KL Rahulගෙන් නව වාර්තාවක්

317

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ලකුණු 4000 සම්පූර්ණ කළ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට Lucknow Super Giants නායක KL Rahul ඊයේ (15) සමත් වුනා.

Punjab Kings කණ්ඩායම සමඟ ලක්නව් හී පැවති තරගයේ දී ඔහු මෙම කඩඉම පසු කිරීමට සමත් වුනා. ඔහු මෙම ලකුණු 4000 සම්පූර්ණ කිරීමට ඉනිම් 105ක් වැය කර තිබූ අතර ඔහුට පෙර Chris Gayle (ඉනිම් 112), David Warner (ඉනිම් 114), Virat Kohli (ඉනිම් 128) සහ AB de Villiers (ඉනිම් 31) එම සීමාව පසු කර තිබුණා.

ඊයේ (15) තරගයේ දී සිය රිද්මයට පැමිණි KL Rahul පන්දු 56ක් තුළ 132.14ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් ලකුණු 74ක් රැස් කළ අතර එයට හතරේ පහර අටක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනා.

මෙය ඔහුගේ 114 වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගය වූ අතර තරග ඉතිහාසය පුරාවට ඔහු ලකුණු 4.044ක සාමාන්‍යයක් රඳවා ගෙන තිබුණේ ලකුණු 47.02ක සාමාන්‍යයක් ද සමඟයි.

ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් පිටියේ ශතක 4ක් සහ අර්ධ ශතක 32ක් ලබා ගැනීමට සමත්ව ඇති අතර ලකුණු නොදැවී ලකුණු 132ක් ලබා ගෙන ඔහුගේ හොඳම ඉනිම වාර්තා කර තිබෙනවා.

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත ThePapare.com ඔස්සේ නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<