Mumbai Indians හිමිකරුවන්ට තවත් කණ්ඩායමක්

Major League ක්‍රිකට් තරගාවලිය 2023

859
Major League ක්‍රිකට් තරගාවලිය 2023

ඇමරිකාවේ පැවැත්වීමට නියමිත නවතම විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන Major League ක්‍රිකට් තරගාවලියේ නිව්යෝක් නගරය කේන්ද්‍ර කර ගත් කණ්ඩායමේ හිමිකාරිත්වය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් වන Mumbai Indians හිමිකරුවන් විසින් ලබා ගෙන තිබෙනවා.

ඇමරිකාවේ පැවැත්වෙන පළමු වෘත්තීය ලීග් තරගාවලිය වන මෙම තරගාවලියේ ලබා ගත් කණ්ඩායමත් සමඟ Mumbai Indians හිමිකරුවන් විසින් මිල දී ගත් පස්වැනි කණ්ඩායම මෙයයි.

කණ්ඩායමේ හිමිකාරිත්වය දරන Nita Ambani මෙම කණ්ඩායම මිල දී ගැනීම පිළිබඳ ප්‍රකාශ කළේ,

“මම Mumbai Indians පවුලට නිව්යෝක් කණ්ඩායම සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම Major League තරගාවලියට අපේ පැමිණීම මේ විදියට සටහන් කරනවා. මම හිතනවා අපිට Mumbai Indians නාමය ලොව පුරා ගෙනියලා ඉවරයි කියලා. මේක අපේ අලුත් ආරම්භය වගේම අපි බලාපොරොත්තු වෙනවා හොඳින් ඉදිරියට යන්න.”

ලීග් තරග පිටියේ ප්‍රකට නාමයක් වන ඔවුන් මෙම කණ්ඩායමට අමතරව Mumbai Indians (IPL), MI Cape Town (SA20), MI Emirates (ILT20), සහ Mumbai Indians (WPL) කණ්ඩායම්වල හිමිකාරිත්වය දරනවා.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<