රුමේෂිකා සහ ජනක අර්ධ අවසන් සහ අවසන් වටවලට

317
Commonwealth Games

විස්එක් වැනි වරටත් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ අද (10) පැවති පිරිමි දුර පැනීම සහ මීටර 200 කාන්තා ඉසව්වල අවසන් හ අර්ධ අවසන් තරග වරම් දිනා ගැනීමට ශ‍්‍රී ලංකාව නියෝජනය කළ ජනක ප‍්‍රසාද් විමලසිරි සහ රුමේෂිකා රත්නායක සමත් වූහ.

මංජුල කුමාර උස පැනීමෙන් අවසන් වටයට

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි ක්‍රියාත්මක 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ..

තරගාවලිය ක්‍රියාත්මක ප‍්‍රධානතම ක්‍රීඩාංගණය වන කරාරා ක්‍රීඩාංගණයේ ප‍්‍රථමයෙන් පැවති දුර පැනීමේ මූලික වටයේ තරගයේ දී මීටර 7.84ක දක්ෂතාවයක් වාර්තා කරමින් අවසන් තරග වටයට ජනක තේරී පත්විය. බී කොටස යටතේ තරග වැදි ජනක ප‍්‍රසාද් ප‍්‍රථම ප්‍රයත්නය මීටර 7.56ක් ද, දෙවැනි ප්‍රයත්නය මීටර 7.70ක් ලෙස ද සටහන් කරගත්තේය. තෙවැනි ප්‍රයත්නයේ දී සිය උපරිමයටම ගිය ජනක ප‍්‍රසාද් එහි දී මීටර 7.84ක දුරක් වාර්තා කරමින් තරග වැදි කාණ්ඩයේ පස්වැනි ස්ථානයට තේරී පත්විය.

දක්වන ලද දක්ෂතාව හේතුවෙන් අවසන් තරග වරම් දිනා ගන්නා ලද 12 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩක ලැයිස්තුවේ 10 වැනි ස්ථානය ජනක ප‍්‍රසාද්ට හිමි වී තිබේ. එ් අනුව ඔහු සහභාගි වන අවසන් වටයේ තරගය හෙට (11) ශ‍්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4ට පැවැත්වෙනු ඇත.

ඊයේ දිනයේ පැවති දෙවැනි මලල ක්‍රීඩා ඉසව්ව වූ මීටර 200 කාන්තා ඉසව්ව නියෝජනය කරන ලද රුමේෂිකා රත්නායක ක්‍රීඩිකාව අදාළ ඉසව්ව තත්පර 23.43කින් නිමා කරමින් අර්ධ අවසන් තරග වටයට තේරී පත්වූවාය. රුමේෂිකාගේ පෞද්ගලික තරග නිමා කාලය 23.40ක් වුවත් මෙම ඉසව්වේ දී ඇය විසින් තත්පර 0.04ක අගයක් ප්‍රමාද වී වාර්තා කළාය.

දෙවැනි මූලික වටයේ තරගයේ දී 8 වැනි මං තීරුව යටතේ තරග වැදි රුමේෂිකා එම ඉසව්ව දෙවැනියට නිමා කළ අතර තත්පර 23.28කින් තරගය නිමා කළ එංගලන්ත ක්‍රීඩිකා අෂර් ස්මිත් ක්‍රීඩිකාව එහි පළමුවැනියා බවට පත්වූවාය.

එ් අනුව රුමේෂිකා රත්නායක තරග වැදීමට නියමිත අර්ධ අවසන් වටයේ තරග ඉසව්ව ද හෙට (11) ශ‍්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.40ට පැවැත්වෙනු ඇත.

5 වන දිනයේ ගිලිහුණු ජැමෙයිකානු ආධිපත්‍ය

5 වන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 21 වන ස්ථානය දක්වා පසු බැස..

මේ අතර ශ‍්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ඉසව් ආරම්භ කරමින් ඊයේ (09) පැවති උස පැනීමේ ඉසව්වෙන් තරග වැදුණු මංජුල කුමාර මූලික වටයේ තරගයේ දී මීටර 2.21ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් අවසන් තරග අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

මංජුල සහභාගි වන අවසන් තරග ඉසව්ව ද හෙට (11) ශ‍්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.35ට පැවැත්වෙනු ඇත. එ් අනුව ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වී මලල ක්‍රීඩා ඉසව්වෙන් මෙතෙක් තරග වැදි සියලූම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ වාර්තා කරමින් ඉදිරි තරග වටවලට සුදුසුකම් ලැබීම ද කැපී පෙනෙන සිදුවීමක් ලෙස සඳහන් කළ හැක.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<