වනිඳුට සහ භානුකට පාකිස්තානයෙන් ඉහළම ඉල්ලුමක්

PSL 2023

2071

ඊයේ (15) පැවති PSL (පාකිස්තාන ප්‍රිමියර් ලීගය) ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ භානුක රාජපක්ෂ ඉහළම මිල කාණ්ඩය යටතේ වෙන්දේසි වී තිබෙනවා.

8 වැනි PSL තරගාවලිය වෙනුවෙන් ඊයේ පැවති මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී Platinum කාණ්ඩය යටතේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙක් ලැයිස්තු ගත කර තිබුණා (වනිඳු හසරංග, භානුක රාජපක්ෂ සහ දසුන් ශානක).

ඒ අතරින් වෙන්දේසියේ දී පළමු විදේශීය ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංගව Quetta Gladiators කණ්ඩායම විසින් තෝරාගත් අතර, පසුව භානුක රාජපක්ෂව Peshawar Zalmi කණ්ඩායම මගින් තෝරා ගත්තා.

ඊට අමතර Platinum කාණ්ඩය නියෝජනය කරමින් පාකිස්තාන ක්‍රීඩකයින් ලෙස Naseem Shah සහ Fakhar Zamanව තෝරා ගනිද්දී, විදෙස් ක්‍රීඩකයින් ලෙස David Miller, Alex Hales, Matthew Wade, Rovman Powell, Imran Tahir, Rahmanullah Gurbaz, Josh Little යන ක්‍රීඩකයින් කණ්ඩායම් 6 මගින් තෝරා ගත්තා.

තරගාවලිය 8 වැනි අදියර ලබන වසරේ පෙබරවාරි 9 වැනිදා සිට ආරම්භ කිරීමට දැනට සැලසුම් කර තිබෙනවා.

ඊයේ පැවති වෙන්දේසියෙන් අනතුරුව PSL කණ්ඩායම්වල සංචිත මෙසේයි:

  • Islamabad United – Alex Hales, Rahmanullah Gurbaz, Shadab Khan, Asif Ali, Fazal Haq Farooqi, Wasim Jr, Azam Khan, Faheem Ashraf, Hasan Ali, Abrar Ahmed, Colin Munro, Paul Stirling, Rumman Raees, Sohaib Maqsood, Hassan Nawaz, Zeeshan Zamir, Moeen Ali, Mubasir Khan
  • Karachi Kings – Haider Ali, Imran Tahir, Matthew Wade, Imad Wasim, James Fuller, James Vince, Andrew Tye, Mohammad Amir, Shoaib Malik, Aamer Yamin, Mir Hamza, Mohammad Akhlaq, Sharjeel Khan, Tayyab Tahir, Irfan Khan Niazi, Qasim Akram, Mohammad Umar, Tabraiz Shamsi
  • Lahore Qalandars – Fakhar Zaman, Rashid Khan, Shaheen Shah Afridi, Dawid Wiese, Hussain Talat, Haris Rauf, Abdullah Shafique, Liam Dawson, Sikander Raza, Ahmad Daniyal, Dilbar Hussain, Harry Brook, Kamran Ghulam, Mirza Tahir Baig Shawaiz Irfan, Zaman Khan, Jalat Khan, Jordan Cox
  • Multan Sultans – David Miller, Josh Little, Mohammad Rizwan, Khushdil Shah, Rilee Rossouw, Shan Masood, Akeal Hosein, Shahnawaz Dahani, Tim David, Anwar Ali, Sameen Gul, Sarwar Afridi, Usama Mir, Usman Khan, Abbas Afridi, Ihsanullah, Adil Rashid, Arafat Minhas
  • Peshawar Zalmi – Babar Azam, Rovman Powell, භානුක රාජපක්ෂ, Mujeeb Ur Rehman, Sherfane Rutherford, Wahab Riaz, Arshad Iqbal, Danish Aziz, Mohammad Haris, Aamer Jamal, Tom Kohler-Cadmore, Saim Ayub, Salman Irshad, Usman Qadir, Haseebullah Khan, Sufyan Muqeem, Jimmy Neesham
  • Quetta Gladiators – Mohammad Nawaz, Naseem Shah, වනිඳු හසරංග, Iftikhar Ahmed, Jason Roy, Odean Smith, Ahsan Ali, Mohammad Hasnain, Sarfaraz Ahmed, Mohammad Zahid, Naveen-ul-Haq, Umar Akmal, Umaid Asif, Will Smeed, Aimal Khan, Abdul Wahid Bangalzai, Martin Guptill, Omair Bin Yousuf

එළඹෙන PSL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<