ක්‍රීඩක ක්‍රීඩිකාවන් 106 දෙනෙකුගෙන් සමන්විත ජාතික මලල ක්‍රීඩා සංචිතයක්

277

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය (AASL) විසින් ක්‍රීඩකයින් 106 දෙනෙකුගෙන් සමන්විත මලල ක්‍රීඩා ජාතික සංචිතයක් නම් කිරීමට කටයුතු කර ඇති අතර ඔවුන් ජාතික මෙන්ම ජාත්‍යන්තර තලය තුළ මෑත කාලයේ දී දැක්වූ දක්‍ෂතා පදනම් කරගෙන ඔවුන්ව තවදුරටත් සංචිත 3කට කාණ්ඩගත කර ඇත.

යුධ හමුදාව ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතාවලිය ජය ගනී

10 වන ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතාවලිය දින තුනක් පුරා කොළඹ සුගතදාස …

මේ ආකාරයට ක්‍රීඩකයින්ව සංචිත 3කට කාණ්ඩගත කර ඇත්තේ ලබන වසරේ නේපාලයේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු තරගාවලියේ දී සහ කටාර් හිදී පැවැත්වීමට නියමිත ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා පදක්කම් දිනා ගැනීමේ තත්වය දක්වා ඉහළ නැංවීමේ අපේක්ෂාවෙනි. ඒ අනුව ස්ථාපිත කර ඇති මෙම සංචිත ‘Super Pool’, ‘Elite Pool’ සහ ‘National Pool’ යනුවෙන් නම්කර ඇති අතර මේ වන විට පැවැත්වෙන කාණ්ඩ ලබන වසරේ පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත පළමු ජාතික තේරීමේ කටයුතු දක්වා වලංගු වනු ඇත.    

මෙම කාණ්ඩගත කිරීමේ ඉහළම කාණ්ඩය වන ‘Super Pool’ කාණ්ඩය සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 24 දෙනෙක් නම් කර ඇති අතර ඒ අනුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තලයේ තරගාවලි වලදී ශ්‍රී ලංකාවේ ඉහළම පදක්කම් බලාපොරොත්තු හොඹවන්නේ ඔවුන් ය. නම් කර ඇති අනෙක් කාණ්ඩ දෙක වන ‘Elite Pool’ කාණ්ඩය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21 දෙනෙකුගෙන් ද ‘National Pool’ කාණ්ඩය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 61 දෙනෙකුගෙන් ද සමන්විත වේ.

ඉහළ දක්‍ෂතා දක්වමින් ලෝක ශ්‍රේණිගත කිරීම් අතරට එක්වීමට සමත් වූ කනිෂ්ඨ සහ තරුණ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මේ සඳහා ඇතුළත් කර තිබීම අතිශය වැදගත් වන අතර ඔවුන් හට අනාගතයේ දී ජාත්‍යන්තර තලය තුළ ඉහළ දක්‍ෂතා දැක්වීමට මේ හරහා අඩිතාලම සැකසෙනු ඇත. ඒ අනුව විශිෂ්ට දක්‍ෂතා දක්වමින් ලෝක කනිෂ්ඨ හා යොවුන් මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් වල ඉහළ ස්ථාන හිමිකර ගනිමින් ‘Super Pool’ කාණ්ඩය සඳහා තේරීපත්වී ඇති යොවුන් ක්‍රීඩකයින් දෙපළ වන්නේ උස පැනීමේ ඉසව්වේ දී මීටර 2.14ක දක්ෂතාවයක් දක්වමින් මේ වන විට ලෝක යොවුන් ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානය හිමිකරගෙන සිටින සෙනිරු අමරසිංහ සහ මීටර 3000 බාධක දිවීම ඉසව්වේ ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේ රන් පදක්කම් ලාභිනිය වන, මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානය පසුවන පාරමී වසන්ති මාරිස්ටෙලා යි.      

