සූරි සහ ලක්ෂාන්ගෙන් ශතක සබඳතාවක්

98
NSL 4 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ 9 වැනි සතියේ තරග අද (04) ආරම්භ වූවා.

එම තරග අතුරින් දිනයේ කැපී පෙණෙන ඉනිමක නිරත විමට ගාල්ල කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර සහ ලක්ෂාන් එදිරිසිංහ සමත් වූවා. ඔහුන් දෙදෙනා යාපනය කණ්ඩායමට එරෙහිව මේ වන විට තම ඉනිමේ සිවු වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 126ක සබඳතාවක් එක් කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා ම මේ වන විටත් අර්ධ ශතක ඉනිම් වාර්තා කරගෙන සිටින අතර ඔවුන්ට අමතර ව අද දවසේ දී ගාල්ල කණ්ඩායමේ ශෙහාන් ප්‍රනාන්දු, මහනුවර කණ්ඩායමෙ අහන් වික්‍රමසිංහ සහ රොෂාන් ජයතිස්ස ද තම කණ්ඩායම් වෙනුවෙන් අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

17 වැනි තරගය, කොළඹ, අප්‍රේල් 04 – 07, 2024, National Super League 4 Day Tournament

o කාසියේ වාසිය – Jaffna

o ක්‍රීඩාංගණය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ.

Galle කණ්ඩායම: සංගීත් කුරේ (නායක), ඔෂද ප්‍රනාන්දු, ෂෙහාන් ප්‍රනාන්දු, පසිඳු සූරියබණ්ඩාර, ලක්ෂාන් එදිරිසිංහ, සුමින්ද ලක්ෂාන්, විශාද් රන්දික (කඩුලු රකින්නා), නිමේෂ් විමුක්ති, මිලාන් රත්නායක, ධනංජය ලක්ෂාන්, අසංක මනෝජ්.

Jaffna කණ්ඩායම: ජනිත් ලියනගේ (නායක), හසිත බෝයගොඩ, රොන් චන්ද්‍රගුප්ත, නිපුන් කරුණානායක, සඳුන් වීරක්කොඩි (කඩුලු රකින්නා), සංතුශ් ගුණතිලක, ලහිරු මධුශංක, රවිඳු ප්‍රනාන්දු, කල්හාර සේනාරත්න, ශෂික දුල්ශාන්, නිපුන් මාලිංග.

කාසියේ වාසිය දිනා ගත් යාපනය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයෝ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට තම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 312ක් ලබා සිටියා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පසිඳු සූරියබණ්ඩාර යි. ඔහු මේ වෙද්දී පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 78ක් ලබා සිටිනවා. ඊට අමතර ව ලක්ෂාන් එදිරිසිංහ ද පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 69ක් ලබා සිටිනවා. ඔවුන් දෙදෙනා අතර සිවු වැනි කඩුල්ලට සබඳතාව නොදැවුණ ලකුණු 126ක්.

මේ අතර ගාලු ඉනිමට තවත් අර්ධ ශතකයක් එක් කිරීමට ෂෙහාන් ප්‍රනාන්දු සමත් වූවා. ඔහු පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තා. නායක සංගීත් කුරේ අද තරගයේ දී තම අර්ධ ශතකය මඟ හැර ගත්තේ එක් ලකුණක මදි පාඩුවෙනුයි.

කඩුලු දවා ගැනීමේ දී සංතුශ් ගුණතිලක, ලහිරු මධුශංක සහ කල්හාර සේනාරත්න කඩුල්ල බැගින් දවා ගත්තා.

Galle – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 312 (78.0) සංගීත් කුරේ 49, ඔෂද ප්‍රනාන්දු 22, ෂෙහාන් ප්‍රනාන්දු 56, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 78, ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 69

මෙම තරගය හෙට (05) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

18 වැනි තරගය, දඹුල්ල, අප්‍රේල් 04 – 07, 2024, National Super League 4 Day Tournament

o කාසියේ වාසිය – Kandy

o ක්‍රීඩාංගණය – රංගිරි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, දඹුල්ල.

Kandy කණ්ඩායම: අහන් වික්‍රමසිංහ (නායක), සිතාර ගිම්හාන් (කඩුලු රකින්නා), සහන් කෝසල, කමිල් මිෂාර, කවින් බණ්ඩාර, රවීන් යසස්, වනුජ සහන්, රොෂාන් ජයතිස්ස, ලසිත් ඇඹුල්දෙණිය, නිම්සර අතරගල්ල, සිතුම් දිසානායක.

Dambulla කණ්ඩායම: මිනෝද් භානුක (නායක), සොනාල් දිනූෂ, රිසිර වීරසූරිය (කඩුලු රකින්නා), ලක්ශාන් ගමගේ, සනෝජ් දර්ශික, චමිඳු විජේසිංහ, දුශාන් හේමන්ත, මර්වින් අබිනාශ්, පවන් රත්නායක, නවීන් ප්‍රනාන්දු.

කාසියේ වාසිය දිනා ගත් මහනුවර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ද එය එතරම් ම වාසි දායක තීන්දුවක් වූයේ නැහැ. ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 276කට සීමා වූවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක අහන් වික්‍රමසිංහ. ඔහු පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තා. ඊට අමතර ව රොෂාන් ජයතිස්ස ද පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී ලක්ෂාන් ගමගේ ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත් අතර මර්වින් අබිනාශ් සහ මොහොමඩ් ශිරාස් කඩුලු 2ක් බැගින් ද සහ සොනාල් දිනූෂ, නවීන් ප්‍රනාන්දු සහ දුශාන් හේමන්ත කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 60ක් ලබා සිටියා. එම ඉනිමේ දී මේ වන විට පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටින රිසිර වීරසූරිය නොදැවී පිටියේ රැදී සිටිනවා.

කඩුලු දවා ගැනීමේ දී නිම්සර අතරගල්ල ලකුණු 13කට කඩුලු 2ක් දවා ගත් අතර අනෙක් කඩුල්ලේ හිමිකාරීත්වය රොෂාන් ජයතිස්ස සතු වෙනවා.

Kandy – පළමු ඉනිම සියලුම දෙනා දැවී 276 (72.4) කමිල් මිෂාර 34, අහන් වික්‍රමසිංහ 64, වනුජ සහන් 31, රොෂාන් ජයතිස්ස 50, නිම්සර අතරගල්ල 23, මොහොමඩ් ශිරාස් 2/49, මර්වින් අබිනාශ් 2/40, ලක්ෂාන් ගමගේ 3/19

Dambulla – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 60 (14.0) රිසිර විරසූරිය නොදැවී 24, නිම්සර අතරගල්ල 2/13

මෙම තරගය හෙට (05) දෙවැනි දිනට ක්‍රියාත්මක වීමට නියමිතයි.

National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<