“ලංකාව කියන්නේ වේගපන්දු යවන්නන්ට නරකම රටක් නෙවේ”

242

පසුගිය සතියේ එංගලන්ත වේගපන්දු යවන්නන් එංගලන්තයේ Loughborough හි අතිශයින් උණුසුම් කරන ලද ස්ථානයක පුහුණුවීම් කර තිබුණේ ගාලු ක්‍රීඩාංගණයේ අධික ආර්ද්‍රතාවට හා උණුසුමට මුහුණ දීමේ අරමුණිනුයි

මේ දිනවල එංගලන්තයේ උෂ්ණත්වය සෘණ අගයක් ගැනීම එංගලන්ත වේගපන්දු යවන්නන්ට හා ක්‍රීඩකයින්ට තරගාවලිය සඳහා සූදානම් වීමට දැඩි බාධාවක් වී තිබෙනවා. එංගලන්ත කණ්ඩායම පසුගිය 3 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි අතර හම්බන්තොට දී ඔවුන් පිළිගත්තේ සෞඛ්‍ය බලධාරීන් විසිනුයි.

“ඒක හරිම අමුතුයි” Anderson පසුගිය සඳුදා පවසා තිබුණා. “නමුත් අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරාම අපිට තේරුම් ගියා අපි ආරක්ෂිතයි කියලා. ශ්‍රී ලංකාවේ වාර්තා වෙලා තියෙන්නේ සාපේක්ෂව රෝගීන් බොහොම ටිකයි. ඔවුන් ගත හැකි සෑම පියවරක්ම ගන්නවා ආරක්ෂිතව ඉන්න, ඒ නිසා ගුවන්තොටුපොළේ දී ගත්ත ක්‍රියාමාර්ග ගැන අපිට තේරුම් ගන්න පුළුවන්.”

Andersonගේ 2003 ශ්‍රී ලංකා සංචාරය හා 2007 ශ්‍රී ලංකා සංචාරය එතරම් සාර්ථක වුනේ නැහැ. ඊට වසර පහකට පසුව Anderson එංගලන්ත වේගපන්දු බල ඇණියේ නායකයා ලෙස නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර ගාලු ටෙස්ට් තරගයේ දී ඔහු ලකුණු 72කට කඩුලු පහක් දවා ගත්තා.

මීට වසර දෙකකට පෙර පැවති සංචාරයේ දී Anderson නැවත වතාවක් දැඩි අර්බුදයකට මුහුණ දුන් අතර තණතිලි සියල්ල අතිශයින් දඟ කැවුණු පසුබිමක තරග දෙකක දී පන්දුවාර 41ක් යවා Anderson දවා ගත්තේ එක කඩුල්ලක් පමණයි.

“අවසන් සංචාරයන් දෙකේ දී නම් දඟපන්දු යවන්නන් තමා ගොඩක් සාර්ථක වුනේ” ඔහු පවසා සිටියා. “තණතිලි සියල්ල දඟපන්දු යවන්නන්ට හොඳින් ගැළපුණා. නමුත් අපිට හොඳ වේගපන්දු යවන්නන් සිටිනවා. ඔබට අවස්ථාව තිබෙනවා කඩුලු ගන්න. පසු දෝලනය තිබෙනවා, නව පන්දුව දෝලනය වෙනවා, මම ගාල්ලේ දී මීට කලින් සාර්ථක වෙලා තිබෙනවා. මම වගේම තව වේගපන්දු යවන්නන් ගාල්ලේ දී සාර්ථක වෙලා තියෙනවා. ගාල්ල වේගපන්දු යවන්නන්ට හිතන තරම් නරක නැහැ.”

තවත් ක්‍රිකට් පුවත්:

“ඊළඟ ටෙස්ට් තරග දෙකේ දී අපි ගොඩක් වැඩ කරන්න ලෑස්ති වෙන්න ඕනේ. අපිට පන්දු යවන්න වෙන්නේ පොඩි කාලසීමාවක පන්දුවාර කිහිපයක් විතරක් වෙන්න පුළුවන්. නමුත් කඩුලු ගන්න ඒ කෙටි කාලසීමාවේත් අවස්ථාව තිබෙනවා.”

එංගලන්තය සතුව මේ වන විට ඉතා ප්‍රබල ටෙස්ට් පන්දු යවන්නන් බල ඇණියක් සිටිනවා. Mark Wood, Olly Stone හා Jofra Archer අධික වේගයෙන් පන්දු යවන අතර Sam Curran වමතින් පන්දු යවමින් කණ්ඩායමට වෙනසක් එකතු කරනවා. Anderson, Stuart Broad හා Chris Woakes ඉලක්කයට පන්දු යවමින් හා ඔවුන්ගේ අත්දැකීම්වලින් කණ්ඩායම පෝෂණය කරද්දී Saqib Mahmood, Craig Overton හා Ollie Robinson ඉතා විශ්වාසදායී අතිරේක ක්‍රීඩකයින්.

“ක්‍රීඩකයින් ගොඩක් ඉන්න එක ඇත්තටම හොඳයි” Anderson පවසා සිටියා. “අපි දැකලා තියෙනවා සංචාරක කණ්ඩායම් ලෙස සාර්ථක වෙන්න නම් හොඳ පන්දු යවන්නන් බලඇණියක් අවශ්‍යම බව. ඕන කෙනෙකුට පුළුවන් වෙන්න ඕනේ කණ්ඩායමේ හිඩැස පුරවලා කණ්ඩායම වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කරන්න. ආබාධ හා විවේක ගැන්වීම් තියෙන්න පුළුවන්, අපිට ගොඩක් පන්දු යවන්නන් සිටිය යුතුයි. අපිට ඒ වාසිය තිබෙනවා. ඔවුන් සාර්ථක ලෙස ක්‍රීඩා කරනවා.”

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<