ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන 2 වැනි සිව් දින ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 238ක් ලබා සිටියා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් ත්‍රිත්වයක් සහිතව තරගයට එක් වූ අතර නවසීලන්තය එක් වූයේ වෙනස්කම් 4ක් සිදු කරමිනුයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා පෙර තරගයට එක් වූ පවන් රත්නායක, මිලාන් රත්නායක සහ ඉසිත විජේසුන්දර වෙනුවට කමිල් මිෂාර, සොහාන් ද ලිවේරා සහ මොහොමඩ් ශිරාස් නම් කර තිබූණා. නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පෙර තරගය හා එක් වූ Tim Robinson, Ryan Harrison, Fraser Sheat සහ Jarrod McKay වෙනුවට Max Chu, Simon Keene, Michael Rae සහ Rohit Gulati නම් කර තිබුණා.
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම
පසිඳු සූරියබණ්ඩාර (නායක), නිශාන් මදුශ්ක, ලහිරු උදාර, නුවනිඳු ප්‍රනාන්දු, කමිල් මිෂාර, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), සොනාල් දිනූෂ, රමේෂ් මෙන්ඩිස්, දිලුම් සුදීර, මොහොමඩ් ශිරාස් සහ දුලාජ් සමුදිත.
නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම
Rhys Mariu (නායක), Curtis Heaphy, Dale Phillips, Matthew Boyle, Max Chu, Mitchell Hay (කඩුලු රකින්නා), Simon Keene, Peter Younghusband, Tim Pringle, Michael Rae, Rohit Gulati.
- දඹුලු ක්‍රීඩකයෝ තරගාවලියේ පළමු ජය වාර්තා කරයි
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලිය 1-1ක් සේ සම කරයි
- ජෝසප්වරුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී
- අංජල දඹුල්ල බබලවද්දී, රමේෂ් ගාලු ඉනිමට මුක්කු ගසයි
- ඉන්දියාව පිට පිට 2 වැනි වරටත් T20 ශූරයන් වෙයි
කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත් අතර ඒ අනුව ඉනිම ආරම්භ කළ නායක Rhys Mariu සහ Curtis Heaphy එක් ව පළමු කඩුල්ලට ලකුණු 34ක සබඳතාවක් එක් කරනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ නායක Rhys Mariu ගේ දැවී යෑමත් සමඟයි. ඒ වෙද්දී ඔහු පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් 22ක් ලබා සිටියා. ඔහුත් සමඟින් ඉනිම ආරම්භ කළ Curtis Heaphy ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 59ක් ලබා සිටියා. ඔහු එම කඩුල්ල වෙනුවෙන් Matthew Boyle සමඟ එක් වෙමින් ලකුණු 114ක සබඳතාවක් ද ගොඩ නගනවා.
Matthew Boyle සිව් වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 102ක් ලබා සිටියා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 3 වැනි ශතකයයි.
පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තරගයේ තවත් පන්දුවාර 27ක් ඉතිරි ව තිබිය දී තරගය පළමු දිනයට නතර කරන්නට සිදු වෙන අතර ඒ වෙද්දී Max Chu පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ද සහ Mitchell Hay පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 13ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී දිලුම් සුදීර ලකුණු 80කට කඩුලු 2ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර අනෙක් කඩුලු ද්විත්වය දුලාජ් සමුදිත සහ රමේෂ් මෙන්ඩිස් විසින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 238 (63.0) Rhys Mariu 22, Curtis Heaphy 59, Matthew Boyle 102, Max Chu නොදැවී 26, දිලුම් සුදීර 2/80
මෙම තරගය හෙට (24) 2 වැනි දිනයටත් පැවත්වේ.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















