සඳුන්ගේ අර්ධ ශතකය බ. මධ්‍යම හමුවේ අපතේ යයි

391

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වයස අවුරුදු 19න් පහළ දක්ෂයන් සොයමින් සැරි සැරූ ගමනේ B කොටසේ කණ්ඩායම් අතර තරග අවසන් කරමින් අද (21) පැවති තරග අතුරින් ප්‍රබල දකුණු පළාත් කණ්ඩායමට එරෙහිව සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කිරීමට බස්නාහිර පළාත් මධ්‍යම ක්‍රීඩකයෝ සමත් වුනා. ඒ දකුණු පළාත් කණ්ඩායම කඩුලු 2කින් පරාජය කරමින්.

ඔවුන් ලැබූ එම ජයග්‍රහණයත් සමඟින් අවසන් මහා තරගයට සහභාගී වීමේ වරම් දිනා ගැනීමට ද බස්නාහිර මධ්‍යම ක්‍රීඩකයෝ සමත් වුනා. අවසාන මහා තරගය සඳහා A කාණ්ඩය නියෝජනය කරමින් සුදුසුකම් ලබා සිටින්නේ බස්නාහිර පළාත් උතුර කණ්ඩායමයි.

මධ්‍යම සහ වයඹ ක්‍රීඩකයෝ ජයග්‍රහණ වාර්තා කරති

වයස අවුරුදු 19න් පහළ දක්ෂයන් සොයමින් සැරි සැරූ ගමනේ A කොටසේ කණ්ඩායම් අතර තරග…

අද පැවති අනෙක් තරගය වූ  නැගෙනහිර පළාත සහ ඌව පළාත අතර තරගය වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් විසඳුමකින් තොරව නිමා වූ තරගයක් ලෙසින් ප්‍රසාද ලකුණු පුවරුවට එක් වුනා.

දකුණු පළාත හා බස්නාහිර පළාත මධ්‍යම අතර තරගය

කොළඹ CCC ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයේ දී කඩුලු 2ක විශිෂ්ට ජයක් ලබා ගැනීම බස්නාහිර මධ්‍යම පළාත් ක්‍රීඩකයෝ සමත් වුනත් තරගයේ කැපී පෙණෙන මෙහෙවරක් කිරීමට දකුණු පළාත් කණ්ඩායම නියෝජනය කරන සඳුන් මෙන්ඩිස් සමත් වුනා. තරගයෙන් ඔහුගේ කණ්ඩායම පරාජය වූවද තරගය පුරා ඔහු පෑ තුන් ඉරියව් දක්ෂතා කැපී පෙණුනා.

කාසියේ වාසිය දිනූ බස්නාහිර පළාත් මධ්‍යම ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු පළාත් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 179ක් ලබා ගත්තා. මෙම ඉනිමේ කැපී පෙණෙන ඉනිමක නිරත වූයේ සඳුන් මෙන්ඩිස්. ඔහු පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තා.

ඊට අමතර විනුර දුල්සර පන්දු 86කට මුහුණ දෙමින් ලකුණු 44ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් වේගපන්දු යැවූ කොළඹ නාලන්ද විද්‍යාලය නියෝජනය කරන චමිඳු විජේසිංහ ලකුණු 44කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතරව අශේන් ඩැනියෙල් කඩුලු 3ක් ද, සංතුශ් ගුණතිලක කඩුලු 2ක් ද දවා ගත්තා.

අර්ජුනගේ මුරණ්ඩුව චන්දිමාල්ගේ මුරණ්ඩුව

දෙදෙනාම ආනන්දීයන් ය. දෙදෙනාම මඳක් දැඩි ය. දෙදෙනාම පිටිය මැද උප්පරවැට්ටි දැමීම අතින් ඉදිරියෙන් ය.