සුගන්ධි නැවතත් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

10 වන ජාතික ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දෙවන දිනය අද (14) කොළඹ …

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ThePapare.com අප සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ‘Super Pool’ සහ ‘Elite Pool’ කාණ්ඩ දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මූල්‍යමය සහාය සහ ‘National Pool’ කාණ්ඩයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ආහාර පාන ලබා දිය යුතු බවට ක්‍රීඩා අමාත්‍යංශය වෙත නිර්දේශ කළ බවයි. ඒ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් ජෙනරාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ ‘National Pool’ කාණ්ඩයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගනුවරින් පිට පුහුණුවීම් කටයුතු වල නිරත වන්නේ නම් ඔවුන් හට ආහාර පාන සඳහා මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් යෝජනා කළ බවයි. එමෙන්ම, පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී මෙන්ම ආසියානු ක්‍රීඩා උළෙලේ දී ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසිදු පදක්කමක් ජයග්‍රහණය කිරීමට අපොහොසත් වුවත් පසුගිය වසර 2ක කාලය තුළ ජවන හා පිටිය ඉසව්වල දී ඔවුන්ගේ දක්‍ෂතා බෙහෙවින් ඉහළ ගොස් ඇති බවත්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සිදු කරනු ලැබූ මෙම ජාතික සංචිත කාණ්ඩගත කිරීමේ වැඩපිළිවෙළ හරහා ඔවුන්ට සිය දක්‍ෂතා ඊළඟ තලයට රැගෙන යාමට මනා පිටුබලයක් සැපයෙන බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ය.

‘Super Pool’

සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රියාපටිපාටිය –

  1. 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී සහ ආසියානු ක්‍රීඩා උළෙලේ දී 1-6 ස්ථාන ලබාගත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්
  2. 2018 ජනවාරි මස 01 දින සිට සැප්තැම්බර් මස 10 වන දින දක්වා සිය දක්‍ෂතා හරහා ලකුණු 1100 සීමාව (IAAF ලකුණු ලබා දීමට අනුව) ඉක්මවා ගිය ක්‍රීඩකයින් (සුළඟ ආධාරයෙන් දැක්වූ දක්‍ෂතා සලකා බලා නොමැත)
  3. IAAF ලෝක ශ්‍රේණිගත කිරීම්වල 1-100 අතර ස්ථානවල පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්/ කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීම්වල 1-50 හෝ යොවුන් ශ්‍රේණිගත කිරීම්වල 1-10 ස්ථානවල පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්
MEN      | Athlete Name                            Event Category Seasonal Best Coach
H.K. Kalinga Kumarage 4*400m A4 3:02.74 (45.99) Mr Vimukthi De Soyza
S. Aruna Darshana 4*400m A 4 3:02.74 (45.79) Mr Asanka Rajakaruna
M.G. Ajith Premakumara 4*400m A 4 3:02.74 (46.66) Major R Hennayake
P.M. Pasindu Lakshan Kodikara 4*400m A 4 3:02.74 (46.65) Mr Daminda Bandara
Shehan Sandaruwan Ambepitiyage 4*100m A 6 39.08 (10.56) Mr Vimukthi De Soyza
A.L.M. Ashrafu 4*100m A 6 39.08 (10.63) Mr Sunil Gunawardena
M. Vinoj Suranjaya De Silva 4*100m A 6 39.08 (10.27) Mr Vimukthi De Soyza
W.K. Himasha Eashan 4*100m A 6 39.08 (10.32) Mr M.C.K. Perera
A.M. Yupun P. Abeykoon 100m B (1102) 10.32 Mr Sampath Weerasinghe
H.E.M.I.G. Indunil Madushan Herath 800 B (1109) 1:47.13 Mr W. Rathnakumara
W.P. Manjula Kumara HJ B (1126) 2.24 Mr Luis Miranda
H.T. Ushan Thiwanka Perera HJ B (1126) 2.24 Mr Suranjith Sanrath
Seniru T. Amarasinghe HJ C (Y 4) 2.14 Mr Luis Miranda
DAGJP Wimalasiri LJ B (1168) 8.14 Mr Luis Miranda
W.P. Amila Jayasiri LJ B (1140) 8.01 Mr Luis Miranda
G.K.D.S. Piyarathna LJ B (1136) 7.99 Mr Luis Miranda
L.P.  Sreshan Dananjaya LJ B (1116) 7.90 Mr Sampath Weerasinghe
D.S. Ranasinghe JT B (1119) 81.22 Mr Kinsly Gunathilaka
R.M.S.J. Ranasnghe JT C (65) 78.67 Mr Pradeep Nishantha
WOMEN
A.A. Gayanthika Thushari 800m A 6 2:04.16 Mr G.L. Sajith Jayalal
U.K.Nilani Rathnayaka 3000mSC (1500) A 6 9:46.72

(4:17.52)

Mr G.L. Sajith Jayalal
K. Parami Wasanthi Maristela 2000 / 3000 SC C (Y 3) 6:35.20/ 10:20.12 Mr Janitha Nadeeshantha
H.L.N. Dilhani Lekamge JT A 5 58.41 Ms Anupama Rodrigo
H.D.Vidusha Lakshani TJ C (88) 13.60 Mr Luis Miranda

