Home Sinhala 23න් පහළ නැගී එන කිරුළ Moors කණ්ඩායමට

23න් පහළ නැගී එන කිරුළ Moors කණ්ඩායමට

අන්තර් සමාජ 23න් පහළ නැගී එන ක්‍රිකට් තරගාවලිය 2023

209
Moors SC crown as U23 champions

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ නැගී එන දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Moors ක්‍රීඩකයින් අද (22) සමත් වුනා.

ඊයේ දිනයට තරගය අවසන් කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි රාගම ක්‍රීඩකයින් ලකුණු 293කට සීමා වූ අතර සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ශෂික දුල්ෂාන් ලකුණු 52ක් රැස් කළා.

තරගාවලිය පුරාවට පන්දුවෙන් ඉහළ දස්කම් දැක්වූ තිසන් විතූසන් මෙම තරගයේත් ලකුණු 102කට කඩුලු පහක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි Moors කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ඔමේෂ් මෙන්ඩිස් ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරීමට කල්හාර සේනාරත්නට හැකි වුනා.

නමුත් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 112ක වටිනා සම්බන්ධතාවක් ගොඩ නැගීමෙන් අනතුරුව සොහාන් ද ලිවේරා ලකුණු 72කට පිටියෙන් ඉවත් වූ අතර දිනුක දිල්ෂාන් ලකුණු 44ක් රැස් කළා.

ඉන් පසුව පිටියේ එක් වූ ජනිෂ්ක පෙරේරා සහ මොහොමඩ් ශමාස් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 136ක සම්බන්ධතාවක් පිහිටුවමින් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැවීමට සමත් වුනා.

ජනිෂ්ක පෙරේරා පන්දු 128කට මුහුණ දෙමින් ලකුණු 72ක් ලබා ගනිද්දී, මොහොමඩ් ශමාස් පන්දු 87ක් තුළ ලකුණු 73ක් ලබා ගැනීමට සමත් වුනා.

රාගම කණ්ඩායමේ ඩිලෝන් පීරිස් සහ ශෂික දුල්ෂාන් කැපී පෙනෙන පන්දු යැවීමක් ප්‍රදර්ශනය කරමින් Moors පසුපෙළ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළත්, දිනය අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 298ක් ලබා ගෙන පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට Moors ක්‍රීඩකයින්ට හැකි වුනා.

කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ ඩිලෝන් පීරිස් ලකුණු 102කට කඩුලු 5ක් දවා ගනිද්දී, ශෂික දුල්ෂාන් ලකුණු 92කට කඩුලු 3යි.

එම පළමු ඉනිමේ ලැබූ ජය සමඟ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Moors කණ්ඩායමට හැකි වුනා.

තරගාවලිය පුරාවට කඩුලු 29ක් දවා ගත් තීසන් විතූසන් වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ අතර ලකුණු 427ක් රැස් කළ Ace Capital කණ්ඩායමේ සකුන ලියනගේ වැඩිම ලකුණු ලාභියා ලෙස තරගාවලිය අවසන් කළා.

Result

Match drawn

Ragama Cricket Club
293/10 (101.5)

Moors Sports Club
298/9 (62.5)

Batsmen R B 4s 6s SR
Yohan Liyanage c Yashitha Samararathne b Dinuka Dilshan 2 9 0 0 22.22
Nushal Dharmarathna c & b Dinuka Dilshan 10 34 2 0 29.41
Dulaj Bandara c Mohammed Shamaaz b Theesan Vithusan 73 150 5 0 48.67
Avishka Tharindu c Imithiyaz Slaza b Janishka Perera 8 25 1 0 32.00
Lahiru Dewatage c Mohammed Shamaaz b Theesan Vithusan 17 40 2 0 42.50
Ranmith Jayasena run out (Mohammed Shamaaz) 72 117 6 0 61.54
Dellon Peiris c Sohan de Livera b Theesan Vithusan 27 46 3 0 58.70
Shashika Dulshan c Omesh Mendis b Theesan Vithusan 52 104 4 1 50.00
Kalhara Senarathna c Janishka Perera b Imithiyaz Slaza 5 26 0 0 19.23
Ashan Fernando not out 15 58 2 0 25.86
Eshan Malinga c Janishka Perera b Theesan Vithusan 1 2 0 0 50.00


Extras 11 (b 4 , lb 6 , nb 0, w 1, pen 0)
Total 293/10 (101.5 Overs, RR: 2.88)
Bowling O M R W Econ
Dinuka Dilshan 9 3 19 2 2.11
Sisitha Madanayaka 3 1 8 0 2.67
Janishka Perera 17 2 43 1 2.53
Imithiyaz Slaza 30 5 97 1 3.23
Theesan Vithusan 36.5 4 102 5 2.79
Shakour Razni 6 0 14 0 2.33


Batsmen R B 4s 6s SR
Dinuka Dilshan c Kaveesha Dulanjana b Dellon Peiris 44 54 6 0 81.48
Omesh Mendis c Ranmith Jayasena b Kalhara Senarathna 0 1 0 0 0.00
Sohan de Livera c Kaveesha Dulanjana b Dellon Peiris 72 57 7 2 126.32
Janishka Perera c Dulaj Bandara b Shashika Dulshan 72 128 6 0 56.25
Mohammed Shamaaz c Ranmith Jayasena b Dellon Peiris 73 87 3 3 83.91
Risira Weerasuriya c Lahiru Dewatage b Shashika Dulshan 4 6 1 0 66.67
Shakour Razni not out 14 16 1 1 87.50
Razeen Ramlan st Lahiru Dewatage b Dellon Peiris 1 7 0 0 14.29
Imithiyaz Slaza c Kalhara Senarathna b Dellon Peiris 0 1 0 0 0.00
Sisitha Madanayaka b Shashika Dulshan 12 23 0 0 52.17
Theesan Vithusan not out 0 1 0 0 0.00


Extras 6 (b 1 , lb 1 , nb 4, w 0, pen 0)
Total 298/9 (62.5 Overs, RR: 4.74)
Bowling O M R W Econ
Kalhara Senarathna 3 0 31 1 10.33
Eshan Malinga 8 2 30 0 3.75
Shashika Dulshan 22 1 92 3 4.18
Dellon Peiris 20.5 2 102 5 4.98
Yohan Liyanage 4 0 21 0 5.25
Ashan Fernando 5 0 20 0 4.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<