ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශූරතාවයට සියල්ල සූදානම්

322

ඩයලොග් ආසිආටා පී. එල්. සී. අනුග්‍රහයෙන් 13 වන වරටත් පැවැත්වෙන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ මාධ්‍ය හමුව ඊයේ (24) කොළඹ නවලෝක ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

විද්‍යාරතන, ද මැසනොද්, පද්මාවතී, කුරුවාමුල්ල හා ලුම්බිණි ශූරතා දිනයි

රාජකීය විද්‍යාලය විසින් 12 වැනි වරටත් සංවිධානය කරන ලද බස්නාහිර පළාත් වොලිබෝල් ..

මාධ්‍ය හමුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ වත්මන් සභාපති ධූරය දරන විදුලිබල හා පුනර්ජනනීය කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හා ඩයලොග් ආසිආටා පී. එල්. සී. හි සාමාන්‍යාධිකාරී – වෙළඳනාම සහ මාධ්‍ය හර්ෂ සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විය. ගම් නගර සිසාරා ඉහළ අවධානයක් යොමුවන මෙම අති දැවැන්ත තරගාවලිය අගෝස්තු මස දී ඇරඹීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව මෙහි දී දැනුම් දෙනු ලැබීය.

කොළඹ නවලෝක ශ්‍රවණාගාරයේ දී මාධ්‍ය හමුව පැවැත්විය.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන මෙම ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය අදියරෙන් අදියරට මාස 5ක කාලයක් පුරා ක්‍රියාත්මක වෙමින් දෙසැම්බර් මාසයේ දී අවසන් කිරීමට තීරණය කර ඇත. මෙම තරගාවලිය විවෘත හා වයස අවුරුදු 22න් පහළ ලෙස ප්‍රධාන අංශ දෙකක් යටතේ පැවැත්වෙන අතර ඒ ඒ අංශ යටතේ පිරිමි හා කාන්තා දෙපාර්ශවයෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදීමට නියමිතයි. තරගාවලියේ පළමු අදියර දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පැවැත්වෙන අතර අනතුරුව පිළිවෙළින් ජාතික මට්ටමේ තරග හා අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

මාධ්‍ය හමුව  ආරම්භ කරමින් මෙරට වොලිබෝල් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා කැපවී කටයුතු කළ හා තවමත් එම කටයුතු වල නිරත වන පුද්ගලයින් තිදෙනෙකු සඳහා උපහාර ප්‍රදානෝත්සවයක් පැවැත්විය. එහි දී නිමල් එස්. පෙරේරා, නලින් සම්පත් හා චිත්තධම්ම රත්නමුදලි යන මහත්වරුන් උපහාර වලින් පිදුම් ලැබීය.

වමේ සිට දකුණට පිළිවෙළින් නිමල් එස්. පෙරේරා, නලින් සම්පත් හා චිත්තධම්ම රත්නමුදලි යන මහත්වරුන් අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මැතිතුමාගෙන් උපහාර ලබමින්

මෙම තරගාවලිය සම්බන්ධයෙන් ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා මෙසේ අදහස් ප්‍රකාශ කළේය.  

ජාතික ක්‍රීඩාවෙන් ආසියාව ජය ගැනීමට බහරේන් යන ශ්‍රී ලංකා යෞවනයන්

ආසියානු කනිෂ්ඨ (පිරිමි) වයස අවුරුදු 20න් පහළ වොලිබෝල් තරගාවලිය මෙවර බහරේන්..

“ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය යනු බිම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා දැවැන්ත පරාසයක සහභාගීත්වයක් සහිත මෙරට දැවැන්තම තරගාවලියයි. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල්, මෙරට ප්‍රජාව ඇඳබැඳ තබා ගත් ක්‍රීඩාවක්. කොළඹ රාජකීය විද්‍යාලයේ සිට ඈත එපිට ගම්මානයන්හී පාසල් වලත් ක්‍රීඩා කරන ක්‍රීඩාවක් තමයි වොලිබෝල් කියන්නේ. මං දැකලා තියෙනවා ධීවර ගම්මාන වල වෙසෙන ළමයින් වොලිබෝල් ක්‍රීඩා කිරීමට දැලක් නොමැති විට මාළු දැලක් යොදාගෙන ක්‍රීඩා කරනවා. ළමයින්ට වගේම ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් අවශ්‍ය පහසුකම් සලසා දෙමින් ජාතික ක්‍රීඩාව ඔප්නංවා 2018 වසර රන් අකුරින් ලිවීමට අපි කටයුතු කරනවා.”

ඩයලොග් ආසිආටා හී සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක මහතා ද මෙම තරගාවලිය සම්බන්ධයෙන් තම අදහස් මෙසේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

“මෙරට ජාතික ක්‍රීඩාව වෙනුවෙන් නැවත වරක් දායකත්වය සපයමින් අඛණ්ඩ 13 වැනි වසරටත් රැඳී සිටීමට හැකි වීම සතුටට කරුණක්. ජනාධිපති රන් කුසලාන තරගාවලිය යනු ශ්‍රී ලංකාවේ සෑම දෙසින්ම කණ්ඩායම් ඇදී එන ඉසව්වක්. මෙවර තරගාවලියට සහභාගී වන සියලු කණ්ඩායම් වලටත් එසේම සාර්ථක තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයටත් මම සුබ පතනවා.”

>> 20න් පහල ක්‍රීඩකයින් තරග දෙකක් ජය ගනී

මෙරට වැඩිම කණ්ඩායම් සහභාගීත්වයක් ලැබෙන මෙම තරගාවලිය සඳහා මෙවර ද කණ්ඩායම් 4000ක් ඇතුළුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 48,000කට අධික සහභාගීත්වයක් දැකිය හැකිය. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය සඳහා ඩයලොග් ආසිආටා සමාගම අනුග්‍රහය දක්වන්නේ අඛණ්ඩ 13 වැනි වසරට වීම කැපී පෙනෙන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සම්පාදක වන ඩයලොග් ආසිආටා සමාගම රටේ ජාතික ක්‍රීඩාව සඳහා ලබා දෙන අනුග්‍රහය දෙවැනි දශකය කරා ද අතිසාර්ථකව ගමන් කරමින් සිටීම අගය කළ යුතුය.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<