Ponting දැන් දිල්ලිය සමඟ පරදින්න පුරුදු වෙනවා

IPL 2023

6938

මෙවර IPL තරගාවලියේ නොකඩවා ලැබූ පස්වැනි පරාජයට ද මුහුණ දීමට Delhi Capitals කණ්ඩායමට ඊයේ (15) දිනයේ සිදු වුනා.

ඊයේ Royal Challengers Bangalore වෙතින් ලැබුණු ලකුණු 175ක ඉලක්කය හඹා යාමට Delhiය අපොහොසත් වූ අතර, මෙවර තරග වාරය පුරාවට ම Delhi පන්දු යැවීමටත් වඩා දුර්වල වී ඇත්තේ Delhi පිතිකරණයි.

නම් දැරූ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ම කණ්ඩායම සමඟින් එක් ව සිටිය ද, ඒ කිසිවකුත් කණ්ඩායමට අවශ්‍ය ජීවය ලබා නොදීම මෙම පරාජයන් රැල්ලට හේතුව ලෙස හඳුනා ගත හැකියි.

එමෙන්ම Delhiය තවමත් මෙවර තරගාවලියේ එකඳු තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට ද සමත් වී නැහැ. පසුගිය තරග වාර කිහිපයේ ම කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ Delhiය දැන් පත් වී ඇති මෙම අභාග්‍ය සම්පන්න බිඳ වැටීම පිළිබඳ බොහෝ දෙනෙකු කනගාටුවෙන් පසු වන අතර, මේ පරාජයන් වල වරද කණ්ඩායම් බලධාරීන්ගේ උරහිස් මතට ටිකෙන් ටික බර වන බව ද දැන් දැන් පෙනී යනවා.

Delhi Capitals කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවෙන් බිහි වුනු ක්‍රිකට් ලොව අතිසාර්ථක ම නායකයකු ලෙස සැලකෙන Ricky Ponting වන අතර, එම කණ්ඩායමේ අධ්‍යක්ෂක ධුරයේ කටයුතු කරන්නේ ඉන්දියාවෙන් බිහි වූ තවත් සාර්ථක නායකයෙකු ලෙස සැලකෙන Saurav Ganguly විසිනුයි.

නම් වශයෙන් ගත් කල අතිවිශිෂ්ටයින් ලෙස සැලකුම් ලැබුව ද Delhiයට අවශ්‍ය මග පෙන්වීම මෙවර ඔවුන්ගෙන් ලැබෙනවා ද යන්න මේ වන විට ක්‍රීඩාවේ ප්‍රවීණයින් විසින් ප්‍රශ්න කරනවා.

“මම හිතන්නේ මම කලිනුත් කියලා තියෙනවා Punjab උරුමය (අවාසනාවන්ත ලෙස තරග පරාජය වීම) දැන් Delhiයට භාර දීලා තියෙන්නේ. කණ්ඩායමක් පැරදුණා ම පුහුණුකරුවන්ට එහි වගකීම පැවරෙනවා. Ponting ගොඩක් අවස්ථාවල දී හොඳ දේවල් කළා. ඔහු ඔවුන් (Delhiය) අවසන් තරග, Play – Off වෙත රැගෙන ගියා ම ඒවගේ සම්පූර්ණ වගකීම බාර ගන්නවා. දැන් ඔහුට මෙහි වගකීමත් බාර ගන්න වෙලා තියෙනවා.

දින්නහම වගකීම භාර ගන්නයි, පරදුනාම වෙන කාට හරි බනින්නයි මේක ඉන්දියානු කණ්ඩායම නෙවෙයි.

මම හිතන්නෙ Delhiය දැන් තරමක් වික්ෂිප්ත වෙලා ඉන්නේ මේ දේ වෙනස් කරන්න ඔවුන් කළ යුතු දේවල් ගැන හිතලා ම.”

අතීතයේ Delhiයට නායකත්වය ලබා දුන් ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු වන Virender Sehwag විසින් Delhiයේ මෙම බිද වැටීම Ricky Ponting වෙත පටවන්නට ඒ අයුරින් උත්සාහ කරනවා.

එමෙන්ම BCCI ප්‍රධානී ධුරයෙන් සමුගැනීමෙන් පසුව නැවත Delhiය සමඟ එක් වුන Saurav Ganguly හට මෙම අවාසනාවන්ත තත්වය ගැන කුමක් සිතෙනවා ද යන්න හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ වත්මන් විස්තර විචාරක Ravi Shastri විසින් මෙසේ අනුමාන කරනවා.

“තරග හතරක් එක දිගට පැරදුනායින් පස්සේ නැවතත් නැගී සිටීම ඉතා ම අපහසු දෙයක්. ඒක තමයි දැන් Delhiයට තියෙන ප්‍රශ්නය.”

ඊයේ තරගයෙන් පසුව Shastri විසින් සිය පැහැදිලි කිරීමට මුල පිරුවා.

“එතන ඉන්න සමහර අයට පරාජය වීම පුරුදු දෙයක් නෙවෙයි. Ricky Ponting ඉන් එක් අයෙක්.”

shastriගේ විස්තර විචාරක සගයා Simon Doull විසින් එවෙලේ සිය අදහස ඊට එකතු කළා.

Doull සමඟ එකඟ වෙමින් Shastri තවදුරටත් මෙසේ සිය අදහස ප්‍රකාශ කළා.

“David Warnerත් එහෙමයි. ඔහු හැමදාම දිනන පැත්තේ හිටපු කෙනෙක්.

තරග පරාජය වීම නෙවෙයි, එක දිගට පහක් පරාජය වීමයි ගැටලුව. තියුණු විදිහට තරග පරාජය වීම වගේ නෙවෙයි කණ්ඩායම් විසින් මේ විදිහට ඔබව නිතරම අබිබවා යාම. ඒක සතුටු දායක කතාවක් නෙවෙයි.

හිටපු ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානී Saurav Gangulyට හිතෙන්නෙ ඇති උඩ තට්ටුව තව හොඳයි කියලා.”

මේ වන විට IPL ලකුණු සටහනේ අවසන් ස්ථානය නිතරගයෙන් ම තහවුරු කර ගෙන සිටින Delhiයට මෙම වලෙන් ගොඩ ඒමට නම් ඉහත ප්‍රධානීන්ගේ මෙන් ම කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් ද මීට වඩා දායකත්වයක් ලැබිය යුතු බව නම් බොහෝ විශ්වාසයෙන් යුතුව පැවසිය හැකියි.

මෙවර IPL තරගාවලියේ සියලු තතු විත්ති මෙන්ම තරගාවලියේ සියලු තරග සජීවීව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<