ශෙහාන් ජයසූරියගේ තනි දක්ෂතා තරග ජයග්‍රහණයකට පාර කියයි

216
Sri Lanka v England

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායම පිට පිටම පරාජය කරමින් තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලියේ ජයග්‍රහණය භුක්ති විඳීමට අද (06) ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය. කුරුණෑගලදී පැවති තෙවැනි එක්දින තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශෙහාන් ජයසූරිය පිත්තෙන් සහ පන්දුවෙන් දැක්වූ දක්ෂතා අති විශිෂ්ට මට්ටමක විය.

එක්දින සටනින් තර්ස්ටන් විද්‍යාලයට වාර්තා ගත ජයග්‍රහණයක්

මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන සලකුණක් තබා ඇති පාසල් දෙකක් ලෙස හැඳින්විය හැකි කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර එක්දින ක්‍රිකට් තරගය අද (05) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ක්‍රියාත්මක විය.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත ලයන්ස් නායක කීතන් ජෙනින්ග්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන්ට පවරා ගත්තත් ශ්‍රී ලංකා පන්දුකරණ බල ඇණිය හමුවේ එය එතරම් පහසු කටයුත්තක් නොවීය. එංගලන්ත පිතිකරුවන් බොහොමයක් දෙනා යම් ආරම්භයක් ලබා ගත්තද කිසිදු පිතිකරුවෙකුට එය දීර්ඝ ඉනිමක් බවට පරිවර්තනය කර ගැනීමට හැකි වූයේ නැත. ඒ අනුව ලයන්ස් ප්‍රථම ඉනිම පන්දුවාර 40යි පන්දු 2ක් අවසානයේ ලකුණු 184කට සීමා විය.

එංගලන්තයට යම් තරමක හෝ අස්වැසිල්ලක් ගෙනදුන් බෙල් ඩ්‍රෙමෝන්ඩ් අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වූවත් ඔවුන්ගේ බොහෝ පිතිකරුවන්ට ලකුණු 20 සීමාවවත් පසුකර යෑම එතරම් ලේසි පහසු නොවීය. එසේම මෙතෙක් පැවති තරග සියල්ලේදීම පාහේ එංගලන්තයේ ගැලවුම්කරුවා බවට පත්වූ ලියාම් ලිවින්ග්ස්ටන් අද ප්‍රථම පන්දුවෙන්ම දැවී යාම එංගලන්ත පිළට එල්ල වුනු මරු පහරක් බවට පත්විය.

එංගලන්ත බලාපොරොත්තු බොඳ කිරීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගෙන් ලැබුනු සහය සුළුපටු නොවුනු අතර දකුණත් පිටදඟ පන්දු යවන ක්‍රීඩක ශෙහාන් ජයසූරිය එහි පෙරමුණේ රාළ බවට පත්වෙමින් ලකුණු 35ට කඩුලු 5ක් බිඳ හෙලීය. මීට අමතරව දකුණත් පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ සහ වමත් පිටදඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපොන්සුද එංගලන්තයට යන එන මං නැති කරමින් කඩුලු 2 බැගින් දවාලූහ.

ලකුණු 187ක පහසු ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි අද එක් ලකුණකට සීමා වුවත් විශ්වාසය තැබිය හැකි පිතිකරුවන්ගෙන් ගහණ ශ්‍රී ලංකා A කණ්ඩායමට එය එතරම් ගැටලුවක් නොවීය. එය තහවුරු කරමින් අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කල ශෙහාන් ජයසූරිය සුපිරි ඉනිමක නියැලෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 83ක් රැස් කළේය.

ශ්‍රී ලංකාවට අවශ්‍යම කරන මොහොතේ අවශ්‍යම කරන අන්දමින් ගොඩ නැගුනු ඔහුගේ ඉනිමට පන්දු 83ක් ප්‍රමාණවත් විය. මීට අමතරව තරගය අවසන් වනතුරුම කඩුල්ලේ රැඳී සිටිමින් ශ්‍රී ලංකා පිළේ ජය තහවුරු කල කිත්රුවන් විතානගේ නොදැවී ලකුණු 44ක් රැස් කළේය. පෙර තරගයේදී ධනුෂ්ක ගුණතිලක සමග එක්වී ද්විත්ව ශතක සබඳතාවයකට දායක වුනු කුසල් පෙරේරා අද ලකුණු 26ක් රැස් කළේය. පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ටොම් කුරාන් සහ ලියාම් ලිවින්ග්ස්ටන් කඩුලු 2 බැගින් බිඳ හෙලුවත් එය ජයග්‍රහණයක් සඳහා ප්‍රමාණවත් නොවීය.

ඒ අනුව පන්දුවාර 37කදී කඩුලු 6ක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගාවලි ජයග්‍රහණය ද තමන්ට සින්නක්කර ලියා ගැනීමට සමත් විය. තරගාවලියේ සිව්වැනි එක්දින තරගය මාර්තු 9 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතයි.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 184 (පන්දුවාර 40.2): බෙල් ඩ්‍රමෝන්ඩ් 51, බෙන් ඩකට් 31, කීතන් ජෙනින්ග්ස් 22, ටොම් අස්ලොත් 15, ජෝ ක්ලාර්ක් 13, ශෙහාන් ජයසූරිය 5/35, අමිල අපොන්සු 2/28, ජෙෆ්රි වැන්ඩර්සේ 2/38.

ශ්‍රී ලංකා A කණ්ඩායම – කඩුලු 6ක් දැවී ලකුණු 187 (පන්දුවාර 37): ශෙහාන් ජයසූරිය 83, කිත්රුවන් විතානගේ 44*, කුසල් පෙරේරා 26, සදීර සමරවික්‍රම 18, ලියාම් ලිවින්ග්ස්ටන් 2/39, ඔලී රේනර් 2/51.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට