දක්ෂතා අතර නොසිටි ජ්‍යෙෂ්ඨයින් දෙදෙනෙකු යලි ටෙස්ට් සංචිතයට

4996
Mahmudullah, Rubel Hossain

COVID-19 වසංගතයේ බලපෑම නිසාවෙන් අතහැර දැමුණු බංග්ලාදේශ-සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලිය සඳහා නම් නොකෙරෙනු ක්‍රීඩකයින් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරග සංචාරය සඳහා සංචිතය වෙත ඇතුළත් කිරීමට බංග්ලාදේශ  තේරීම් කමිටුව කටයුතු කොට තිබේ.

ඒ අනුව එම වරම උදා වී තිබෙන්නේ කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන රුබෙල් හුසේන් සහ මහමදුල්ලා රියාස් හටයි. මහමදුල්ලා හට ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරග 4 තුල දී දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට අවසර නොලැබුණේ පිතිකරුවෙකු වශයෙන් කණ්ඩායමේ ඔහුගේ ස්ථානය අහිමි වී යාමේ අවදානමක් ද ඉස්මතු කරමිනි.

ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ පන්දු 4000කට වැඩි සංඛ්‍යාවක් යැවූ පන්දු යවන්නන් අතරින් පන්දු යැවීමේ සාමාන්‍ය ඉහළම අගයක් ගන්නා ක්‍රීඩකයා වශයෙන් කළු පැල්ලමක් තම ක්‍රීඩා දිවියට එකතුකොට ගෙන ඇති රුබෙල් හුසේන් හට ද කණ්ඩායමේ තමන්ට හිමි ස්ථානය යලි හිමි කරගැනීමට නම් ඔහුගේ  සුපුරුදු දක්ෂතා අතරට පැමිණීම අත්‍යාවශ්‍ය වේ.

තවත් ක්‍රිකට් පුවත්:

බංග්ලාදේශ කණ්ඩායම මේ දිනවල පුහුණුවීම් කටයුතු යලි ආරම්භ කරමින් පුහුණු සැසිවාර කිහිපයක්ම ෂෙර්-ඒ-බංග්ලා ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් ජෛව-ආරක්ෂණ ක්‍රියාපිළිවෙත් යටතේ ක්‍රියාත්මක කෙරුණු නමුත් ආරම්භ පිතිකරු සයිෆ් හසන් හට COVID-19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම සංචිතයේ සෙසු ක්‍රීඩකයින්ගේ ද සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් මේ වන විට ගැටලුකාරී තත්වයක් පැන නැඟී ඇති බව සඳහන් වේ. 

සිදු කරන ලද PCR පරීක්ෂණ දෙකෙහි ප්‍රතිඵලවලට අනුව ඔහුට නව කොරෝනා වයිරසය වැළඳී ඇති බව වෛද්‍යවරුන් නිගමනය කර තිබේ. ඒ අනුව මෙම සතිය අවසන් වීමට මත්තෙන් ඔහුව තවත් PCR පරීක්ෂණයකට භාජනය කිරීමට අපේක්ෂා කරන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සඳහන්කොට තිබුණි.

තෝරාපත් කරගෙන ඇති ක්‍රීඩකයින් 27දෙනා අතරට නවක ක්‍රීඩකයින් 9දෙනෙකුගේ නම් ඇතුලත්ව තිබීම කැපී පෙනේ. ඔවුන් අතරින් සීමිත පන්දුවාර තරගයන්හී තම හැකියා දක්ෂතා මැනවින් ප්‍රදර්ශනය කළ මොහොමඩ් සයිෆුදීන් හට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමි වීමේ වැඩි ඉඩකඩක් පවතිනු ඇතැයි ක්‍රිකට් විචාරකයින් මත පළ කර සිටියි. 

ඔහුට අමතරව මැදපෙළ පිතිකරණ බලඇණිය සවිබල ගැන්වීම සඳහා මොසදික් හුසේන් ද, ආරම්භක පිතිකරු භූමිකාව රඟ දැක්වීම සඳහා ඉම්රුල් කයිස් සහ ෂද්මාන් ඉස්ලාම් ද කණ්ඩායමේ දොරටු විවෘත කරගෙන තිබේ. කඩුලු රකින ක්‍රීඩක නුරුල් හසන් සමඟින් පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීම සඳහා සුන්සමුල් ඉස්ලාම් සහ වේගපන්දු යවන ක්‍රීඩක ෂයිෆූල් ඉස්ලාම් කණ්ඩායමට පැමිණ තිබේ.

බංග්ලාදේශ සංචිතය: මොමිනුල් හක්, තමිම් ඉක්බාල්, මුෂ්ෆිකර් රහීම්, මහමදුල්ලා, ලිටන් දාස්, මෙහිදි හසන් මිරාස්, මොහොමඩ් මිතුන්, තයිජුල් ඉස්ලාම්, සෞම්‍ය සර්කාර්, අල් අමීන් හුසේන්, රූබෙල් හුසේන්, මුස්ටෆිසූර් රෙහ්මාන්, ඉමෘල් කයෙස්, ටස්කින් අහමඩ්, නුරුල් හුසේන්, ෂයිෆූල් ඉස්ලාම්, යසීර් අලී, නයීම් හසන්, අබු ජයේඩ්, එබාදත් හුසේන්, කලීඩ් අහමඩ්, නජ්මුල් හුසේන්, මොසදික් හුසේන්, හසන් මහමුද් මොහොමඩ් සයිෆුදීන්, සයිෆ් හසන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<