නව පාපන්දු සභාපතිට අතුරු තහනම් නියෝගයක්

288

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස තේරී පත් වූ ශ්‍රී රංගා මහතාට සිය රාජකාරි කටයුතු වල නිරත වීම වළකාලමින් තාවකාලික අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය විසින් අද (18) නිකුත් කළා.

හිටපු පාපන්දු සම්මේලනයේ සභාපති Jaswar Umair මහතා ගොනු කළ අභියාචනාවක් සැලකිල්ලට ගනිමින් මෙම තාවකාලික අතුරු තහනම් නියෝගය ලබා දී ඇති අතර එය හෙට දින දක්වා ක්‍රියාත්මක වනවා.

පසුගිය සෙනසුරාදා පැවති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සඳහා තමාට ඉදිරිපත් වීමට තිබූ අවස්ථාව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අහිමි කළ බව හිටපු පාපන්දු සභාපතිවරයාගේ චෝදනාව වී තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තමන්ට අසාධාරණයක් සිදු කළ බව සඳහන් කරමිනුයි ඔහු ඊයේ (17) සවස මෙම අභියාචනාව ඉදිරිපත් කර තිබෙන්නේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශ්‍රී රංගා මහතා පසුගිය සතියේ පැවති පාපන්දු නිලවරණයේ දී නව පාපන්දු සභාපතිවරයා ලෙස පත්ව තිබුණා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<