සභාපතිගේ යොවුන් කණ්ඩායමේ පළමු ඉන්දීය අභියෝගය අසාර්ථකයි

1188
Sri Lanka U19 BP XI vs India Green

ඉන්දියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ චැලෙන්ජර්ස් කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට ඔවුන් සහභාගී වූ පළමු තරගයේ දී, ඉන්දීය ග්‍රීන් කණ්ඩායම හමුවේ කඩුලු 7ක පරාජයක් අත් විඳින්නට සිදු විය. මේ තරග පැවැත්වුනේ ඉන්දියාවේ මුම්බායි නුවර දී යි.

ස්මිත්ගේ නායකත්වයේ ප්‍රහාරයෙන් ඕස්ට්‍රේලියාව පෙරමුණ ගනී

1882 වර්ෂයේ පටන් ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පවත්වනු ලබන ලෝක පූජිත ක්‍රිකට්..

කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය ග්‍රීන් කණ්ඩායමේ නායක අභිෂේක් ශර්මා පන්දු යැවීම තෝරා ගන්නා ලදි. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ධනංජය ලක්ෂාන් සහ විශ්ව චතුරංග විසිනි. ධනංජය ලකුණු 15ක් ලබා සිටිය දී දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක දර්ශන් නාල්කන්ඩේගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී දැවී යද්දී චතුරංග ද ඔහුගේම ගොදුරක් බවට පත් වන විට රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 21ක්.

එතනින් නොනැවතුණු නාල්කන්ඩේ ශ්‍රී ලංකා ඉනිම සුනු විසුනු කර දැමුවේ පන්දුවාර 8ක් තුළ ලකුණු 87 කට කඩුලු 5ක් දවා ගනිමිනුයි. නවිඳු ප්‍රනාන්දු ලකුණු 24ක් ලබා ගන්නට සමත් විය. කෙසේ වෙතත් සංචාරක කණ්ඩායම ලකුණු 87කට කඩුලු 5ක් දැවී සිටි මොහොතේ, රවිඳු සංජන සමඟින් එක්වූ නායක අයන සිරිවර්ධන ඉනිමට යම් ගෞරවයක් එක් කළේ, 6 වන කඩුල්ල සඳහා ලකුණු 77ක් සබඳතාවක් ගොඩ නගමිනි.

වමතින් පන්දුවට පහර දෙන සංජන පන්දු 64ක් තුළ අගනා ලකුණු 49ක් රැස් කරද්දී, වේගවත් පිතිකරණ රටාවක් දියත් කළ සිරිවර්ධන හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් සමඟින් ලකුණු 59ක් රැස් කරන්නට සමත් විය. ඔහුගේ ඉනිමට වැය වුනේ පන්දු 47ක් පමණි. මේ අනුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 220ක් දක්වා ඉහළ දමන්නට මේ සබඳතාව බෙහෙවින් දායක විය.

ලකුණු 221ක ඉලක්කයක් හඹා යන ගමනේ ඉන්දීය ග්‍රීන් කණ්ඩායමට එතරම් බාධකවලට මුහුණ දීමට සිදු නොවූ අතර ඔවුන් කඩුලු 3ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කරන්නට වැය කළේ ද පන්දු වාර 32යි එක් පන්දුවක් පමණයි. අංකුෂ් සිං, ප්‍රියාම් ගාග් සහ නායක ශර්මා අර්ධ ශතක රැස් කරද්දී, නිපුන් මාලිංග, රවිඳු සංජන සහ හරීන් බුද්ධිල එක් කඩුල්ල බැගින් බිඳ හෙලන්නට සමත් විය.

දසුන් ශානකට දඩ; තරග තහනමකට අවදානමක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය යටතේ නාග්පූර් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හෙට (28) සිය දෙවන තරගය සඳහා ඉන්දීය රෙඩ් කණ්ඩායම සමඟින් තරග වැදීමට නියමිතයි.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකා 19 න් පහළ – සියල්ලන් දැවී 220 (48.4): අයන සිරිවර්ධන – 59, රවිඳු සංජන – 49, නවිඳු ප්‍රනාන්දු – 26, විශ්ව චතුරංග – 21, කලන පෙරේරා – 15*,  දර්ශන් නාල්කන්ඩේ – 5/18, ඉශාන් පොරෙල් – 2/17, සිද්ධාර්ත් දේසායි – 2/48.

ඉන්දියා ග්‍රීන් – 222/3 (32.1): ප්‍රියාම් ගාග් – 64, අභිෂේක් ශර්මා – 52*, අංකුෂ් සිං – 51, ර්යන් ජුයාල් – 35, සල්මාන් ඛාන් – 18*

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<