ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් මුල් පුටුවේ වෙනසක්

68
Thilak Watthuhewa

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ 71 වැනි මහ සභා රැස්වීමේ පසුගිය දා බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවති අතර එහි දී එම සංගමයේ නව සභාපතිවරයා ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා තේරී පත් විය.

Tier B තරග 5න් හතරක් පූර්ණ ඵල නෙලා දෙමින් අවසන් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දේශීය පළමු පෙළ Tier B ක්‍රිකට් තරගාවලියේ තවත් තරග

හිටපු උපසභාපතිවරයකු වන තිලක් මහතා සභාපති ධූරය සඳහා තේරී පත් වූයේ වැඩි ඡන්ද 108කින් අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහලේ විදුහල්පති ජගත් සේනාරත්න මහතා පරාජය කරමිනි. එහි දී තිලක් මහතාට ඡන්ද 166ක් ද, ජගත් මහතාට ඡන්ද 58ක් ද හිමි විය. 

හිටපු ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා (ඡන්ද 70) පරාජය කරමින් සංගමයේ නව ලේකම්වරයා ලෙස තේරී පත්වීමට වයස අවුරුදු 19න් පහළ තරගාවලි ලේකම්වරයකු ලෙස කටයුතු කළ කෑගලු විද්‍යාලයේ ජේ. ඒ. කේ. එස්. ඉන්ද්‍රජිත් මහතා (ඡන්ද 135) සමත් විය.

කොළඹ අශෝක විද්‍යාලයේ ජාලිය ජයන්ත මහතා ඡන්ද 38ක් ලබා ගනිමින් එහි තෙවැනි ස්ථානයට පත් විය.

කොළඹ ලුම්බිණි විද්‍යාලයේ ඩී. එම්. රාජරත්න මහතා (ඡන්ද 40) සහ මහරගම ජනාධිපති විද්‍යාලයේ වසන්ත කාරියවසම් මහතා (ඡන්ද 28) පරාජය කරමින් මීගමුව සාන්ත පීතර විද්‍යාලයේ මංජුල වාස් මහතා (ඡන්ද 144) සංගමයේ නව භාණ්ඩාගාරිකවරයා ලෙස පත් විය.

සහකාර ලේකම් ධූරය සඳහා ඡන්ද වමිසීමක් නොපැවැත්වුණ අතර ඒ සඳහා හම්බන්තොට සූචි ජාතික පාසලේ ලලීන්ද්‍ර කුමාරසිරි මහතා නිතරගයෙන්ම තේරී පත් විය. 

බලංගොඩ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විද්‍යාලයේ ප්‍රදීප් කුමාර මහතා ඡන්ද 93ක් ලබා ගනිමින් උපභාණ්ඩාගාරික ධූරය සඳහා පත්වූ අතර ඔහු හමුවේ පරාජය වූ කොළඹ නාලන්දා විද්‍යාලයේ සමන් හෙට්ටිආරච්චි මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 52ක් පමණි.

1996 ලෝක කුසලාන ජය අරවින්දගේ ඇසින්!

1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස හඳුන්වන්න පුළුවන්. 1996 ලෝක කුසලානයේ

ඒ අනුව ඉදිරි වසරක කාලය සඳහා තේරී පත්වූ නව නිලධාරි මණ්ඩලය පහත පරිදි වේ,

  • සභාපති – තිලත් වත්තුහේවා මහතා (විදුහල්පති – කොළඹ නාලන්දා විද්‍යාලය)
  • ජ්‍යෙෂ්ඨ උපසභාපති – ඔෂාර පණ්ඩිතරන්ත මහතා (අධ්‍යාපන අමාත්‍යංශය)
  • උපසභාපතිවරු – හේමා ජයවර්ධන මහත්මිය (විදුහල්පතිණි – ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය), සුසන්ත මෙන්ඩිස් මහතා (විදුහල්පති – ගල්කිස්ස විද්‍යා විද්‍යාලය), ගාමිණී ජයවර්ධන මහතා (විදුහල්පති – ගාල්ල මහින්ද විද්‍යාලය), ජගත් සේනාරත්න මහතා (විදුහල්පති – අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය), නදිත් ජයවීර මහතා (විදුහල්පති – ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විද්‍යාලය)
  • ලේකම් – ජේ.ඒ.කේ.එස්. ඉන්ද්‍රජිත් මහතා (කෑගලු විද්‍යාලය )
  • භාණ්ඩාගාරික – මංජුල වාස් මහතා (මීගමුව සාන්ත පීතර විද්‍යාලය)
  • උප ලේකම් – ලලීන්ද්‍ර කුමාරසිරි මහතා (හම්බන්තොට සූචි ජාතික පාසල)
  • උප භාණ්ඩාගාරික – ප්‍රදීප් කුමාර මහතා (බලංගොඩ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විද්‍යාලය)  
  • තාක්ෂණික නිලධාරි – චමින්ද ද සිල්වා මහතා (හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<