‘Elite Pool’

සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රියාපටිපාටිය –

  1. 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී සහ ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්
  2. 2018 ජනවාරි මස 01 දින සිට සැප්තැම්බර් මස 10 වන දින දක්වා සිය දක්‍ෂතා හරහා ලකුණු 1100 සීමාව (IAAF ලකුණු ලබා දීමට අනුව) ඉක්මවා ගිය ක්‍රීඩකයින් (සුළඟ ආධාරයෙන් දැක්වූ දක්‍ෂතා සලකා බලා නොමැත)
MEN Athlete Name Event Category Seasonal Best Coach
H.M. Dilip Ruwan 400m B (1085) 46.39 Mr Madhuka Marasinghe
P.M.W.G Tharusha Dananjaya 400m B (1056) 46.83 Mr Umanga Surendra
A.L.A.I. Rathnasena 400Mh B (1070) 51.23 Mr Rohitha Gunarathna
S.M. Aravinda Chathuranga 400Mh B (1055) 51.54 Mr A. Dayan Devapriya
J.H.G. Sampath Long Jump B (1086) 7.76 Mr Chandana Amarasinghe
M.I.M. Mifran Long Jump B (1062) 7.65 Mr Luis Miranda
K.K.M.K. Karunasekara Long Jump B (1057) 7.63
D.M. Liyanapathirana Long Jump B (1055) 7.62 Mr Luis Miranda
I.D.S.S. Jayasinghe Triple Jump B (1094) 16.34 Mr Luis Miranda
U.P.A.N. Karunasinghe Triple Jump B (1065) 16.06 Mr Chandana Amarasinghe
M.N.S Ahamed Triple Jump B (1062) 16.03 Mr Y.K. Kularatne
D.M.E.D.K Fernando Triple Jump B (1056) 15.98 Mr Luis Miranda
WOMEN
R.M. Rumeshika Rathnayaka 200m

(100m/ 4*100)

A 23.43 (11.51) Ms A.D. Nandawathi
Hiruni Wijayarathne 10000m, Marathon A 33:55.06

2:36:35

W.K.L.A Nimali 800m

(4*400m)

A 2:04.04

(55.06)

Mr Sujith Abeysekara
D.T Amasha De Silva 100m

(200m/ 4*100)

B (1052) 11.71

(24.47)

Mr J.S. Weerakkody
Nadeesha Ramanayaka 400m (4*400) B (1080) 53.27 Mr W.G.M. Thushara
E.W.U Rathnakumari 400m (4*400) B (1076) 53.31 Mr G.L. Sajith Jayalal
P.G.N Madushika 400m (4*400) B (1067) 53.54 Mr Vimukthi De Soyza
K.G.D.M.S Kumarasinghe 800m (4*400) B (1083) 2:04.53 (54.03) Mr Susantha Fernando
B.M.H.P Balasooriya Triple Jump B (1055) 13.39 Mr Luis Miranda

‘National Pool’

සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රියාපටිපාටිය –

  1. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මඟින් පවත්වනු ලැබූ 2018 ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ එක් එක් ඉසව්වල ප්‍රථම ස්ථානය දිනා ගත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්
  2. 2018 ජනවාරි මස 01 දින සිට සැප්තැම්බර් මස 10 වන දින දක්වා එක් එක් ඉසව්වල ඉහළම දක්‍ෂතා දැක්වූ (ජාතික ශූරයා හෝ ශූරිය හැර) ක්‍රීඩක ක්‍රීඩිකාවන් (සුළඟ ආධාරයෙන් දැක්වූ දක්‍ෂතා සලකා බලා නොමැත)
MEN Athlete Name Event Seasonal Best Coach
A.S. Mohammad Safan 200 m. 21.34
G.R. Chathuranga 800 m. 1:49.83 Maj. R. Hennayake
H.K.T. Fonseka 1500 m. 3:49.03 Mr W. Rathnakumara
D Hemantha Kumara 1500 m. 3:45.89 Mr W. Rathnakumara
A.K. Tharanga 5000 m. 14:36.9 Mr G.L. Sajith Jayalal
R.M.S. Pushpakumara 5000m.,

