ජාත්‍යාලයෙන් ඉන්දීය ක්‍රීඩකයා හැඟිම්බර වෙයි

224

ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරයේ තුන්වැනි ටෙස්ට් තරගය අද (07) සිඩ්නි හිදී ආරම්භ විය. තරගය ආරම්භ වීමට පෙර ඉන්දීය ජාතික ගීය ගායනා කරන අවස්ථාවේ දී ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Mohammed Siraj හැඟීම්බරව සිටින ආකාරය බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණි.

ඒ පිළිබඳව හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Wasim Jaffer සිය නිල Twitter ගිණුමේ සටහනක් ද තබා තිබුණි. ඔහු සිය සටහනේ දී හිටපු ඉන්දීය නායක Mahendra Singh Dhoni පිළිබඳව ද සටහන් කර තිබීම විශේෂත්වයකි.

මෙම සටහනේ දී Wasim Jaffer විසින් Mohammed Siraj සහ MS Dhoni දෙදෙනාම තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ දී සිය හැඟීම් පාලනය කරගැනීමට අසමත්ව ඇති බව පවසා තිබේ.

ඔහු මේ බව් සඳහන් කළේ Mohammed Sirajගේ ඡායාරූපයක් ද එක් කරමිනි.

මේ තරගයට ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සහය දෙන්න ප්‍රේක්ෂකයන් නැති වුනත් ඔබ ඉන්දියාවට ක්‍රීඩා කරන හැඟීම තරම් ප්‍රබල අභිප්‍රේරණයක් නැහැ. ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වරක් මේ ගැන කියලා තිබුණා. ඔබ ක්‍රීඩා කරන්නේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නෙමෙයි. ඔබ ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන්.”

Jaffer මෙම සටහනේ දී යොදා තිබූ ඔබ ක්‍රීඩා කරන්නේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නොවෙයි යන ප්‍රකාශය සිදු කර තිබුණේ MS Dhoni විසිනි.

2011 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරගයක දී දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීමෙන් අනතුරුව MS Dhoni මෙලෙස ප්‍රකාශ කර තිබුණි. එය 2011 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායම ලද එකම පරාජය විය. තරගාවලියේ ශූරතාව හිමි වූයේ ඉන්දීය කණ්ඩායමටය.

තවත් ක්‍රිකට් පුවත්:

වසර 28කට පසු ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක ශූරතාවය දක්වා මෙහෙයවීමට MS Dhoni සමත් විය. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි මේ වන විට පැතිර යන කොරෝනා වසංගතය හේතුවෙන් මෙම තරගාවලිය සඳහා ප්‍රේක්ෂක සහභාගීත්වය 25%කට අඩුකර තිබේ.

Mohammed Siraj හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දීය කණ්ඩායම පිවිසි අතර ඔහු ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් විය.

සිය පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු 5ක් දවා ගැනීමට ඔහු සමත් විය. ඒ පළමු ඉනිමේ දී කඩුලු දෙකක් සහ දෙවන ඉනිමේ දී කඩුලු තුනක් ලබා ගනිමිනි.

Mohammed Siraj ජාතික ගීය අතරතුර හැඟීම්බර වූ පළමු අවස්ථාව මෙය නොවේ. ඔහු ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පළමු විස්සයි විස්ස තරගය නියෝජනය කළ 2017 වසරේ දී ද ජාතික ගීය අතරතුර මෙලෙස හැඟීම්බර වීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණි. එම තරගය ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්තය අතර රාජ්කොට් හිදී පැවැත්විය.

වසර කීපයක් ඉන්දීය A කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමෙන් අනතුරුව Mohammed Siraj ඉන්දීය ජාතික කණ්ඩායමට පිවිසීමට සමත් විය.

අද (07) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ මුල් පන්දුවාර කීපය තුල දී ම ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරු David Warner දවාගැනීමට Mohammed Siraj සමත් විය.

වර්ශාවෙන් බාධා එල්ල වූ පළමු දිනයේ තේ පානය සඳහා තරගය නතර කරන විට ඕස්ට්‍රේලියා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 93ක් ලබාගෙන සිටියේය. නවක ක්‍රීඩකයා වූ Will Pukovski සිය මංගල අර්ධ ශතකය රැස් කරගැනීමට සමත්ව තිබුණි.

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<