ශතකයක් සමඟ Kohliගෙන් වාර්තා කිහිපයක්

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඉන්දියා සංචාරය 2023

380
Virat Kohli crushes Brian Lara's incredible record

තරග කිහිපයක සිදු වූ පසුබෑමකින් පසු සුපිරි ඉන්දීය පිතිකරු Virat Kohli ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේ දී අගනා ශතකයක් රැස් කරමින් ලකුණු 186ක් ලබා ගැනීමට සමත් වුනා.

Kohli ලකුණු 50 සීමාව පසු කළේ ඉනිම් 16කින් පසු වූ අතර ඉන්දියාව තුළ ටෙස්ට් ලකුණු 4000 සම්පූර්ණ කරමින් එම කඩඉම පසු කළ පස්වැනි ඉන්දීය පිතිකරුවා වීමට ද ඔහු සමත් වුනා.

මීට පෙර එම කඩඉම පසු කර තිබුණේ Sachin Tendulkar, Rahul Dravid, Sunil Gavaskar සහ Virender Sehwag යන ක්‍රීඩකයිනුයි.

ඉනිම් 77ක් තුළ එම ලකුණු සීමාව පසු කරමින් එම කඩඉම පසු කළ තෙවැනි වේගවත්ම ක්‍රීඩකයා වීමට ඔහු සමත් වූ අතර එම සීමාව පසු කළ වේගවත්ම ක්‍රීඩකයා වන Virender Sehwag ඉනිම් 71ක් තුළ කඩඉම පසු කර තිබෙනවා.

මව්බිමේ දී Kohliගේ ටෙස්ට් පිතිකරණ සාමාන්‍ය ලකුණු 58.82ක් වන අතර ලකුණු 4000 පසු කළ ක්‍රීඩකයින් අතරින් හොඳම සාමාන්‍ය ඔහුට හිමි වීම විශේෂත්වයක්.

එමෙන්ම මෙම ශතකය සමඟ ඕස්ට්‍රේලියාවට එරෙහිව වැඩිම ජාත්‍යන්තර ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර Brian Lara පසු කරමින් දෙවැනි තැනට පැමිණීමට ද Kohliට හැකි වුනා.

ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉනිම් 104ක් තුළ ලකුණු 4729ක් ලබා ගැනීමට Kohliට හැකිව තිබෙන අතර ඉනිම් 144ක් තුළ ලකුණු 6707ක් ලබා ගනිමින් සුපිරි පිතිකරු Sachin Tendulkar එම ලැයිස්තුවේ පෙරමුණේ පසු වෙනවා.

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේ පන්දු 364ක් තුළ ලකුණු 186ක් ලබා ගනිමින් Kohli වාර්තා කළ සුපිරි ඉනිම නිසා පළමු ඉනිම සඳහා ලකුණු 571ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ඉන්දියාවට හැකි වුනා.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<