උතුරෙන් ආ දඟපන්දු යවන්නා Rajasthan Royals කණ්ඩායමට

Indian Premier League 2023

414

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Rajasthan Royals කණ්ඩායම සඳහා, යාපනයෙන් ක්‍රිකට් පිටියට පිවිසි, දඟපන්දු යවන්නෙකු වන විජයකාන්ත් වියස්කාන්ත් හට අවස්ථාව හිමි වී තිබෙනවා. ඒ දැල තුල පන්දු යවන්නෙකු ලෙසයි.

ප්‍රථම වරට 2020 වසරේ දී පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Jaffna Stallions කණ්ඩායමට ක්‍රීඩා කළ වියස්කාන්ත් LPL ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට සමත් වූ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු අවසන් වරට පැවති 2022 LPL ක්‍රිකට් තරගාවලියේ දී Jaffna Stallions අඛණ්ඩව තුන්වැනි වරටත් ශූරතාවය දිනා ගැනීම සඳහා විශාල දායකත්වයක් ලබා දුන් අතර එහි දී ඔහු වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත් දඟපන්දු යවන්නා බවට ද පත්වුනා.

තවමත් 21 වැනි වියේ පසුවන වියස්කාන්ත් ප්‍රථම වරට වරලත් (franchise) විදෙස් ක්‍රිකට් ලීගයක් සඳහා ක්‍රීඩා කළේ 2023 වසරේ පැවති බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයේ Chattogram Challengers නියෝජනය කරනු ලැබුවා.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම ප්‍රවීණ කඩුලු රකින පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර 2021 වසරේ සිට Rajasthan Royals කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂක සහ ප්‍රධාන පුහුණුකරුවෙකු (Head Coach) ලෙස කටයුතු කරනවා. ඔහුට අමතරව හිටපු වේගපන්දු වන ක්‍රීඩක ලසිත් මාලිංග Rajasthan Royals කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස 2022 වසරේ සිට කටයුතු කරනවා.

IPL තරගාවලියේ 16 වැනි අදියර මාර්තු මස 31 වැනිදා සිට මැයි මස 28 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඊට ඇතුළත් සමස්ත තරග සංඛ්‍යාව 74ක්.

මෙවර IPL තරගාවලියේ උණුසුම් පුවත් ඔබට සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<