වනිඳු නැවතත් අංක 1ට!

ICC T20 Rankings

254

සුපිරි පා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග නැවතත් ICC විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල අංක 1ට පැමිණීමට සමත් වී තිබෙනවා.

මීට පෙර 2022 වසරේ නොවැම්බර් මාසයේ දී මෙම ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයේ රැඳුණු හසරංග විසින් මෙවර ඇෆ්ගනිස්තාන පා දඟපන්දු යවන ක්‍රීඩක Rashid Khanව අබිබවා යමින් නැවතත් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් වුනා.

පසුගිය සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ක්‍රීඩා කළ විස්සයි විස්ස තරග තුන තුල දී Rashid Khan විසින් ප්‍රදර්ශනය කළ දුර්වල තරග රටාව හේතුවෙන් ඔහු මෙතෙක් කල් ICC විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ‍රැඳී සිටි ස්ථානය අහිමි වී ඇති අතර, එම තරග තුන තුල දී ඔහු ලබා ගැනීමට සමත් වුනේ කඩුලු 4ක් පමණයි.

ඒ අනුව දැන් වනිඳු හසරංග ලකුණු 695ක් සමඟින් ශ්‍රේණිගත කිරීම් හී ප්‍රථම ස්ථානයේ රැඳෙන අතර, Rashid Khan විසින් ලකුණු 694ක් සමඟින් හසරංගට පිටුපසින් දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<