“Rohit Sharma වැඩි කලක් නායකයා ලෙස රැඳෙන්නේ නැහැ”

817
Rohit Sharma was weak, worried, confused

හිටපු පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක Mohammad Hafeez ඉන්දීය නායක Rohit Sharmaගේ නායකත්වය හා ඔහුගේ ක්‍රිකට් අනාගතය පිළිබඳව දැඩි ප්‍රකාශයක් පසුගිය දා ප්‍රකාශ කළා.

2022 ආසියානු කුසලානයේ ඉන්දියාව මේ වන විට සියයට සියයක් තම ජයග්‍රාහී ක්‍රීඩා රටාව පවත්වා ගෙන යාමට සමත්ව තිබෙන අතර පාකිස්තානයට එරෙහිව ලද කඩුලු 05ක තියුණු ජයග්‍රහණය සමඟින් ඔවුන්ගේ ජයග්‍රාහී ක්‍රීඩා රටාව ඉදිරියට ගෙන යාමට සමත් වූයේ ඉන්දීය කණ්ඩායම සහභාගි වූ දෙවැනි තරගයේ දී ප්‍රතිවාදි Hong Kong කණ්ඩායම ලකුණු 40කින් පරාජය කරමිනි.

කෙසේ වෙතත් පාකිස්තානයේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක Mohammad Hafeez ඉන්දීය කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකු ගැන එතරම් පැහැදීමක් දක්වන්නේ නෑ. ඒ නායක Rohit Sharma ගැනයි.

ආසියානු කුසලානය ගැන සාකච්ඡා කරන පාකිස්තානයේ PTV නාලිකාව සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා. Rohitගේ ශරීර භාෂාව (Body Language) දුර්වල හා ව්‍යාකූල බව ඔහු දැඩිව ප්‍රකාශ කළා.

පසුගිය බදාදා රාත්‍රියේ Hong Kong කණ්ඩායමට එරෙහිව ඉන්දියාව ලද ජයග්‍රහණයෙන් පසුව Hafeez මෙම ප්‍රකාශය සිදු කළ අතර එය තහවුරු කිරීම සඳහා ඔහු Twitter හි වීඩියෝවක් ද හුවමාරු කර තිබුණා.

“අපි කාසියේ වාසිය අතරතුර Rohit Sharmaගේ Body Language නිරීක්ෂණය කළොත් ඔහු දුර්වලයි, කනස්සල්ලක් හා ඔහුගේ ව්‍යාකූලත්වයක් තිබෙනවා දකින්න පුළුවන්. මම තරග අතරතුර නිරීක්ෂණය කළ Rohit Sharma ලස්සන ඉනිමක් ක්‍රීඩා කරන බව මම දුටුවේ නැහැ.”

“නායකත්වය Rohit Sharmaට පීඩනයක් ඇති කරන බව මට හැඟෙනවා. ඒ වගේම ඒ මගින් ඔහුට ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වෙනවා. ඔහුගේ ක්‍රීඩා විලාශයට යම් කිසි බලපෑමක් සිදුව තිබෙනවා. IPL නරක අතට හැරී ඇති බවත් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් වෙත නැවත පැමිණීමෙන් පසු ඔහු මෙම තරග රටාවට හුරුවීමක් මම දැක්කේ නැහැ,” යැයි හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයා සඳහන් කළා.

“ඔහු බොහෝ දේවල් ගැන කතා කරනවා ක්‍රිකට් සන්නාම, ධනාත්මකව ක්‍රීඩා කරන ආකාරය වගේ දේවල්. නමුත් එය කණ්ඩායමෙන් පිළිබිඹු වන්නේ නැහැ. ඔහුගේ ශරීර භාෂාවෙන් පෙන්නුම් කෙරන්නේ නැ,” Hafeez වැඩිදුරටත් සඳහන් කළ.

පාකිස්තානය නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩකයා Rohitගේ අනාගතය ගැන දැඩි ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, නායකයෙකු හා ඉන්දියාවේ ප්‍රමුඛ පිතිකරුවෙක් ලෙස

තමන් Rohit නොදකින බවයි. Rohit හෝ ඉන්දීය ක්‍රිකට් මණ්ඩලය ඉක්මනින් තීරණයක් ගත යුතු බව ද ඔහු ප්‍රකාශ කළා. කණ්ඩායම මෙහෙයවීමේ වගකීම භාරදීමෙන් පසු ඉන්දීය නායකයාගේ දස්කම් පහත වැටී ඇති බවයි.

“මම හිතන්නේ නැහැ Rohitට වැඩි කාලයක් නායකයෙක් විදියට ඉන්න පුළුවන් කියලා. ඔහු ඔහුගේ ක්‍රීඩා රටාව හා අවට සිදු වන දේවල් සමඟ පොරබදිමින් සිටිනවා. මමත් නායකයෙක් වෙලා තියෙන නිසා මට ඒක දැනෙනවා. මම හැමදාම දැකලා තියෙනවා Rohit සතුටින් අදහස් ප්‍රකාශ කරනවා. දැන් ඔහු එහෙම නැහැ. ඔහු නැති වී ඇති බවක් පේනවා. ඔහු පීඩනයට හසු වී ඇති බව පේනවා. මට ඔහු ගැන කනගාටුයි,’’ යැයි Hafeez පවසා සිටියා.

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<