රග්බි ගොඩනගන සැලසුම් ගැන Agustin Pichot කතා කරයි

78
world rugby

වසර 4කට වරක් පැවැත්වෙන ලෝක රග්බි සම්මේලනයේ මුල් පුටුව සඳහා වන ඡන්ද විමසීමට තවත් ඇත්තේ දින කීපයක් පමණි. පසුගිය සිව් වසර තුළ, ලෝක රග්බි ක්‍රීඩාවේ ප්‍රධානියා වූයේ හිටපු එංගලන්ත 2nd Row ක්‍රීඩක බිල් බියුමොන්ට්‍ ය. ඔහුගේ අංක 2 වූයේ හිටපු ආර්ජෙන්ටිනා Scrum-Half ක්‍රීඩක Agustin Pichot ය.

ලෝක රග්බි සම්මේලනය තුල ඔවුන් දෙදෙනාගේ හිතවත්කම පසෙක දමමින් ඉදිරි සති කිහිපය තුළ ඔවුන් දෙදෙනා වසර හතරක රග්බි ප්‍රධානීත්වය සඳහා තරග කිරීමට නියමිතය. මීළඟ ලෝක රග්බි සම්මේලනයේ සභාපති තෝරාගැනීම සඳහා පවත්වන ඡන්ද විමසීම ඔවුන් දෙදෙනා එක්ව ඇත. 

කොරෝනා නිසා නැවතුණු රග්බි තරගාවලි

ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට දැඩි බාධා එල්ල කරමින් තවමත් COVID-19 වයිරසය ලොව වටා පැතිර යනවා…

වර්තමාන සභාපති වන සර් Bill Beaumont පසුගිය ජනවාරි මාසයේ දී එළඹෙන සිව් වසර සඳහා වන ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීය. ඔහුගේ ප්‍රතිවාදියා වන Agustin Pichot ද තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූ අතර ඒ සම්බන්ධයෙන් CNN නාලිකාව පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් සඳහා ද ඔහු සහභාගි විය. 

ලෝක රග්බි තත්ත්වය හමුවේ රග්බි සංගම් ‘දණ ගසා’ සිටින නමුත් Agustin Pichot පවසන්නේ ඔහුට රග්බි ක්‍රීඩාව බේරා ගත හැකි බවයි. 

රග්බි පිටියේ නිරර්ථක, කඩිසර පැවැත්මක් සහිත Agustin Pichot කිසි විටෙක නිහඬව ක්‍රීඩා කර නැත.  නිර්භීතකම ඔහු දැන් ක්‍රීඩාවේ තවත් පැතිකඩක් සඳහා ගෙන යාමට සූදානමින් සිටී. 

“මම නිතරම කොට්ටෝරුවෙක් වගේ දේවල්වලට තට්ටු කළා. සිදු විය යුතු දේ සඳහා, “ හිටපු Scrum Half ක්‍රීඩකයා CNN SPORTS වෙත පැවසීය. “ඒකෙන් මම සාමාන්‍ය රග්බි ක්‍රීඩකයෙක් වෙන්න ඇති. මම ගොඩක් මුරණ්ඩුයි. මම දේවල් කරන්න කැපවුණා.” 

Agustin Pichot නිහතමානී ය. ඔහුගේ ජාත්‍යන්තර තරග 71ක කාලය තුළ ඔහු ආර්ජෙන්ටිනාවේ රග්බි ක්‍රීඩාවේ ප්‍රබල චරිතයක් බවට පත්විය. 2007 ලෝක කුසලාන තරගාවලියේ දී තුන්වැනි ස්ථානය ලබා ගැනීමට ආර්ජෙන්ටිනාවට නායකත්වය සැපයූවේ  Agustin Pichot ය.

මේ දිනවල ඔහු සිය හඬ ක්‍රීඩාවේ දේශපාලන පැත්තට යොමු කර ඇත. 2016 දී ලෝක රග්බි සම්මේලනයේ උප සභාපති ධුරයට පත්වීමෙන් පසු Agustin Pichot දැන් එංගලන්තයේ හිටපු නායක Bill Beaumont ගේ සභාපති ධුරයට පත්වීමට බලාපොරොත්තු වේ. 

