වාර්තාවක් සමඟින් ආසියානු ශූරයා ඔලිම්පික් යයි

106

යගුලිය විසිකිරීම ඉසව්වේ ආසියානු ශූර ඉන්දියානු ක්‍රීඩක Tajinderpal Singh Toor යගුලිය විසිකිරීම ඉසව්වේ ආසියානු වාර්තාව බිඳ හෙළමින් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

මේ දිනවල ඉන්දියාවේ දී පැවැත්වෙන Indian Grand Prix 2021 තරගාවලියට සහභාගී වෙමින් මෙම කඩඉම පසු කිරීමට ඔහු සමත් වූ අතර එම තරගාවලියේ දී ඔහු වාර්තා කළ දක්ෂතාවය මීටර් 21.49කි. 

එම දස්කමත් සමඟින් ඔහු ඔහුගේම ජාතික වාර්තාව (මීටර් 20,92) අලුත් කිරීමට සහ 2009 වසරේ සවුදි අරාබි ක්‍රීඩක Sultan Abdulmajeed Al-Hebshi විසින් යගුලිය විසිකිරීම ඉසව්වේ මීටර් 21.13ක දුරක් වාර්තා කරමින් පිහිටුවා තිබූ ආසියානු මහද්වීපික වාර්තාව ද බිඳ හෙළීමට සමත් වීම ද විශේෂත්වයක්.

තවත් මලල ක්‍රීඩා පුවත්:

එමෙන්ම මෙම තරගාවලියේ දී ඔහු ඔලිම්පික් පරිසාධන සීමාව (21.10m) සිව් වතාවක් අභිබවා යෑමට ද සමත් වූ අතර තරගාවලියේ ඔහුගේ දස්කම් පිළිවෙළින් මීටර් 21.49, මීටර් 21.28, මීටර් 21.12 සහ මීටර් 21.13ක් ලෙස සටහන් විය.

මේ වන විට 26 වැනි වියේ පසුවන Tajinderpal Singh Toor 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ දී යගුලිය විසි කිරීම ඉසව්වේ ආසියානු කිරුළ දිනා ගැනීමට සමත් වූ අතර 2019 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී ද සිය කිරුළ රැකගැනීමට ඔහු සමත් වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<