2022 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා Messi!

The Best FIFA Football Awards

270
Messi awarded as best fifa player of 2022

Kylian Mbappe, Karim Benzema වැනි නම් පරදවමින් 2022 වසර වෙනුවෙන් FIFA හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ආජන්ටිනාවේ Lionel Messi විසින් සමත් වුනා.

ඊයේ (27) පැවැත්වුණු මෙම FIFA සම්මාන උළෙලේ දී සිය Paris Saint – Germain කණ්ඩායම් සගයා මෙන්ම, ලෝක කුසලාන අවසන් මහා තරගයේ සිය ප්‍රබලතම ප්‍රතිවාදියා ද වූ Kylian Mbappe මෙන්ම, පසුගිය වසරේ Ballon d’Or සම්මානයෙන් පිදුම් ලද Karim Benzemaව ද අබිබවා යමින් Messi විසින් දෙවැනි වරටත් මෙම සම්මානය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

2016 වසරේ පටන් ප්‍රදානය කිරීම ආරම්භ වුනු මෙම සම්මානය මේ වන දෙවතාව බැගින් දිනා ගැනීමට Messiට අමතරව, Cristiano Ronaldo සහ Robert Lewandowski දෙදෙනා සමත් වී තිබෙනවා.

එමෙන්ම Messi විසින් තෙවරක් මෙහි දෙවැනි ස්ථානය දිනා ගැනීමට ද සමත් වී තිබෙනවා.

මෙම සම්මානය ලබා දීම සඳහා ජාතික කණ්ඩායම් පුහුණුකරුවන්, නායකයින්, මාධ්‍යවේදීන් මෙන්ම ක්‍රීඩා රසිකයින් විසින් ඡන්දය ප්‍රකාශ කරනු ලබන අතර, නිමා වූ පාපන්දු ලෝක කුසලානය ආජන්ටිනාව වෙත දිනා දීම වෙනුවෙන් Messi දැක්වූ විශිෂ්ට දස්කම් මෙම සම්මානය ලැබීමට ප්‍රධානතම හේතුව බව සඳහන් කළ හැකියි.

නිමා වූ පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ද ගෝල ද්විත්වයක් රැස් කිරීමට සමත් වූ Messi එම තරගාවලියේ දී සමස්ත ගෝල හතක් රැස් කිරීමට සමත් වුනා.

ඊයේ පැවැත්වුණු සම්මාන ප්‍රදානෝත්සවයේ දී ලබා දුන් සම්මාන සහ ජයග්‍රාහකයින් ලැයිස්තුව මෙසේයි,

  • Alexia Putellas – Best FIFA Women’s Player (හොඳම ක්‍රීඩිකාව)
  • Argentina – FIFA Fan Award 2022 (රසික සම්මානය)
  • Luka Lochoshvili – FIFA Fair Play Award
  • Lionel Scaloni – FIFA Men’s Coach 2022 (හොඳම පුහුණුකරු)
  • Sarina Wiegman – FIFA Women’s Coach 2022 (හොඳම පුහුණුකාරිණිය)
  • Marcin Oleksy – The FIFA Puskas Award (Best goal – හොඳම ගෝලය)
  • Emiliano Martinez – FIFA Men’s Goalkeeper Award 2022 (ගෝල රකින්නා)
  • Mary Earps – FIFA Women’s Goalkeeper 2022 (ගෝල රකින්නිය)

දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<