පාලක මණ්ඩලය ඉදිරියට යාමට නායකත්වය දීමට සුදුසු වන්නේ ආර්ජෙන්ටිනාවේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයා වන Agustin Pichot ද Bill Beaumont ද යන්න තෝරාගැනීම සඳහා ලෝක රග්බි කවුන්සිලය ඉරිදා තම ඡන්දය ප්‍රකාශ කරනු ඇත.

Agustin Pichot සත් සාමාජික රග්බි තරගාවලිය 2016 දී ඔලිම්පික් සඳහා එක්වීමෙන් පසු වැන්කුවර් සහ සිංගප්පූරුවට සත් සාමාජික තරගාවලි ගෙන ඒම සහ රග්බි පදිංචිය පිළිබඳ නීති රීති වසර තුන සිට පහ දක්වා වැඩි කිරීමට, එනම් විදේශයන්හි ජීවත් වන ඉහළම ක්‍රීඩකයින් රඳවා ගැනීමට රටවලට හැකි වීම පිළිබඳව සුභවාදී බලාපොරොත්තුවක් තබා ඇත.

නමුත් ඔහු පවසන්නේ ක්‍රීඩාවේ වර්තමාන දිශාව පිළිබඳ ඇති කලකිරීම නිසා රග්බි සම්මේලනයේ ඉහලම තනතුර සඳහා තරග කිරීමට ඔහුට සිදුවී ඇති බවයි.

“ක්‍රීඩාවට බරපතළ අවශ්‍යතාවයක් ඇත. මා විසින් පමණක් නොව සියලු දෙනාටම එහි අවශ්‍යතාවය තියනවා” Agustin Pichot පැවසීය. 

“මම ලෝක රග්බි ක්‍රීඩාවේ සාමාජිකයෙක් වී සිටියා. එහි යම් අවධියක දී මට තේරුම් ගියා එම වෙනස්වීම් හෝ පරිවර්තනයේ ප්‍රවණතාව කිසියම් ගතානුගතික චින්තනයකින් අවහිර වී ඇති බව. රග්බි ක්‍රීඩාවේ ව්‍යුහය ප්‍රතිපත්ති වල නොවෙනස් බව ලොකු අවාසියක් වුනා.” 

“මම Bill Beaumontට කිව්වා, මට තව අවුරුදු හතරක් ඉදිරියට යන්න බැහැ මේ වගේ පළමු පන්තියේ ගුවන් යානා වල ඉඳගෙන රාජකීය පහසුකම් එක්ක නිෂ්ඵල ක්‍රියාවක නිරත වෙන්න බෑ කියලා. මම එය කරන්නේ නැහැ කියලා මම ඔහුට කිව්වා. මට. මේ තත්ත්වය වෙනස් කළ නොහැකි යැයි මට සිතුනොත් මම ගෙදර ‍යනවා. ඒ නිසා මම තීරණය කළා තරග කරන්න.”

දකුණු අප්‍රිකානු රග්බි නියමුවාගෙන් ගම්වැසියන්ට තෑග්ගක්

COVID-19 වසංගතය නිසාවෙන් තම දෛනික අවශ්‍යතාවන් පවා සපුරා ගැනීමට නොහැකිව…

පාපන්දුවෙන් ගත හැකි ආදර්ශ

Agustin Pichot බලාපොරොත්තු සුන්වීම් අතර පසුගිය වසරේ World Rugby Nations Championship සංකල්පය බිඳවැටීම ප්‍රධාන තැනක් ගනී. එම තරගාවලිය ක්‍රීඩාවේ ගෝලීය දින දර්ශනය සඳහා නව දැක්මක් එක් කිරීමට නියමිතව තිබූ අතර එමඟින් රටවල් 12ක ලීග් ශූරතා තුනක් සඳහා තරග වැදීමට නියමිතව තිබිණි. 

