Home Sinhala වනිඳු සහ අවිශ්ක Jaffna Stallions නම ඉහළින් තබයි

වනිඳු සහ අවිශ්ක Jaffna Stallions නම ඉහළින් තබයි

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

203
SLC

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගය අද (3) Galle Gladiators සහ Jaffna Stallions අතර පැවැත්විය. එහි දී අවිශ්ක ප්‍රනාන්දු දැක්වූ පිතිකරණ දස්කම් සහ වනිඳු හසරංග දැක්වූ තුන් ඉරියව් දස්කම් නිසාවෙන් කඩුලු 5ක දැවැන්ත ජයක් ලබා ගැනීමට Jaffna Stallions කණ්ඩායමට හැකි විය. එය Jaffna Stallions කණ්ඩායම නොකඩවා ලබාගත් සිව්වැනි ජයග්‍රහණයයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Galle Gladiators වැඩ බලන නායක භානුක රාජපක්ෂ පළමුව පන්දුවට පහරදීම සඳහා තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගන්නා ලදි.

Galle Gladiators වෙනස්කම් 3ක් (Ahsan Ali, Chadwick Walton සහ ධනංජය ලක්ෂාන් කණ්ඩායමට පැමිණියා) සිදු කරමින් අද තරගය සඳහා අවතීර්ණ වූ අතර ඔවුන්ගේ නිත්‍ය නායක Shahid Afridi ඊයේ (2) දිනයේ දී (හදිසි පුද්ගලික හේතුවක් මත) නැවතත් සිය මව් රට බලා පිටව යාම නිසා භානුක අද තරගයේ නායකයා ලෙස කටයුතු කරන ලදි.

තවත් ක්‍රිකට් පුවත්:

ධනුෂ්ක ගුණතිලක සහ Ahsan Ali Galle Gladiators ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා පන්දුවාර 8කුත් පන්දු 3ක් අවසානයේ පළමු කඩුල්ල සඳහා ලකුණු 67ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූයේ තරග තුනක් පරාජයට පත්ව සිටින Galle Gladiators සඳහා සාර්ථක ආරම්භයක් ලබා දෙමිනි.  

එහි දී දකුණතින් පිතිකරණයේ නිරත වන Ahsan Ali 4 පහර 4ක් එල්ල කරමින් පන්දු 25ක දී ලකුණු 28ක් ලබා ගන්නා විට, සිය ලකුණු මැෂිම තවදුරටත් ක්‍රියාත්මක කළ වමතින් පිතිකරණයේ නිරත වන ධනුෂ්ක ගුණතිලක 4 පහර 7ක් එල්ල කරමින් මේ තරගාවලිය තුල ලබා ගත් දෙවන අර්ධ ශතකය ලබා ගත්තේය. පන්දු 44කට මුහුණ දුන් ගුණතිලක ලකුණු 56ක් ලබාගෙන සිටිය දී දැවී ගියේ ඔහුගේ එම ඉනිම වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේයි.

කඩුලු රකින පිතිකරු Azam Khan 4 පහර 2ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් Galle Gladiators ලකුණු සටහන ක්‍රියාත්මක වීමේ වේගය තවදුරටත් වැඩි කළේ Jaffna Stallions කණ්ඩායමේ පන්දු යවන්නට යම් තර්ජනාත්මක පිතිකරණ විලාසයක් පෙන්නුම් කරමින් වුවත් ඔහුගේ එම ඉනිම ලකුණු 25කට සීමා කිරීමට සුරංග ලක්මාල් සමත් විය.

Galle Gladiators පසුපෙළ සවිමත් කළ Chadwick Walton සහ ධනංජය ලක්ෂාන් පිළිවෙළින් ලකුණු 31ක් සහ ලකුණු 14*ක් ලබා ගන්න ලදි. Galle Gladiators ඉනිමේ හොඳම සබඳතාවය වූයේ ගුණතිලක සහ Ahsan Ali පළමු කඩුල්ල සඳහා ගොඩනැංවූ ලකුණු 67 සබඳතාවයයි. නායක භානුක රාජපක්ෂ ඇතුළු පිතිකරුවන් තිදෙනෙක් එක ළඟ දැවී යාම නිසා වෙන් ඔවුන්ට ලකුණු 180+ සීමාව ඉක්මවා යාමට තිබූ අවස්ථාව අහිමිව ගියේය.