පිළිතුරු ඉනිම පිටියට පිවිසි බස්නාහිර පළාත් මධ්‍යම ක්‍රීඩකයෝ පන්දුවාර 48.4ක් අවසානයේ දී ලකුණු 198ක් ලබා ගත්තා. ජයග්‍රාහී එම ඉනිමේ දී වැඩි වගකීමකින් කටයුතු කළේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ කළණ පෙරේරා සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ දුනිත් වෙල්ලාලගේ ය. ඔවුන් දෙදෙනා තරගය අවසානය දක්වා රැගෙන යද්දී කළණ පන්දු 16ක දී හතරේ පහර සහ හයේ පහර දෙක බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 33ක් ද, දුනිත් පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ද ලබා සිටියා.

ඊට පෙර එම ඉනිම වෙනුවෙන් සිතාර හපුහින්න සහ පසිඳු සූරියබණ්ඩාර ලකුණු 31 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන සඳුන් මෙන්ඩිස් ලකුණු 33කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

දකුණු පළාත් කණ්ඩායම; සියලුම දෙනා දැවී 197 (49.4) සඳුන් මෙන්ඩිස් 80, විනුර දුල්සර 44, නිපුන් මාලිංග 26, අශේන් ඩැනියෙල් 3/37, චමිඳු විජේසිංහ 4/44, සංතුශ් ගුණතිලක 2/14

බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම; කඩුලු 8ක් දැවී 198 (48.4) සිතාර හපුහින්න 31, කමිල් මිෂාර 25, පසිඳු සූරියබණ්ඩාර 31, ශෙනාල් දංගල්ල 24, කළණ පෙරේරා නොදැවී 33, දුනිත් වෙල්ලාලගේ නොදැවී 27, සඳුන් මෙන්ඩිස් 33/3

නැගෙනහිර පළාත සහ ඌව පළාත අතර තරගය

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය වර්ෂාව නිසා අතහැර දමන ලද තරගයක් සේ වාර්තා පොතට එක් වුනා. කාසියේ වාසිය දිනූ නැගෙනහිර පළාත් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 171ක් ලබා ගත්තා.

එම ඉනිමේ දී උහන මහා විද්‍යාලය නියෝජනය කරමින් කණ්ඩායමට එක්වූ කවිඳු ලක්ෂිත පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තේය. ඊට අමතරව නායක මිතිල චරිත් සහ ශිවොන් නිමන්ත ලකුණු 18 බැගින් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී චේතක දෙනුවන් ලකුණු 29කට කඩුලු 3ක් ලබා ගත් අතර රන්දුණු රංගනාත් කඩුලු 2ක් දවා ගත්තා.

චන්දිමාල්ගෙන් අභියාචනාවක්; තුන්වැනි ටෙස්ට් තරගයට අවසර?

පන්දුවේ ස්වභාවය වෙනස් කළා යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වරදකරු කළ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ…

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඌව පළාත් ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට ලැබුණේ පන්දු 13ක් පමණයි. කඩා වැටුණ වර්ෂාව නිසා තරගය එතැන් සිට නතර කිරීමට පිටියේ විනිසුරුවන් කටයුතු කළා. ඒ වෙද්දී ඌව පළාත් ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 13ක් ලබා සිටියා.

නැගෙනහිර පළාත් කණ්ඩායම; සියලුම දෙනා දැවී 171 (45.2) කවිඳු ලක්ෂිත 48, මිතිල චමිත් 18, ශිවොන් නිමන්ත 18, චේතක දෙනුවන් 3/29, රන්දුණු රංගනාත් 2/21

ඌව පළාත් කණ්ඩායම; කිසිවෙක් නොදැවී 13 (2.1)

හෙට දින ක්‍රිකට් කරළියේ පෙළහර පාන යොවුන් ක්‍රිකට් තරු සහභාගී වන අවසන් මහා තරගය මේ මස 23 වැනි සෙනසුරාදා කොළඹ CCC පිටියේ දී පැවැත්වීමට නියමිතයි.  

ඩයලොග් TV නාලිකා අංක 1, ඩයලොග් MyTV හා ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ එම තරගය සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න අප සමගම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<