Kandy Falcons නායකත්වය වනිඳු හසරංගට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

236

ශ්‍රී ලංකා පා දඟපන්දු යවන තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග මෙවර LPL තරගාවලියේ Kandy Falcons හි නායකයා ලෙස තෝරාපත් කරගෙන තිබෙනවා.

ඔහු සිය ක්‍රිකට් දිවියේ franchise ක්‍රිකට් කණ්ඩායමක නායකත්වය සඳහා තේරීපත් වූ පළමු අවස්ථාව මෙයයි.

‘’අපි බොහොම සතුටින් නිවේදනය කරනවා වනිඳු හසරංග අපගේ කණ්ඩායමේ නායකයා ලෙස මෙවර කටයුතු කරන බව. ඔහු අත්දැකීම්වලින් පරිපූර්ණ විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මට හොඳටම විශ්වාසයි ඔහු හොඳින් සිය රාජකාරිය ඉටු කරන බවට”, Kandy Falcons හිමිකරු Parvez Khan පවසා සිටියා.

Kandy Falcons මෙවර තරගාවලියේ සමාරම්භක තරගය සඳහා Colombo Kings සමඟින් අගෝස්තු 1 වැනිදා තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ජනප්‍රියතම විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය වන LPL තරගාවලියේ තෙවැනි අදියර අගෝස්තු 1 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<