Home Sinhala Nabiගේ ප්‍රහාරය පරාජය කරමින් ශ්‍රී ලංකාව සුපිරි 4ට

Nabiගේ ප්‍රහාරය පරාජය කරමින් ශ්‍රී ලංකාව සුපිරි 4ට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

688
Kasun Rajitha of Sri Lanka during the Asia Cup 2023 cricket match between Afghanistan and Sri Lanka held at the Gaddafi Stadium, Lahore, Pakistan on the 5th September, 2023. Photo by Yasir Nisar / Asian Cricket Council / Creimas

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද (5) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ලාහෝර් හිදී පැවැත්වුනා.

එහි දී උණුසුම් සටනකින් අනතුරුව ලකුණු 2කින් තරගය ජය ගත් ශ්‍රී ලංකාව සුපිරි 4 වටයේ සිය අසුන වෙන් කරගන්න සමත් වුනා

මේ තීරණාත්මක තරගය සඳහා කණ්ඩායම් දෙකම ඔවුන් බංග්ලාදේශයට එරෙහිව ජයග්‍රහණය කර තිබුණු කණ්ඩායම් දෙකම කිසිදු වෙනසක් සිදු නොකරමින් ඉදිරිපත් කර තිබුණා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්

ඇෆ්ගනිස්ථානය – Rahmanullah Gurbaz (wk), Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi (capt), Najibullah Zadran, Mohammad Nabi, Karim Janat,  Gulbadin Naib, Rashid Khan, Mujeeb Ur Rahman, Fazalhaq Farooqi 

ශ්‍රී ලංකාව – Pathum Nissanka, Dimuth Karunaratne, Kusal Mendis (wk), Sadeera Samarawickrama, Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka (capt), Dunith Wellalage, Maheesh Theekshana, Kasun Rajitha, Matheesha Pathirana

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ  කඩුලු 4ක් දැවී ලකුණු 288ක් ලබා ගැනීමට ඔවුන් සමත් වුනා.

දිමුත් සහ නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 62ක් තුල අගනා ලකුණු 63ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය ස්ථාවර කළා. ලකුණු 32ක් ලබා ගත් දිමුත්ගේ දැවී යාමෙන් පසුව ලකුණු 41ක් ලබාගෙන සිටි නිස්සංක දවා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුනේ ආරම්භක පිතිකරුවන් යුගලයම පන්දුවාර 15ක් තුල ක්‍රීඩාගාරයට හරවා යවමින්.

අවසන් එක්දින ඉනිම් කිහිපය පුරාවට පිතිකරුවෙක් ලෙස ලකුණු අතරට පැමිණීමට නොහැකි වුනු මෙන්ඩිස් සිය එක්දින ක්‍රිකට් දිවියේ 21 වැනි අර්ධ ශතකය වාර්තා කරගනිමින් ලකුණු 92ක් ලබා ගත්තා. පන්දු 84ක් තුල වාර්තා වුනු මෙන්ඩිස්ගේ ඉනිමට 4 පහර 6ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුනා.

ලකුණු 86කට කඩුලු 3ක් බිඳ වැටී තිබුණු ශ්‍රී ලංකා ඉනිම නැවත ගොඩනැංවීම වෙනුවෙන් පිටියට පිවිසි අසලංක සහ මෙන්ඩිස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු සටහන ස්ථාවර කළා. චරිත අසලංක ලකුණු 36යි.

අනතුරුව ශ්‍රී ලංකා කඩුලු 3ක් ලකුණු 39ක් තුල බිඳ වැටීම නිසා ශ්‍රී ලංකාව පවත්වා ගෙන ආ ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් අඩාල වුනා.

කෙසේ නමුත් මහීෂ් සමඟින් එක්වුණු දුනිත් වෙල්ලාලගේ සිය සටන අත්නොහරමින් පන්දු 63ක් තුල ලකුණු 64ක වේගවත් සහ අවශ්‍ය සබඳතාවයක් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවමින් ශ්‍රී ලංකාව සටන්කාමී ලකුණු 291ක් දක්වා රැගෙන ගියේ පන්දුවාර 50ම පිතිකරණයේ නිරත වෙමින්.

අවසානයේ දී වෙල්ලාලගේ නොදැවී ලකුණු 33*ක් ලබා ගන්නා විට, තීක්ෂණ ලකුණු 28ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Gulbadin Naib ලකුණු 60ක් තුල කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතරව Rashid Khan කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 292ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානයට ඉදිරි වටයට යාම වෙනුවෙන් මේ තරගයේ ජයම පමණක් ප්‍රමාණවත් වුනේ නැහැ. පන්දුවාර 37කුත් පන්දුවක් තුල මේ ඉලක්කය හඹා ගොස් හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගැනීම අනිවාර්ය වීම ඔවුන්ට තිබුණු අමතර පීඩනයක්.

ඔවුන්ගේ පළමු කඩුලු 3 ලකුණු 50 දී බිඳ වැටීමෙන් අනතුරුව Hashmatullah Shahidi සහ Rahmat Shah එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ඉනිම ස්ථාවර කළා.

Rahmat Shahගේ දැවී යාමට පසුව පිටියට අවතීර්ණ වුනු Mohammad Nabi පන්දු 32ක් තුල ලකුණු 65ක් ලබා ගත්තේ ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් දිවියේ වේගවත්ම අර්ධ ශතකය ද (පන්දු 24කදී) ලබාගෙනයි.

