“රිෂාබ් අපේ සැලසුමේ කොටසක්” – රාහුල් ද්‍රාවිඩ්

1554
Khaleejtimes

එළඹෙන ඔක්තෝබර් මාසයේ ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත මීළඟ 20-20 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියානු කණ්ඩායමේ සැලසුම්වලට රිෂාබ් පන්ට් ඇතුළත් බව ඉන්දියානු ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු රාහුල් ද්‍රාවිඩ් පවසනවා.

පසුගිය දා අවසන් වූ ඉන්දියා-දකුණු අප්‍රිකා 20-20 ජාත්‍යන්තර තරගාවලිය 2-2ක් ලෙස අවසන් වීමෙන් අනතුරුව පන්ට්ගේ නායකත්වය ගැන යම් මතභේදාත්මක තත්වයක් උද්ගතව තිබෙනවා. තරගාවලියේ අවසන් තරගය වර්ෂාව නිසා අත්හැර දැමුණා.

පේන විදියට එයාට තව ලකුණු ගහන්න තිබුණා. ඒත් ඒක ගැන එයා සලකන්නේ නෑ. නිශ්චිතවම එයා අපේ ඉදිරි මාස කිහිපයේ සැලසුම් වල ඉතාම විශාල කොටසක්”, ද්‍රාවිඩ් පැවසුවේ ඉන්දියා-දකුණු අප්‍රිකා තරගාවලියේ අවසන් තරගයෙන් අනතුරුවයි.

ද්‍රාවිඩ් පවසන්නේ තමන් එක් තරගාවලියකින් ක්‍රීඩකයෙකු පිළිබඳ නිගමන වලට නොඑළඹෙන බවයි.

මට විවේචනය කරන්න අවශ්‍ය නෑ. මැද පන්දුවාරවල දී ඔබට වේගයෙන් ලකුණු රැස්කළ හැකි පිතිකරුවන් අවශ්‍යයි. තරගකාරී වීම සඳහා. සමහර වෙලාවල්වල දී ඒක තරග දෙක තුනකින් නිගමනය කරගන්න අමාරුයි”, ඔහු පවසනවා.

රිෂාබ් පන්ට් ක්‍රීඩා කරන අවදානම් සහගත පහරවල් නිසා ඔහුට ඒ අවස්ථාව දිය යුතු බවයි පුහුණුකරු ද්‍රාවිඩ් පවසන්නේ.

ආක්‍රමණශීලීව පන්දුවට පහර දෙන්න යද්දී ඔහුට යම්කිසි අවස්ථාවල දී වරදින්න පුළුවන්. ඒත් ඔහු අපේ පිතිකරණ සැලසුමේ අත්‍යාවශ්‍ය සාධකයක්. ඔහුට තියෙන ශක්තියත් ඔහු වමත් පිතිකරුවෙකුත් වීම නිසා මැද පන්දුවාර (10-15) වලදී ඔහු හොඳ ඉනිම් ක්‍රීඩා කරලා තියෙනවා”, ඔහු පැවසුවා.

පන්ට්ගේ නායකත්වය ගැන විමසීමේ දී ද ද්‍රාවිඩ් තම ක්‍රීඩකයාගේ පැත්තේ සිටගත්තා.

“0-2 ඉඳලා 2-2 දක්වා තරගාවලිය අරගෙන ඇවිත් අපට දිනන්න අවස්ථාවක් නිර්මාණය කරපු එක හොඳ දෙයක්. නායකත්වය ජය සහ පරාජය ගැන පමණක්ම කතා කෙරෙන දෙයක් නොවෙයි. ඔහු නායකයෙකු හැටියට හැදෙන වැඩෙන තරුණ නායකයෙක්. තාම ඔහු ගැන නිගමන වලට එන්න කලින්  වැඩියි. එක තරගාවලියකින් ඒක කරන්න ඕන නෑ”, ද්‍රාවිඩ් යනු ඥානාන්විත පිතිකරුවෙකු මෙන්ම ඥානාන්විත පුහුණුකරුවෙක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<