T20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට පුහුණු තරග දෙකක්

ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

9880

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත 2022 විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර කණ්ඩායම් 16ටම පැවැත්වෙන පුහුණු තරග කාලසටහන ඊයේ (8) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කළා.

තරගාවලියේ පුහුණු තරග සියල්ලම Melbourne සහ Brisbane හිදී පැවැත්වීමට නියමිතයි. එසේම තරගාවලියේ පළමු වටය සඳහා සහභාගී වන කණ්ඩායම්වල පුහුණු තරග ඔක්තෝබර් 10 සිට 13 දක්වා පැවැත්වීමට නියමිතයි.

එසේම සුපිරි 12 වටය සඳහා දැනටමත් සුදුසුකම් ලබාගෙන තිබෙන කණ්ඩායම් සඳහා ඔක්තෝබර් 17 සිට 19 දක්වා පුහුණු තරග ක්‍රියාත්මක වනු ඇත.

එසේම ශ්‍රී ලංකාව සහභාගී වන පුහුණු තරග දෙක සිම්බාබ්වේ සහ අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත අතර එම තරග දෙක පිළිවෙළින් ඔක්තෝබර් 10 සහ 13 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මේ තරග සියල්ලම පුහුණු තරග ලෙස පමණක් පැවැත්වෙන අතර එම තරග කිසිවක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග ලෙස සලකන්නේ නැහැ.

පුහුණු තරග කාලසටහන

ලෝක කුසලානයේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<