කුමාර් සංගක්කාරට උපදේශක තනතුරක්

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය 2021

809

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර 2021 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ Team Abu Dhabi කණ්ඩායමේ කණ්ඩායම් උපදේශක ලෙස තෝරා පත්කර ගෙන තිබේ. මේ බව Team Abu Dhabi කණ්ඩායමේ නිල twitter ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් තහවුරු කරන ලදි. 

2021 වසරේ ජනවාරි මස 28 වැනිදා සිට පෙබරවාරි මස 06 වැනිදා දක්වා Sheikh Zayed ක්‍රිකට් පිටියේ දී තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ. 2020 වසරේ නොවැම්බර් මස 19 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නිසාවෙන් පෙර සැලසුම් කර ගත් පරිදි පැවැත්වීමට නොහැකි විය. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියරේ ක්‍රීඩකයින් කාණ්ඩගත කිරීම පසුගිය 23 වැනිදා රාත්‍රියේ දී සිදුවුනු අතර එහිදී තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 12 දෙනෙකු මිලදී ගැනීමට එම කණ්ඩායම්වල අයිතිකරුවන් තීරණය කළේය. එම ක්‍රීඩකයින් පහත පරිදි ඒ ඒ කණ්ඩායම් විසින් මිලදී ගන්නා ලදි. 

  • Bangla Tigers – ඉසුරු උදාන 
  • Delhi Bulls – දසුන් ශානක, දුෂ්මන්ත චමීර 
  • Deccan Gladiators – භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, ලහිරු කුමාර 
  • Pune Devils – තිසර පෙරේරා, චාමර කපුගෙදර, අජන්ත මෙන්ඩිස් 
  • Team Abu Dhabi – අවිශ්ක ප්‍රනාන්දු 
  • Northern Warriors – නුවන් ප්‍රදීප්, මහීෂ් තීක්ෂණ

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<