T20 ලෝක කුසලානයට නෙදර්ලන්ත ප්‍රබලයින් රැසක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

1081

ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නෙදර්ලන්තය විසින් ප්‍රබල සංචිතයක් නම් කර තිබෙනවා. ඒ Roelof van der Merwe හා Colin Ackermann නැවත සංචිතයට කැඳවමින්.

නවසීලන්තයට එරෙහිව තම මව්බිමේ දී  පැවති විස්සයි විස්ස තරගවල දී Roelof හා Ackermann කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට සමත් වුනා .

Scott Edwards කණ්ඩායමේ නායකයා වන අතර Brandon Glover, Timm van der Gugten, Logan van Beek and Paul van Meekeren යන ප්‍රබල වේගපන්දු යවන්නන් ද කණ්ඩායමට එක්ව සිටිනවා. Ackermann මද වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක්.

“ඉදිරි විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා අපි තරුණ හා අත්දැකීම්වලින් පරිපූර්ණ වූ සම්මිශ්‍රණයක් සහිත මනා සමබර සංචිතයක් ඒකරාශී කර තිබෙනවා, යැයි නෙදර්ලන්ත ප්‍රධාන පුහුණුකරු Ryan Cook පවසනවා.

“සුපර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කිරීමේ අත්දැකීම් කණ්ඩායමට හොඳ ස්ථාවරයක් ලබා දෙනවා. එමෙන්ම මෙම දස්කම්වලින් හොඳ විශ්වාසයක් ලබාගත හැකියි, ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

“ගිම්හානය පුරාවට පෙන්නුම් කළ ප්‍රගතිය තරගාවලියේ දී ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. තරගාවලියට පෙර හොඳින් සූදානම් වී ඇති බවත්, හොඳින් සැලසුම් වී ඇති බවත් ඔහු පැවසුවා එය කණ්ඩායමේ කුසලතා හා සහජීවනය යන දෙකම වර්ධනයට උපකාරී වන බව,” Ryan Cook පුහුණුකරු පවසනවා.

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර එයට සුදුසුකම් ලබා ගැනීම සඳහා Bulawayo හි පැවති  සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ඔස්සේ නෙදර්ලන්තය ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා තිබුණා.

සුදුසුකම් ලබා ගැනීමේ අවසන් මහා තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ නෙදර්ලන්තය පරාජයට  පත්වුනා. කෙසේ නමුත් අවසන් තරගයට ඉදිරිපත් වෙමින් එළඹෙන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයේ තම ස්ථානය වෙන්කර ගැනීමට නෙදර්ලන්තය සමත් වුනා.

නෙදර්ලන්ත සංචිතය:  Scott Edwards (c, wk), Colin Ackermann, Shariz Ahmad, Logan van Beek, Tom Cooper, Brandon Glover, Timm van der Gugten, Fred Klaassen, Bas de Leede, Paul van Meekeren, Roelof van der Merwe, Stephan Myburgh, Teja Nidamanuru, Max O’Dowd, Tim Pringle, Vikram Singh

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<