ඔහුගේ ඉනිම 4 පහර 5කින් සහ 6 පහර 5කින් වර්ණවත් වුනු අතර තීක්ෂණ ඔහුගේ තීරණාත්මක කඩුල්ල දවාගෙන ශ්‍රී ලංකාව නැවත තරගයට රැගෙන ආවා. Hashmatullah Shahidi ලකුණු 59යි.

පන්දු 47ක් තුල වාර්තා වුනු එම ලකුණු 80 වේගවත් සබඳතාවය ශ්‍රී ලංකාවේ සුපිරි 4 වටයේ බලාපොරොත්තු තරමක් පසුපසට ඇද දැමූ නමුත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අවසානය දක්වා දක්ෂ සහ සැලසුම්සහගත ලෙස ක්‍රීඩා කරමින් නොතිබූ තරග ජයක් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සටහන් කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව නොකඩවා එක්දින තරග 12ක් ජයගෙන තවදුරටත් සිය ජයග්‍රාහී අපරාජිත ගමන පවත්වා ගනිමින් සුපිරි 4 වටයට යාම කැපී පෙනෙනවා.

අවසානයේ දී ඇෆ්ගනිස්ථානය පන්දුවාර 37කුත් පන්දු 4ක් තුල සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 289ක් පමණයි. ඔවුන් පන්දුවාර 37කුත් පන්දුවක් තුල ලකුණු 292 ඉලක්කය හඹා ගියා නම් ඔවුන්ට ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට ඇද දමමින් සුපිරි 4 වටයට යාමට අවස්ථාව තිබුණා.

එසේම පන්දුවාර 37කුත් පන්දු 5ක් තුල ඔවුන් ලකුණු 295ක් (ලකුණු 291 සිට අවසන් පන්දුවට 4 පහරක්) ලබා ගත්තා නම් කණ්ඩායම් දෙකේම දල ලකුණු ලබා ගැනීම සමාන (NRR) සමාන වීමට තිබුණු නමුත් එය එසේ වීමට පෙර ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ක්‍රිකට් ඉතිහාසයට තවත් එක් අමතක නොවන තරග ජයග්‍රහණයක් එකතු කරමින්.

පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු 4ක් දවාගෙන දස්කම් දක්වන විට, මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබුණු මැදපෙළ කඩුලු 3ක් දවා ගත්තා.

Result


Afghanistan
289/10 (37.4)

Sri Lanka
291/8 (50)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Najibullah Zadran b Gulbadin Naib 41 40 6 0 102.50
Dimuth Karunaratne c Mohammad Nabi b Gulbadin Naib 32 35 6 0 91.43
Kusal Mendis run out (Rashid Khan) 92 84 6 3 109.52
Sadeera Samarawickrama c Rahmanullah Gurbaz b Gulbadin Naib 3 8 0 0 37.50
Charith Asalanka c & b Rashid Khan 36 43 2 1 83.72
Dhananjaya de Silva b Mujeeb ur Rahman 14 19 1 0 73.68
Dasun Shanaka b Rashid Khan 5 8 1 0 62.50
Dunith Wellalage not out 33 39 3 1 84.62
Mahesh Theekshana b Gulbadin Naib 28 24 2 1 116.67


Extras 7 (b 0 , lb 1 , nb 0, w 6, pen 0)
Total 291/8 (50 Overs, RR: 5.82)
Bowling O M R W Econ
Fazal Haq Farooqi 7 1 52 0 7.43
Mujeeb ur Rahman 10 1 60 1 6.00
Gulbadin Naib 10 0 60 4 6.00
Mohammad Nabi 10 0 35 0 3.50
Rashid Khan 10 0 63 2 6.30
Karim Janat 3 0 20 0 6.67


Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz c Kusal Mendis b Kasun Rajitha 4 8 1 0 50.00
Ibrahim Zadran b Kasun Rajitha 7 14 1 0 50.00
Gulbadin Naib lbw b Matheesha Pathirana 22 16 4 0 137.50
Rahmat Shah c Matheesha Pathirana b Kasun Rajitha 45 40 5 1 112.50
Hashmatullah Shahidi c Kasun Rajitha b Dunith Wellalage 59 66 3 1 89.39
Mohammad Nabi c Dhananjaya de Silva b Mahesh Theekshana 65 32 6 5 203.12
Karim Janat c Dimuth Karunaratne b Dunith Wellalage 22 13 1 2 169.23
Najibullah Zadran c Dushan Hemantha b Kasun Rajitha 23 15 1 2 153.33
Rashid Khan not out 27 16 4 1 168.75
Mujeeb ur Rahman c Sadeera Samarawickrama b Dhananjaya de Silva 0 3 0 0 0.00
Fazal Haq Farooqi lbw b Dhananjaya de Silva 0 3 0 0 0.00


Extras 15 (b 0 , lb 5 , nb 0, w 10, pen 0)
Total 289/10 (37.4 Overs, RR: 7.67)
Bowling O M R W Econ
Kasun Rajitha 10 0 79 3 7.90
Mahesh Theekshana 10 0 62 1 6.20
Dunith Wellalage 4 0 36 2 9.00
Matheesha Pathirana 10 0 63 1 6.30
Dasun Shanaka 2 0 32 0 16.00
Dhananjaya de Silva 1.4 0 12 2 8.57



2023 ආසියානු කුසලානය පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<