3000 m. SC

14:34.86

8:59.70

Maj. Upali Wickramasinghe
K Shanmugeshwaran 10000 m. 30:57.26 Mr G.L. Sajith Jayalal
G.P.A.J. Kumara Bandara 10000 m. 30:58.99 Mr Jansz Dissanayake
D.G.D. Sandaruwan Marathon 2:26:23 Mr Jansz Dissanayake
R.A.P.D. Arunasiri Marathon 2:26:43 Mr G.L. Sajith Jayalal
Roshan Ranatunga 110 mh 14.57 Mr Thiron I Gamage
K.B.I Perera 110 mh 14.61
S Chandradasan 3000 m. st 9:11.89
A Channa Fernando Pole Vault 4.50
A Puvitharan Pole Vault 4.70
R.A.S Jayawardana Shot Put 16.23 Mr Susantha Kularatne
Joy Danushka Perera Shot Put 15.67 Ms I.D.R.V. Aberatne
K.G.U.P Jayawardana Discus 56.40
Z.T.M Aazick Discus 45.21 Mr Dilruk Nilantha
W.G.S.R Kumarasiri Hammer 48.97 Mr Kinsly Gunathilaka
N.D.R Sisira Kumara Hammer 46.65 Mr Madhawa Bandara
Ajith Karunathilake Decathlon 7356 Mr Rohitha Fernando
A.S.M Ashan Decathlon 6509
H.S.S Kumara 4*100 m. (10.67) Ms Badra Gunawardena
W.D.S.K Wijeratne 4*100 m. (10.57) Maj R. Hennayake
Chanuka Sandeepa 4*100 m. (10.62)
G.D.K.K. Pabasara Niku 4*400 m. (47.17) Mr S.P. De Silva
Anjana Gunaratne 4*400 m. (47.19) Mr G.L. Sajith Jayalal
K.P.T Ravishka Indrajith 4 x 400 m. 47.64 Mr Amila Prasanna
D.M.I.S.S Dunukara 20 km RW 1:39:26 Mr B.N.M. Nayanananda
T.G.S.N Appuhamy 20 km RW 1:40:26
WOMEN
N.M.C Dilrukshi 1500 m. 4:22.69 Mr S.P. De Silva
S.A Lamahewage 5000 m., 10000 m. 17:15.66

36:48.4

Mr Jayantha Siyamudali
M.U.M.A.N Priyadarshani 5000 m. 17:17.38 Mr G.L. Sajith Jayalal
M.S.P Madumali Perera Marathon 2:54:40 Mr G.L. Sajith Jayalal
W.V.L Sugandhi 100 mh, Heptathlon, 4X100 m 13.92

4906

(11.98)

Mr S.P. Wasantha Kumara
R.A.I.S Rajasinghe 100 mh 13.95 Mr Luis Miranda
G.A.S Dulani 400 mh 60.11
T.G.D.N Wickramasinghe 400 mh 60.86 Mr S.P. De Silva
D.K Ranasinghe High Jump 1.76 Mr Y.K. Kularatne
Jayamali Gunaratne High Jump 1.80 Mr Nimal Dharmaratne
K.L.S.K Perera Pole Vault 3.40
J Aniththa Pole Vault 3.55 Mr C. Subashkaran
Anjani Pulwansa Long Jump 6.09 Mr Luis Miranda
B.G.S Harshni Jayakantha Long Jump, Heptathlon 6.04

4275

W.T.K Fernando Shot Put 14.59 Mr W.S. Fernando
Nadeeka Muthunayake Shot Put 13.07 Mr Kinsly Gunathilaka
P.K.A.A Maduwanthi Discus, Hammer 43.15

48.62

Mr Madhawa Bandara
P.A.I.M.P Perera Discus 42.80
H.A Aruni Lakshika Hammer 46.18
B.L Nadeeka Lakmali Javelin 51.52 Mr K.P.K. Ranatunga
S.L Vidanaduruge 4X100 m (12.15) Mr V.D. Nandasiri
Sharmila Jan 4X100 m (12.17)
W.G Ewanthi Emeshika 4X100 m (12.20) Mr Lal Wijewickrama
M.A.S.S Jayathilaka 4X100 m (12.20)
M.G.R.S Ferdinandas 4X100 m (12.23) Mr Sunil Gunawardena
D.K.G.S Jayasinghe 4X400 m (55.19)
K.Sachini Tharaka Divyanjali 4X400 m (55.57) Mr Amila Prasanna
Romeshi Ishara Attidiya 4*400 m (55.88) Mr J.S. Weerakkody
P.B Gayani 20km RW 1:52:33 Mr H.H. Samanthilaka
U.V Kalhari Madrika 20km RW 1:54:56 Mr B.D.L. Kularatne

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<