Home Sinhala රන් සිංහ එක්දින සටනේ ජය ධර්මපාල විද්‍යාලයට

රන් සිංහ එක්දින සටනේ ජය ධර්මපාල විද්‍යාලයට

රන් සිංහයන්ගේ වාර්ෂික එක්දින මහා ක්‍රිකට් තරගය 2022

313
6th Battle of the Golden Lions 2022 | Dharmapala Vidyalaya vs Rahula College

මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර 6 වැනි වරටත් පැවති රන් සිංහයන්ගේ වාර්ෂික එක්දින මහා ක්‍රිකට් තරගය අද (28) ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේ දී නිමා වූ අතර එම තරගයෙන් ලකුණු 72ක ජයක් ලබා ගැනීමට ධර්මපාල විද්‍යාල සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් රාහුල විද්‍යාල නායක බිනුර සංඛේත් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්

  • ධර්මපාල විද්‍යාලය – තිසර වික්‍රමසිංහ, උදිත සඳරුවන්, ප්‍රවීන් කුමාරප්පෙරුම, රශ්මිත ඉමන්ත (කඩුලු රකින්නා), පසිඳු තීක්ෂණ, උෂාන් ගලගෙදර, කාවින්ද නිශාන් (නායක), සචින්ත චාමික, පසිඳු දිමුදිත, ජීවාන් ඩේවිඩ්, යසිරු කාවින්ද.
  • රාහුල විද්‍යාලය – බිනුර සංකෙත් (නායක), පසිඳු අවිශ්ක, ඉමේත් මාන්නප්පෙරි, ගිම්සර සොනාල්, තත්සර ඩිල්ශාන් (කඩුලු රකින්නා), තරිඳු රාජපක්ෂ, ජනිරු විජේවර්ධන, අනදිල් සංදේශ්, ඔවින් බෝපගේ, මිනුග ලක්විදු, එස්. ඩී. එච්. බටගේ

තිසර සහ උදිත ධර්මපාල ඉනිම ආරම්භ කළ අතර එහි දී ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 52ක් තුල ලකුණු 45ක සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනා.

ලකුණු 22ක් ලබාගෙන සිටි උදිත තරගයේ පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර ඉන් අනතුරුව රශ්මිත සහ තිසර එක්ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62ක සබඳතාවයක් ගොඩනංවමින් ධර්මපාල ලකුණු සටහනේ මැදපෙළ සවිමත් කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළා.

දකුණතින් පිතිකරණයේ නිරත වන සිව්වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩක තිසර පන්දු 53ක් තුල 4 පහර 6ක් සහ 6 පහර 4ක් එල්ල කරමින් වේගවත් ලකුණු 68ක් ලබාගෙන කැපී පෙනෙන පිතිකරණයක නිරත වුනා.

ජනිරුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙන් තිසරගේ ඉනිම අවසන් වුනු අතර එම කඩුල්ලක සමඟ ලකුණු 37ක් තුල කඩුලු 5ක් දවා ගනිමින් නැවතත් සාර්ථක ලෙස තරගයට අවතීර්ණ වීමට රාහුල ක්‍රීඩකයින් සමත් වුනා.

ලකුණු 148කට කඩුලු 7ක් බිඳ වැටී තිබුණු ධර්මපාල ඉනිමේ පසුපෙළ පිතිකරුවන් අංක 4 මැදපෙළ පිතිකරු රශ්මිත සමඟ එක්ව අවසන් කඩුලු 3 වෙනුවෙන් ලකුණු 73ක් එකතු කරමින් අභියෝගාත්මක ලකුණු සටහනක් වෙත සිය කණ්ඩායම රැගෙන ගියා.

එහි දී කඩුල්ලේ රැඳෙමින් ඉනිම ස්ථාවර වූ රශ්මිත පන්දු 83ක් තුල ලකුණු 41ක් ලබා ගත්තේ එක් 4 පහරක් එල්ල කරමින්. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන ඔවින් කඩුලු 4ක් දවා ගන්නා විට, ජනිරු කඩුලු 3ක් දවාගෙන දස්කම් දැක්වූවා.

ලකුණු 222ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු රාහුල ක්‍රීඩකයින් හට පන්දුවාර 44කුත් පන්දු 4ක් අවසානයේ දී සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 149ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු තරිඳු 4 පහර 2ක් සමඟ ලකුණු 30ක් ලබා ගන්නා විට, නායක බිනුර ලකුණු 27කට දැවී ගියා.

