඩකයින්ට නවසිලන්ත සංචාරය අහිමි වන ලකුණු

246

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වූ එංගලන්ත ක්‍රීඩකයින් නවසිලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දී විවේක ගැන්වීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

නවසීලන්තය හා එංගලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එළඹෙන ජුනි 2 වැනිදා ලන්ඩන් නුවර Lord ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

BBC වාර්තාවලට අනුව IPL 2021 තරගාවලියට සහභාගී වුණු ක්‍රීඩකයින් ඉක්මනින් ටෙස්ට් කණ්ඩායමට කැඳවා නවසීලන්ත සංචාරය ක්‍රීඩා කරවන්නට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය එතරම් උනන්දු වන්නේ නැහැ.

තවත් ක්‍රිකට් පුවත්:

Chris Woakes, Sam Curran, Moeen Ali, Jos Buttler, හා Jonny Bairstow යන එංගලන්ත ක්‍රීඩකයින් මෙවර IPL තරගාවලිය ක්‍රීඩා කළා. තරගාවලිය හදිසියේ කල් දැමීමෙන් අනතුරුව නැවතත් සිය මව් රට වෙත ගිය එංගලන්ත ක්‍රීඩකයින් මේ වන විට දින 10ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවක් ගත කරනවා. එම නිරෝධායනය මේ සති අන්තයේ දී නිමා වීමට නියමිතයි.

මේ සතිය මුල දී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරණ අධ්‍යක්ෂ Ashley Giles පවසා සිටියේ නවසීලන්ත සංචාරයට නවක මුහුණු කිහිපයක් එකතු වීමට ඉඩ ඇති බවයි.

IPL තරගාවලිය හදිසියේ අත්හිටුවීම නිසා එංගලන්ත ක්‍රීඩකයින් සියලු දෙනාම පාහේ කණ්ඩායමට තෝරා ගැනීමට අවස්ථාව තිබෙනවා. කෙසේ වුනත් Ashley Giles පවසා සිටියේ ක්‍රීඩකයින්ව හදිසියේ කණ්ඩායමට කැඳවා ගැනීමට කළමනාකාරිත්වය කටයුතු නොකරන බවයි.

එළඹෙන අගෝස්තු මාසයේ දී තරග පහකින් සමන්විත ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට ද කටයුතු සුදානම් කර තිබෙනවා.

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<