වෙළඳ සේවා ක්‍රිකට් සංගමය 33 වැනි වරටත් සංවිධානය කරන Singer – MCA Super Premier League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ත්‍රිත්වයක් අද (6) අවසන් වුණා.
එහි දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ CDB කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යැවූ ලහිරු මදුශංක. ඔහු SLC Youth කණ්ඩායමට එරෙහි ව ලකුණු 33කට කඩුලු 5ක් දවා ගත්තා.
ඊට අමතර ව Hayleys Group A කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු (4/16) සහ ප්‍රභාත් ජයසූරිය (4/23) ද දිනයේ කැපී පෙණෙන පන්දු යවන්නන් බවට පත් වුණා.
මේ අතර පැවැති තරගවල දී SLC Youth කණ්ඩායමේ සනුල් වීරරත්න (63), CDB කණ්ඩායමේ පවන්ත වීරසිංහ (52) සහ පවන් රත්නායක (79), Fairfirst Insuarance කණ්ඩායමේ ගීත් කුමාර (53) සහ සනෝජ් දර්ශික (87) ද අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
- මිලාන් රත්නායක තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි
- ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලෝකඩ පදක්කම් සටනට
- ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බරයේ මෙරටට
- පාකිස්තානයට යන ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- Major Club විස්සයි විස්සෙන් සොයගත් මිණි කැට
පැවැති තරගවල කෙටි ලකුණු පුවරු
Hayleys Group – A සහ BBK Partnership අතර තරගය, කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.
- BBK Partnership – සියලුම දෙනා දැවී 81 (26.1) මහේන්දිරන් කාවිලන් 16, ප්‍රභාත් ජයසූරිය 4/23, රවිඳු ප්‍රනාන්දු 4/16, රමේෂ් මෙන්ඩිස් 2/27
- Hayleys Group A – කඩුලු 3ක් දැවී 82 (11.1) නිශාන් මදුශ්ක 31, පුලිඳු පෙරේරා 21, රවිඳු ප්‍රනාන්දු 19, තීසාන් විතුසාන් 2/30
Hayleys Group – A කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
CDB සහ SLC Youth අතර තරගය, කොළඹ MCA ක්‍රීඩාංගණයේ දී.
- SLC Youth – සියලුම දෙනා දැවි 193 (48.1) රෙහාන් පීරිස් 24, සනුල් වීරරත්න 63, ගිම්හාන් රසාංජන 32, විශ්ව දනංජය 3/30, ලහිරු මදුශංක 5/33
- CDB – කඩුලු 3ක් දැවී 194 (25.3) පවන්ත වීරසිංහ 52, පවන් රත්නායක 79, නිපුන් දනංජය නොදැවී 33,
CDB කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
Colombo Aces සහ Fairfirst Insuarance අතර තරගය, කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Fairfirst Insuarance – කඩුලු 9ක් දැවී 262 (50.0) ගීත් කුමාර 53, සනෝජ් දර්ශික 87, රනේෂ් සිල්වා 29, දුශාන් හේමන්ත 2/69
- Colombo Aces – සියලුම දෙනා දැවී 156 (37.2) කවින් බණ්ඩාර 27, දුශාන් හේමන්ත 37, වනුජ සහන් 32, දිලුම් සුදීර 3/35, විහස් තෙව්මික 2/24, තනුක දාබරේ 2/04
Fairfirst Insuarance කණ්ඩායමට ලකුණු 106ක ජයක්.
Singer – MCA Super Premier League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