පන්දු යැවීමේ දී Jaffna Stallions වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 29කට කඩුලු 2ක් දවා ගත්තේ දක්ෂ උඩපන්දු දෙකක් ද රැකගනිමිනි.

Photos: Galle Gladiators vs Jaffna Stallions – Match 9 | LPL 2020

ලකුණු 171ක තරගකාරී ලකුණු ප්‍රමාණයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි Jaffna Stallions ඒ සඳහා අවතීර්ණ වූයේ සිය ආරම්භක පිතිකරණ යුගලයේ යම් වෙනසක් කරමිනි. ඒ අනුව මිනෝද් භානුක වෙනුවට Tom Moors අද දිනයේ දී අවිශ්ක ප්‍රනාන්දු සමඟ Jaffna Stallions ඉනිම ආරම්භ කළේය. ඔවුන් දෙදෙනා  කඩුල්ල සඳහා ගොඩනැංවීමට හැකියාව ලැබුණේ ලකුණු 26ක සබඳතාවයක් පමණි.

අනතුරුව අවිශ්ක සමඟින් පිටියේ එක්වූ මිනෝද් භානුක දෙවන කඩුල්ල සඳහා සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූයේ Galle Gladiators කණ්ඩායමේ අද රාත්‍රිය ද අමිහිරි රාත්‍රියක් බවට පත්කරමින් වන අතර ඔවුන් දෙදෙනා පන්දු 62ක දී එම ලකුණු 99 සබඳතාවය ගොඩනැංවූ නමුත් එය ශතක සබඳතාවයක් බවට පත් කර ගැනීමට නොහැකි වූයේ ලකුණු 40ක් ලබා සිටි මිනෝද්ගේ කඩුල්ල දැවී ගිය නිසාවෙනි. 

Jaffna Stallions කණ්ඩායමේ දෙවන කඩුල්ල ලෙස දැවී ගිය මිනෝද් පන්දු 26කට මුහුණ දෙමින් 4 පහර 4ක් සහ එක් 6 පහරක් සමඟ ලකුණු 40ක් ලබාගෙන සිටිය දී දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් විය.

පිතිකරණ ලැයිස්තුවේ උසස් වීමක් ලබා ගනිමින් නායක තිසර පෙරේරා අංක තුන පිතිකරු ලෙස පිටියට පැමිණි නමුත් ඔහුට අද දිනයේ දී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 9ක් පමණි. පසුව ධනංජය ලක්ෂාන් Jaffna Stallions ඉනිමේ 18 වැනි පන්දුවාර ඉතාමත් දක්ෂ ලෙස ක්‍රියාත්මක කළේ ලකුණු 5ක් පමණක් ලබා දෙමිනි. එහි දී Galle Gladiators කණ්ඩායමේ පන්දු රැකීම දුර්වල නොවන්නට එම පන්දුවාරය තුල ඊට වඩා වැඩි යමක් කිරීමට ධනංජය ලක්ෂාන් හට අවස්ථාවක් තිබුණි.

කෙසේ නමුත් අවසානයේ දී 4 පහර 7ක් සහ 6 පහර 5ක් එල්ල කරමින් පන්දු 59ක දී ලකුණු 84ක් ලබා ගත් අවිශ්කගේ ඉනිම නවතා දැමීමට ධනංජය ලක්ෂාන් සමත් වූයේ ශෙහාන් ජයසූරියගේ ද සහාය ඇතිවයි. ඒ නිසාවෙන් යළිත් තරගයට පිවිසීමට Galle Gladiators කණ්ඩායමට අවස්ථාව ලැබුණු අතර අවසන් පන්දු 12තුල ලකුණු 19ක් ලබා ගැනීම Jaffna Stallions ඉලක්කය බවට පත් විය.

පසුව Mohammad Amir සිය අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ අතර එහි දී වනිඳු හසරංග ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වෙමින් 4 පහර 4ක් සමඟ ලකුණු 16ක් ලබා ගැනීම නිසාවෙන් දෙපිලට දෝලනය වෙමින් තිබූ තරගය නැවතත් සිය කණ්ඩායම දෙසට ඇදගැනීමට Jaffna Stallions කණ්ඩායමට අවස්ථාව ලැබුණි.

තරගයේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීම සඳහා භානුක පන්දුව ලබා දුන්නේ අකිල දනංජයට වන නමුත් ධනංජය ලක්ෂාන් අවසන් පන්දුවාරය ක්‍රියාත්මක නොකිරීම ප්‍රේක්ෂකයින් හට යම් ආකාරයක ගැටලුවක් බවට පත්වුවත් එම පන්දුවාරයේ දී Jaffna Stallions කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා ලබා ගැනීමට නියමිතව තිබුණේ ලකුණු 3ක් පමණි. 

එහි දී අකිල දනංජයගේ පන්දුවක් හමුවේ ධනංජය ලක්ෂාන්ගේ දක්ෂ උඩ පන්දු රැකීම නිසාවෙන් Shoaib Malik එක් ලකුණකට දවා ගැනීමට Galle Gladiators කණ්ඩායමට හැකි වුවත් ඔවුන්ගේ පරාජය වළක්වා ගැනීමට එම දස්කම් ප්‍රමාණවත් වූයේ නැත.

තරගයේ වීරයා – අවිශ්ක ප්‍රනාන්දු (Jaffna Stallions)

Result


Galle Gladiators
170/6 (20)

Jaffna Kings
174/5 (19.4)

Batsmen R B 4s 6s SR
Danushka Gunathilaka c Duanne Olivier b Wanindu Hasaranga 56 44 7 0 127.27
Ahsan Ali c & b Wanindu Hasaranga 29 25 4 0 116.00
Azam Khan c Wanindu Hasaranga b Suranga Lakmal 25 14 2 2 178.57
Bhanuka Rajapakse c Thisara Perera b Dhananjaya de Silva 1 2 0 0 50.00
Chadwick Walton c Tom Moores b Usman Shinwari 31 14 1 3 221.43
Shehan Jayasuriya run out (Avishka Fernando) 8 13 0 0 61.54
Dhananjaya Lakshan not out 14 10 2 0 140.00


Extras 6 (b 0 , lb 1 , nb 2, w 3, pen 0)
Total 170/6 (20 Overs, RR: 8.5)
Did not bat Asitha Fernando, Mohammad Amir, Akila Dananjaya, Lakshan Sandakan,

Bowling O M R W Econ
Usman Shinwari 4 0 44 1 11.00
Dhananjaya de Silva 4 0 27 1 6.75
Suranga Lakmal 2 0 18 1 9.00
Duanne Olivier 2 0 23 0 11.50
Wanindu Hasaranga 4 0 29 2 7.25
Thisara Perera 1 0 11 0 11.00
Shoaib Malik 3 0 17 0 5.67


Batsmen R B 4s 6s SR
Tom Moores b Shehan Jayasuriya 11 12 1 1 91.67
Avishka Fernando c Shehan Jayasuriya b Dhananjaya Lakshan 84 59 7 5 142.37
Minod Bhanuka c Dhananjaya Lakshan b Asitha Fernando 40 26 4 1 153.85
Thisara Perera c Lakshan Sandakan b Asitha Fernando 9 9 1 0 100.00
Shoaib Malik c Dhananjaya Lakshan b Akila Dananjaya 1 3 0 0 33.33
Wanindu Hasaranga not out 17 7 4 0 242.86
Dhananjaya de Silva not out 5 2 1 0 250.00


Extras 7 (b 0 , lb 1 , nb 0, w 6, pen 0)
Total 174/5 (19.4 Overs, RR: 8.85)
Did not bat Chathuranga de Sliva, Usman Shinwari, Duanne Olivier, Suranga Lakmal,

Bowling O M R W Econ
Mohammad Amir 4 0 37 0 9.25
Shehan Jayasuriya 3 0 20 1 6.67
Asitha Fernando 4 0 30 2 7.50
Akila Dananjaya 3.4 0 42 1 12.35
Dhananjaya Lakshan 3 0 24 1 8.00
Lakshan Sandakan 2 0 20 0 10.00



ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය Kandy Tuskers සහ Dambulla Viiking යන කණ්ඩායම් අතර අද රාත්‍රි 8ට පැවැත්වේ. එහි තොරතුරු ඇතුළු ලංකා ප්‍රිමියර් ලීගයේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<