දකුණු අප්‍රිකානු ලෝක කුසලාන සංචිතය නම් කරයි

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

1954
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

ඔක්තෝබර් මාසයේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන දකුණු අප්‍රිකානු සංචිතය අද (05) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

පහළොස් දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි එක්දින නායක Temba Bavuma හට හිමිව තිබෙනවා. මෙම සංචිතයට මෙම වසරේ එක්දින වරම් දිනා ගත් Gerald Coetzee ඇතුළත් වන අතර ඔහු එම තරගාවලියේ තරග දෙකක් තුළ කඩුලු පහක් දවා ගැනීමට සමත් වුනා.

මෙම සංචිතයේ පිතිකරණ බළඇණිය සඳහා අත්දැකීම් බහුල පිතිකරුවන් වන Quinton de Kock, Reeza Hendricks, Heinrich Klaasen, Aiden Markram, David Miller සහ  Rassie van der Dussen ඇතුළත් වෙනවා.

Kagiso Rabada, Anrich Nortje සහ Lungi Ngidi දකුණු අප්‍රිකා වේග පන්දු යැවීමේ බළඇණිය සවිමත් කරන අතර දඟ පන්දු යවන්නන් ලෙස Keshav Maharaj සහ Tabraiz Shamsi කණ්ඩායම නියෝජනය කරනවා.

දකුණු අප්‍රිකාව ලෝක කුසලානය ආරම්භ කරමින් ඔක්තෝබර් 07 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව තරග වැදීමට නියමිත අතර පුහුණු තරගවල දී ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය සමඟ තරග වැදීමට නියමිතයි.

  • ලෝක කුසලානය සඳහා නම් කළ දකුණු අප්‍රිකා සංචිතය: Temba Bavuma (c), Gerald Coetzee, Quinton de Kock, Reeza Hendricks, Marco Jansen, Heinrich Klaasen, Sisanda Magala, Keshav Maharaj, Aiden Markram, David Miller, Lungi Ngidi, Anrich Nortje, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සඳහා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<