පන්දු යැවීමේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වුනු දකුණතින් පා දඟපන්දු යවන ක්‍රීඩක සචින්ත ලකුණු 42කට කඩුලු 6ක් දවාගෙන දස්කම් දැක්වූවා.

ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වූ තිසර ලබා ගත් අර්ධ ශතකයට අමතරව ඔහු විසින් පන්දු යැවීමෙන් ද කඩුලු 3ක දස්කමක් දැක්වීම කැපී පෙනුණා.

  • තරගයේ වීරයා සහ දක්ෂතම පිතිකරුවා – තිසර වික්‍රමසිංහ (ධර්මපාල විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – සචින්ත චාමික (ධර්මපාල විද්‍යාලය)

Result


Dharmapala Vidyalaya
221/10 (48.3)

Rahula College
149/10 (44.4)

Batsmen R B 4s 6s SR
Thisara Wickramasinghe b Janiru Wijewardena 68 53 6 4 128.30
Uditha Sadaruwan b Ovin Bopara 22 27 4 0 81.48
Praveen M Kumaraperuma c K.S.BINURA SANKETH b Ovin Bopara 1 8 0 0 12.50
Rashmitha Emantha c Tharindu Rajapaksha b E. A.PASINDU AVISHKA 41 83 1 0 49.40
Pasindu Theekshana c Gimsara Sonal kandage b Ovin Bopara 4 6 0 0 66.67
Ushan Galagedara c H. A. THATHSARA DILSHAN b M. A.NADIL SANDESH 4 22 0 0 18.18
W A Kavinda Nishan lbw b Janiru Wijewardena 8 15 1 0 53.33
Sachintha Chamika c K.S.BINURA SANKETH b Ovin Bopara 0 7 0 0 0.00
Pasindu Dimuditha c Ovin Bopara b Gimsara Sonal kandage 21 27 1 1 77.78
Jewan David b Janiru Wijewardena 16 32 1 0 50.00
Yasiru Kavinda not out 11 12 1 0 91.67


Extras 25 (b 4 , lb 5 , nb 1, w 15, pen 0)
Total 221/10 (48.3 Overs, RR: 4.56)
Bowling O M R W Econ
E. A.PASINDU AVISHKA 7 1 29 1 4.14
W.MINUGA LAKVIDU 2 0 14 0 7.00
M. A.NADIL SANDESH 10 0 35 1 3.50
Ovin Bopara 10 0 42 4 4.20
Janiru Wijewardena 7.3 0 38 3 5.21
Gimsara Sonal kandage 4 0 19 1 4.75
K.S.BINURA SANKETH 8 0 35 0 4.38


Batsmen R B 4s 6s SR
H. A. THATHSARA DILSHAN b Thisara Wickramasinghe 11 30 1 0 36.67
G. IMETH MANAMPERI c W A Kavinda Nishan b Thisara Wickramasinghe 16 41 1 0 39.02
S. D. H. BATTAGE b Sachintha Chamika 18 42 2 0 42.86
Tharindu Rajapaksha c Yasiru Kavinda b Sachintha Chamika 30 60 2 0 50.00
K.S.BINURA SANKETH lbw b Sachintha Chamika 27 40 1 0 67.50
Gimsara Sonal kandage c Yasiru Kavinda b Sachintha Chamika 7 6 1 0 116.67
Ovin Bopara b Sachintha Chamika 4 8 0 0 50.00
W.MINUGA LAKVIDU run out (Praveen M Kumaraperuma) 7 12 1 0 58.33
E. A.PASINDU AVISHKA st Rashmitha Emantha b Thisara Wickramasinghe 2 6 0 0 33.33
Janiru Wijewardena not out 6 9 0 0 66.67
M. A.NADIL SANDESH b Sachintha Chamika 1 8 0 0 12.50


Extras 20 (b 0 , lb 2 , nb 1, w 17, pen 0)
Total 149/10 (44.4 Overs, RR: 3.34)
Bowling O M R W Econ
W A Kavinda Nishan 5 0 16 0 3.20
Pasindu Dimuditha 7 1 23 0 3.29
Thisara Wickramasinghe 9 1 16 3 1.78
Ushan Galagedara 4 0 14 0 3.50
Yasiru Kavinda 6 1 17 0 2.83
Sachintha Chamika 9.4 0 42 6 4.47
Jewan David 4 0 19 0 4.75



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<