ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් කේප් ටවුන් හි සිරවේ

103

ශ්‍රී ලංකා වයස අවුරුදු 50ට වැඩි ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් දෙදෙනෙක් වන සුරන්ජිත් ධර්මසේන හා මහේෂ් ඩි සොයිසා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවර සිරවී සිටිනවා. ඒ පැතිර යන COVID-19 වසංගතය හමුවේ එම නගරය වසා දැමීමත් සමඟයි.

“අපේ ක්‍රිකට් වඩාත් ශක්තිමත්ව නැවත පැමිණේවි”

ලොව පුරා පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වසංගතය නිසා මෙරට මෙන්ම ලොව…

ඔවුන් දෙදෙනා කේප් ටවුන් නුවර දී පැවැත්වුණු වයස අවුරුදු 50ට වැඩි ලෝක කුසලානය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් දෙදෙනෙක්. පැතිර යන COVID-19 වසංගතය නිසා තරගාවලිය මාර්තු මස 15 වැනිදා අතහැර දැමුණු අතර දකුණු අප්‍රිකාව මෙන්ම සාමාජික රටවල් බොහොමයක් ද සිය දේශ සීමා සම්පූර්ණයෙන් වසා දැමීමට කටයුතු කර තිබුණි. තරගාවලියට එක්වුණු ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් ආපසු සිය රට වෙත යන්නට සමත් වුනත් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් තවමත් එරට සිරවී සිටිනවා.

තර්ස්ටන් විද්‍යාලයෙන් ක්‍රීඩා පිටියට පිවිස ටැමිල් යූනියන් කණ්ඩායමට ක්‍රීඩා කළ ධර්මසේන හා ආනන්ද විද්‍යාලයට ක්‍රීඩා කර ශ්‍රී ලංකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමේ සහකාර කළමනාකාර ලෙස කටයුතු කළ ඩි සොයිසා තවමත් එරට සිරවී සිටිනවා. 

ඩි සොයිසා සමඟ ඔහුගේ බිරිඳත් දකුණු අප්‍රිකාව කරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙම ක්‍රීඩකයින් දෙදෙනා මාර්තු 19 වැනිදා දකුණු අප්‍රිකාවෙන් පිටවන්නට නියමිතව තිබුණේ ඔවුන්ට ගුවන් යානාවල ආසන්න වෙන් කර ගැනීමට ලැබුණු ආසන්නතම දිනය එය වූ නිසාවෙනි. කෙසේ වෙතත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ආගමනයන් සඳහා වසා දැමීම නිසා ඔවුන්ට නැවත මෙරටට පැමිණීමට නොහැකි වුනා.

දුකට පත් ජනතාවට වනිඳු, අකිල, මලින්ද සහ ශානකගෙන් සහනයක්

COVID-19 වයිරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව තිබෙන තත්වය සැලකිල්ලට ගනි…

කෙසේ වෙතත් කණ්ඩයමේ උපනායක හා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමනාකරු වූ ෂේන් ප්‍රනාන්දු The Island වෙත පවසා තිබුණේ ක්‍රීඩකයින් දෙදෙනා කේප් ටවුන් නගරයේ ඔවුන්ගේ මහල් නිවාසවල ආරක්ෂිතව සිටින බවයි. 

ක්‍රීඩාවේ ප්‍රවීණයින්ට වෙන්වුණු වයස අවුරුදු 50න් ඉහළ ලෝක කුසලානය සඳහා රටවල් 12ක් එක්ව තිබුණු අතර තරගාවලිය මාර්තු 10 සිට 26 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණා. තරගාවලියේ වට දෙකක් සම්පූර්ණයෙන් ක්‍රීඩා කර අවසන්ව තිබුණු අතර තෙවැනි වටයේ අර්ධයක් ක්‍රියාත්මක වන විට තරගාවලිය අතහැර දමන්නට සංවිධායකයින්ට සිදු වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<