වාසියක් නැත්නම් යාළුවෝත් නැහැ

1055

ඉන්දීය කණ්ඩායම වරින් වර නියෝජනය කරන තරුණ ආරම්භක පිතිකරුවෙක් වන Prithvi Shaw යනු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථා හිමි වූවාටත් වඩා වාර ගණනක් මතභේදකාරී සිදුවීම් වලට මුහුණ දීම නිසා පුවත්පත් වල සිරස්තල මැවූ අයකු ලෙසයි ප්‍රසිද්ධ වී ඇත්තේ.

Shaw සම්බන්ධයෙන් ඇසුණු නවතම මතභේදකාරී සිදුවීම වුනේ මීට කිහිප දිනකට ප්‍රථම ඔහු හා තවත් ඉන්දියානු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් වන Sapna Gill යන කාන්තාව අතර රාත්‍රි සමාජ ශාලාවක දී ගැටුමක් ඇති වූ බවයි.

ඒ පිළිබඳ සිදුවීමට සම්බන්ධ වූ දෙපාර්ශවයෙන් වෙනස් කතා දෙකක් ඉදිරිපත් වී ඇති අතර Gill විසින් පවසන්නේ බීමත්ව සිටි Shaw විසින් තමන්ට පහර දුන් බවයි.

නමුත් Shawගේ පාර්ශවයෙන් පවසන්නේ ඇය (Gill) තමන්ගේ පෞද්ගලික නිදහසට බාධා කළ නිසා මෙම ආරවුල හට ගත් බවයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් Shawට විරුද්ධව කිසිදු පියවරක් ගෙන නැතත්, Sapna Gill සහ ඇයගේ මිතුරන් පොලිස් අත් අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා.

මේ අතර මෙම සිදුවීම පිළිබඳ ඇති වූ කතාබහ නැවතත් අලුත් කිරීමට Shaw විසින් දැමූ Instagram සටහනකට හැකියාව ලැබී තිබෙනවා.

“සමහර මිනිස්සු ඔබට ආදරය කරන්නේ ඔවුන්ට ඔබව පාවිච්චි කළ හැකි තාක් කල් පමණයි. ප්‍රතිලාභ අහිමි වෙද්දී ඔවුන්ගේ පක්ශපාතීත්වයත් නැති වෙලා යනවා.”

මීට ප්‍රථම 2019 වසරේ දී Shawට එල්ල වූ තහනම් උත්තේජක චෝදනාවක් යටතේ ඔහුට මාස අටක තරග තහනමකට මුහුණ දීමට සිදු වූ අතර, පසු කාලයක යෝග්‍යතා පරීක්ෂණයක් ලෙස පැවැත්වෙන Yo-Yo පරීක්ෂණය අසමත් වීම නිසා නැවතත් Shawගේ නම කතාබහට ලක් වුනා.

එමෙන්ම 2020 වසරේ IPL තරගාවලියේ දී Delhi Capitals නියෝජනය කරමින් සිටි Shaw විසින් දැල් තුල පන්දුවට පහර දීම ප්‍රතික්ෂේප කරන බව කණ්ඩායම් පුහුණුකරු Ricky Ponting විසින් හෙළිදරව් කිරීමෙන් පසු නැවතත් Shaw පිළිබඳ යම් කතාබහක් ඇති වුනා.

තවමත් 23 හැවිරිදි වියේ පසුවන Shaw අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක දී ඉන්දියාව නියෝජනය කළේ 2021 වසරේ ඉන්දීය කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ සිදු කළ තරග සංචාරයේ දී වන අතර, මෑතක දී නවසීලන්තය සමඟ පැවැත්වුණු විස්සයි විස්ස සංචිතයට ඔහුගේ නම ඇතුළත් වුනත් කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට හිමි වුනේ නැහැ.

එමෙන්ම මාර්තු 31 වැනිදායින් ආරම්භ වීමට නියමිත 2023 IPL තරගාවලියේ දී Shaw විසින් Delhi Capitals නියෝජනය කිරීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<