මෙම ආකෘතිය ජාත්‍යන්තර රග්බි ක්‍රීඩකයින්ගේ කවුන්සිලය සහ ක්‍රීඩාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් විසින් විවේචනය කරන ලද නමුත් Agustin Pichot කියා සිටින්නේ රග්බි ක්‍රීඩාවේ නැගී එන රටවල් සඳහා මාවතක් නිර්මාණය කරන ක්‍රමයක් අවශ්‍ය බවයි.

එසේ කිරීමෙන්, ගෝලීය ක්‍රීඩාවේ ආධිපත්‍යය දරන රටවල් අතළොස්සක් බිඳ දැමීමට Agustin Pichot අපේක්ෂා කරයි. 1987 සිට පැවති රග්බි ලෝක කුසලාන නවය බිහි කර ඇත්තේ වෙනස් ජයග්‍රාහකයන් හතර දෙනෙකු පමණි.

“අපගේ ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමට හැකි කලාපීය තරගාවලි බිහි කළ යුතුයි. පාපන්දු ක්‍රීඩාව එය කරලා තියනවා.” Agustin Pichot පැවසීය.

“පාපන්දු එය ඉතා හොඳින් කර ඇත. සෑම කලාපයකම සුදුසුකම් ඇති අය සිටිනවා. ඒවා ඉතා තරගකාරීයි. ඒ වගේම එහි යුරෝපීය කුසලානය, අප්‍රිකානු කුසලානය හෝ ඇමරිකානු කුසලානය වගේ තරගාවලි තියනවා.”

“කණ්ඩායම් එම කලාපීය තරගකාරිත්වය මත ගොඩනැඟෙනවා. පසුව ඔවුන් තරග කිරීමට ලෝක වේදිකාවට පැමිණෙනවා. නමුත් එය සිදු කිරීම සඳහා, විවිධ කලාපවලට ආයෝජනය කර එම සැලැස්ම නිර්මාණය කිරීම සෙමින් ආරම්භ කළ යුතුයි.” 

රග්බි නැවත සැකසීමට අවස්ථාවක්

එළඹෙන මැතිවරණය මේ වන විටත් මතභේදයට තුඩු දී තිබේ. නැවත තේරී පත්වීම සඳහා Bill Beaumont ගේ ඉල්ලීම අනුමත කරමින් සිටි ෆීජි රග්බි සංගමයේ (FRU) සභාපති Francis Kean පසුව එම අදහස වෙනස් කළේය. ඒ පිළිබඳව අදහස් දැක්වීම සඳහා CNN නාලිකාව විසින් ෆීජි රග්බි  ප්‍රධානී John O’Connor සම්බන්ධ කර ගත් නමුත් ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබී නැත.

මෙම සති අන්තයේ පැවැත්වෙන මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කරන ලෝක රග්බි මණ්ඩලයේ සාමාජිකයින් 51 දෙනාගෙන් 30 දෙනෙකු රටවල් 10ක් අතර බෙදී ඇත. ඒ ආර්ජෙන්ටිනාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ප්‍රංශය, අයර්ලන්තය, ඉතාලිය, නවසීලන්තය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව සහ වේල්සය යන රටවල් වලිනි. 

හිටපු එංගලන්තයේ සහ බ්‍රිතාන්‍ය හා අයර්ලන්ත ලයන්ස් නායකයෙකු වන Bill Beaumont ගේ සහකරු වන ප්‍රංශ රග්බි ප්‍රධානී Bernard Laporte උප සභාපති ධුරය සඳහා තරඟ කරන එකම පුද්ගලයා වේ. 

එංගලන්තයේ රග්බි පාපන්දු සංගමයේ සභාපතිවරයා ලෙස Bill Beaumont 2015 රග්බි ලෝක කුසලානය අධීක්ෂණය කළේය. එය එවකට වාර්තාගත ලෙස ප්‍රේක්ෂකයන් සහභාගී වූ තරගාවලියක් ලෙස සැලකේ. 

