ශ්‍රී ලංකාවට එන පාකිස්තාන ‘A’ සංචිතය නම් කරයි

පාකිස්තාන ‘A’ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

905

සිව්දින තරග දෙකක් සහ එක්දින තරග තුනකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත පාකිස්තාන ‘A’ සංචිතය අද (02) නිල වශයෙන් නම් කරනු ලැබුවා.

සංචිතයේ නායකත්වය වමත් පිතිකරු Saud Shakeel හට හිමිව තිබෙනවා. Saud Shakeel මීට පෙර එංගලන්ත තරග සංචාරයේ දී ද පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කළ අතර ඔහුට අමතරව පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කළ Abdullah Shafique, Arshad Iqbal, Haider Ali, Naseem Shah, Usman Salahuddin සහ Zahid Mahmood මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

කණ්ඩායම තේරීමේ දී අනුගමනය කළ ක්‍රියාපාටිය ඉදිරියට ගෙන යමින් මීට පෙර මෙම සංචිතය ඇතුළත් වූ එමෙන්ම, ජාතික කණ්ඩායම නියෝජනය කළ නමුත් වත්මන් සංචිතයට ඇතුළත් නොවන ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම මෙම සංචිතයේ රඳවා ගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

2022 බටහිර ඉන්දිය කොදෙව් දූපත් හි පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් යොවුන් කඩුලු රැකීමේ ක්‍රීඩක Salman Khan සහ මුල්පෙළ පිතිකරු Qasim Akram ද මෙම කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම පාකිස්තාන දේශීය තරග පිටියේ සුවිශේෂී දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මෙන්ම ආබාධ නිසාවෙන් පිටියෙන් ඉවත්ව සිටි අත්දැකීම් බහුල ක්‍රීඩකයන් එක් කර ගනිමින් ඉතා ශක්තිමත් සංචිතයක් නම් කිරීමට පාකිස්තාන තේරීම් කමිටුව කටයුතු කර තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා සංචිතය නම් කරමින් පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු වන Muhammad Wasim ප්‍රකාශ කර සිටියේ,

මෙවැනි සංචාරවල අපේ අරමුණ වන්නේ ක්‍රීඩකයන්ට අවශ්‍ය දිරිගැන්වීම් කරමින් ඔවුන්ට අත්දැකීම් ලබා දී අනාගතය සඳහා සූදානම් කිරීමයි. ඒ වගේම අපගේ ආදේශක ක්‍රීඩකයන් වර්ධනය කිරීමයි.

මෙම සංචිතයේ බොහෝ ක්‍රීඩකයන්ගේ වයස අවුරුදු 22ට අඩු වන අතර ඔවුන් මීට පෙර ජාතික කණ්ඩායම නියෝජනය කළ හෝ කිරීමට ආසන්නයේ සිටින අයයි. එම ක්‍රීඩකයන්ගේ දස්කම් වර්ධනය කර ගනිමින් ජාත්‍යන්තරය පිටියට සූදානම් වීමට මෙම ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් උපකාරී වෙයි.”

ශ්‍රී ලංකා සංචාරයට නම් නළ පාකිස්තාන ‘A’ සංචිත

එක්දින සංචිතය: Saud Shakeel (නායක), Haider Ali (උප නායක), Abbas Afridi, Abdullah Shafique, Abrar Ahmed, Akif Javed, Arshad Iqbal, Irfanullah Shah, Kamran Ghulam, Khurram Shahzad, Mohammad Haris (කඩුලු රකින්නා), Naseem Shah, Qasim Akram, Salman Ali Agha, Salman Khan (කඩුලු රකින්නා), Zahid Mahmood

සිව්දින සංචිතය: Saud Shakeel (නායක), Haider Ali (උප නායක), Abdullah Shafique, Abrar Ahmed, Abrar Ahmed, Ahmed Safi Abdullah, Arshad Iqbal, Irfanullah Shah, Kamran Ghulam, Khurram Shahzad, Mohammad Haris (කඩුලු රකින්නා), Naseem Shah, Omair Bin Yousuf, Qasim Akram, Salman Ali Agha, Salman Khan (කඩුලු රකින්නා), Usman Salahuddin, Zahid Mahmood

නිලධාරීන්: Ijaz Ahmed (ප්‍රධාන පුහුණුකරු සහ කණ්ඩායම් කළමනාකරු, Rao Iftikhar (සහය පුහුණුකරු), Mohtashim Rashid (පන්දු රැකීමේ පුහුණුකරු), Mohammad Javed (trainer), Faisal Rai (විශ්ලේෂක) සහ Hafiz Naeem (භෞතචිකිත්සක).

තරගාවලි කාලසටහන

  • පළමු සිව්දින තරගය – ඔක්තෝබර් 28 – ඔක්තෝබර් 31 – පල්ලෙකැලේ දී
  • දෙවැනි සිව්දින තරගය – නොවැම්බර් 4 – නොවැම්බර් 7 – පල්ලෙකැලේ දී
  • පළමු එක්දින තරගය – නොවැම්බර් 10
  • දෙවැනි එක්දින තරගය – නොවැම්බර් 12
  • තෙවැනි එක්දින තරගය – නොවැම්බර් 15

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<