වෙඩි ප්‍රහාර සමඟින් Messiට අනතුරු ඇඟවීමක්

589

නන්නාදුනන වෙඩික්කරුවන් කිහිපයක් විසින් සුපිරි ක්‍රීඩක Lionel Messiට අනතුරු ඇඟවීමක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Lionel Messiගේ බිරිඳ හිමිකාරිත්වය දරන Rosario හී පිහිටි සුපිරි වෙළඳසැලකට ඊයේ (02) වෙඩි ප්‍රහාර එල්ල වී තිබූ අතර එම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් විසින් Messiට පණිවිඩයක් ද තබා ගොස් තිබුණා.

Messi, අපි ඔබ එනතුරු බලා ගෙනයි ඉන්නේ. Javkin (Rosario හී නගරාධිපති) කියන්නේ මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක්, ඔහුට බැහැ ඔබව ආරක්ෂා කරන්න,” යැයි එම පණිවිඩයේ සඳහන් වුනා.

Messiගේ උපන් ගම වන Rosario හී පිහිටි මෙම වෙළඳසැලට වෙඩි ප්‍රහාර 14ක් පමණ එල්ල වූ බවත්, එය සිදුව ඇත්තේ අලුයම් කාලයේ නිසා වෙඩි ප්‍රහාර එහි ආරක්ෂක දොරටුවට වැදී ඇතැයි ද මාධ්‍ය වාර්තා කළා.

නත්තල් නිවාඩුව ගත කිරීම සඳහා Messi, වෙඩි තැබීම සිදු වූ ප්‍රදේශයට ගොස් තිබූ අතර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ද ඔහු සිය උපන් ගමෙ සංචාරය කර තිබෙනවා.

වර්තමානයේ ප්‍රංශ ලීගයේ ප්‍රබල PSG කණ්ඩායම නියෝජනය කිරීම නිසා Messi බොහෝ කලක් සිය මව් රටින් ඈත්ව වාසය කරන අතර තවමත් මෙම සිදුවීම පිළිබඳව ඔහු කිසිදු අදහසක් දක්වා නැහැ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<