“මෙම පෙර නොවූ විරූ අභියෝගාත්මක අවස්ථාවක්. COVID-19 අර්බුදය හරහා රග්බි ක්‍රීඩාවට මග පෙන්වීමට සහ ගෝලීය ක්‍රීඩාවට ශක්තිමත්ම අනාගතය ගොඩනැගීමට මම සියලු පාර්ශවකරුවන් සමඟ වෙහෙස මහන්සි වී වැඩ කරනවා. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය, බර්නාඩ් ලැපෝර්ට් සමඟ සැමට ක්‍රීඩාවක් පිළිබඳ මගේ දැක්ම ගෙනහැර දක්වනවා” Bill Beaumont පැවසීය.

ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් ක්‍රීඩාවේ පාලනය පිළිබඳ සමාලෝචනයක් සහ ගෝලීය සමයේ ප්‍රතිසංස්කරණයක් මෙන්ම කාන්තා රග්බි ක්‍රීඩාව ක්‍රීඩක සුබසාධනය සහ ලෝක රග්බි මූල්‍ය ප්‍රතිපත්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ. 

කොරෝනා වසංගතය හමුවේ මූල්‍ය සමානාත්මතාවය සාත් කර ගැනීම සඳහා රග්බි සංගම් සිදු කරන අරගලය පිළිබඳව එහි දී අවධානය යොමු කර ඇත. 

ඇමරිකා එක්සත් ජනපද රග්බි සම්මේලනය බංකොලොත් භාවය සඳහා ඉල්ලුම් කර ඇති අතර, පුහුණුකරු ගැරී ගෝල්ඩ් තමාට ඉක්මනින් රැකියාව අහිමි වනු ඇති බව පසුගිය සතියේ ප්‍රකාශ කළේය. ඕස්ට්‍රේලියා රග්බි සම්මේලනයේ ප්‍රධානී රයිලීන් කාසල් පසුගිය බ්‍රහස්පතින්දා හිටපු ඕස්ට්‍රේලියා නායකයින්ගෙන් මෙම තත්ත්වය මඟහරවා ගැනීමට උපදෙස් ඉල්ලා සිටියේය. වැඩි වන මූල්‍ය පීඩනය යටතේ ක්‍රීඩකයන්ගේ වැටුප් කපා හැරීමට ද ඔවුන්ට සිදු විය. 

කැනඩාව ද පවසා ඇත්තේ මේ වසර අග දී ලෝක රග්බි ක්‍රීඩාවෙන් මූල්‍ය ආධාර අවශ්‍ය වනු ඇති බවයි.

ලොව පුරා රග්බි ක්‍රීඩාව නවතා දමා ඇති කොරෝනා වයිරසය ක්‍රීඩාව නැවත සැකසීමට අවස්ථාවක් ලබා දෙන බව Agustin Pichot විශ්වාසය පල කළේය. 

“මෙම වයිරසය අප සියල්ලන් මඳක් සවිස්තරාත්මකව සිතීමට පෙළඹවූවා කියලා මම හිතනවා. තවද ලෝකය සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න එය හොඳ අවස්ථාවක් ලබා දුන්නා.” ඔහු පැවසීය. 

“අපි වෙනස් උපාය මාර්ගයක්, වඩා හොඳ උපාය මාර්ගයක්, වඩා සමානාත්මතාවයක්, වඩා හොඳ පාලනයක් ඒකාබද්ධ කළ යුතුයි. මම හිතන්නේ මේ එයට හොඳම කාලයයි. මම හිතන්නේ අර්බුද යනු වෙනස් ආකාරයකින් දේවල් කිරීමට හොඳ අවස්ථාවක්. මේ වෙද්දී ලෝක රග්බි අර්බුදයකට ලක්ව තිබෙනවා.” 

“ගැටලුව වන්නේ එය සමහර රටවල හොඳින් සිදු වූ නිසා අපි ඒක දිගටම කරගෙන ගියා. නමුත් මම මීට වසර දෙකකට පෙර එය කිව්වා. අපි මේ වේගයෙන් ඉදිරියට ගියහොත් රටවල් වලට බලපෑමක් වේවි කියලා. දැන් ඇමරිකා එක්සත් ජනපදය දණ ගසා තිබෙනවා. කැනඩාව වගේම ඕස්ට්‍රේලියාවත් දණ ගසා ඇත.”

තමාගේම දැක්ම ගැන කතා කරමින් Agustin Pichot, ඔහු රග්බි ක්‍රීඩාවේ “රොබින් හුඩ්” චරිතය යන අදහස අතහැර දමන බව පැවසීය. දුප්පත් වෘත්තීය සමිතිවලට උදව් කිරීම සඳහා ක්‍රීඩාවේ ධනවත්ම රටවලින් ආධාර ලබාගැනීම තවදුරටත් සිදු නොකිරීමට ඔහු තීරණය කර ඇත. නමුත් ෆීජි, ජපානය, ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව වැනි රටවල් ලෝක රග්බි ක්‍රීඩාව තුල දැකීමට තමාට අවශ්‍ය බව ද ඔහු පැවසීය. වෙනත් කණ්ඩායම් අතර, ගෝලීය තරග දින දර්ශනයේ වඩා හොඳ නියෝජනයක් ලබා ගැනීමට ඔවුන්ට උපකාර කරන බව ද ඔහු පැවසීය. 

ලෝක රග්බි මුල් පුටු ගැටුම ඉතාමත් උණුසුම් වෙයි!

පසුගිය සිව් වසර තුළ, ලෝක රග්බි ක්‍රීඩාවේ ප්‍රධානියා වූයේ හිටපු එංගලන්ත 2nd Row ක්‍රීඩක Bill..

Agustin Pichot සිය ප්‍රචාරණය අතරතුර දී ඉදිරිපත් කළ තවත් සුවිශේෂී පොරොන්දුවක් වන්නේ නව රග්බි වීඩියෝ ක්‍රීඩාවක් දියුණු කිරීමට උදව් කරන බව පැවසීමයි. 

වර්තමාන ලෝකයට පැමිණෙන විට රග්බි ක්‍රීඩාව බොහෝ විට එහි ප්‍රතිවාදීන්ට වඩා පසුගාමී වී ඇත. පාපන්දු සහ NFL විසින් FIFA සහ Madden හි වීඩියෝ ක්‍රීඩා එළිදක්වා ඇත. Agustin Pichot පවසන්නේ රග්බි ක්‍රීඩාව වෙත ජනයා ආකර්ෂණය කර ගැනීම සඳහා තමන්ගේම නිෂ්පාදනයක් සංවර්ධනය කිරීම පිළිබඳව තමා මීට පෙර EA SPORTS හි ප්‍රධාන විධායක නිලධාරියා සමඟ කතා කළ බවයි. මෙමගින් තරුණ ප්‍රේක්ෂකයින් ක්‍රීඩාවට ආකර්ෂණය කර ගත හැකි බව ඔහුගේ මතයයි. 

“එය කිසිවෙකුට සිතාගත නොහැකි කර්මාන්තයක්,” ඔහු පැවසීය. “අපි ඒ සඳහා වැඩ කළ යුතුයි. නැවතත්, අපිට හොඳ නිෂ්පාදනයක් අවශ්‍යයි. ළමයින්ට හොඳ නිෂ්පාදනයක් අවශ්‍යයි. එය විශාල ආයෝජනයක්. මට ඒක තේරෙනවා.” 

මැතිවරණයේ ප්‍රතිඵල මැයි 12 වන දින ප්‍රකාශයට පත් කරනු ඇති අතර ඉන් පසුව Agustin Pichot රග්බි ක්‍රීඩාවේ සැබෑ පාලනයන් භාර ගත හැකි දැයි බලා ගත හැකි වනු ඇත. 

ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට ඔහුට නිවැරදි තීරණ ගත හැකි බව ඔහුගේ විශ්වාසයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<