ලෝක රග්බි මුල් පුටු ගැටුම ඉතාමත් උණුසුම් වෙයි!

88

පසුගිය සිව් වසර තුළ, ලෝක රග්බි ක්‍රීඩාවේ ප්‍රධානියා වූයේ හිටපු එංගලන්ත 2nd Row ක්‍රීඩක Bill Beaumont ය. ඔහුගේ අංක 2 වූයේ හිටපු ආර්ජෙන්ටිනා Scrum-Half ක්‍රීඩක Agustin Pichot ය.

ලෝක රග්බි සම්මේලනය තුල ඔවුන් දෙදෙනාගේ හිතවත්කම පසෙක දමමින් ඉදිරි සති කිහිපය තුළ ඔවුන් දෙදෙනා වසර හතරක රග්බි ප්‍රධානීත්වය සඳහා තරග කිරීමට නියමිතය. මීළඟ ලෝක රග්බි සම්මේලනයේ සභාපති තෝරාගැනීම සඳහා පවත්වන ඡන්ද විමසීම ඔවුන් දෙදෙනා එක්ව ඇත. 

කොරෝනා නිසා නැවතුණු රග්බි තරගාවලි

ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට දැඩි බාධා එල්ල කරමින් තවමත් COVID-19 වයිරසය ලොව වටා පැතිර යනවා…

හිටපු සභාපති Bill Beaumont සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනවාරි මාසයේ දී ප්‍රකාශයට පත් කළ අතර Agustin Pichot මෙම ඡන්ද විමසීම සඳහා සහභාගි වන බව නිල වශයෙන් නිවේදනය කළේ මෙම මාසයේ දී ය. සභාපති ඡන්ද විමසීම මැයි මාසයේ දී පැවැත්වීමට නියමිතය. 

පසුගිය බ්‍රහස්පතින්දා, Bill Beaumont, Will Greenwood සහ Rupert Cox සමඟ විශේෂ Podcast වැඩසටහනකට සම්බන්ධ වෙමින් එළඹෙන මැතිවරණය පිළිබඳව කතාබහක් සඳහා එක්විය.  Sky Sports නාලිකාව විසින් මෙම රග්බි යුගලය සම්බන්ධ කරගනිමින් විශේෂ වැඩසටහනක් සිකුරාදා පැවැත්වීමට නියමිතය. 

Bill Beaumontගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු වන්නේ මොනවා ද? මේ ඒ පිළිබඳව කළ විමසා බැලීමක්. 

“මම කරන්නට යෝජනා කරන්නේ දෙවන වාරය වඩාත් ඵලදායි කිරීමට උත්සාහ කිරීම. මගේ දෙවන වාරයේ දී මට එය කළ හැකි යැයි මම සිතනවා. අපි පාලන සමාලෝචනයක් දෙස බැලිය යුතු අතර නූතන ක්‍රීඩාවේ දී අපගේ පාලනය හරි ද යන්න විමසා බැලිය යුතුයි.

උදාහරණයක් ලෙස එංගලන්තය හෝ නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින් හෝ කවුරුන් හෝ ඔවුන් ආපසු උපන් රටට ගොස් ඔවුන්ගේ රට වෙනුවෙන් ක්‍රීඩා කළ හැකි ද යන්න පිළිබඳව මම ඉතා උනන්දු වෙනවා.”

“මට ක්‍රීඩාවේ හැඩය ගැන අවධානය යොමු කිරීමට අවශ්‍යයි. ක්‍රීඩාවේ හැඩය ගැන මට කනස්සල්ලක් තියනවා. එය කිසි විටෙකත් වෙනස් නොවන බව මට පෙනෙනවා. මන්ද මිනිත්තු 60කට පස්සේ කණ්ඩායමට වෙනස්ම වන ඉදිරිපස පෙළක් ලැබෙනවා. ඔවුන් පළමු මිනිත්තුවේ දී මෙන් අවසාන මිනිත්තුවේදීත් විශිෂ්ට ලෙස ක්‍රීඩා කරනවා. මම හිතන්නේ රග්බි ක්‍රීඩාව තවමත් සියලු හැඩයන් සහ ප්‍රමාණයන් සඳහා සුදුසු ක්‍රීඩාවක් ද යන්න සොයා බැලිය යුතුයි.” 

කාන්තා රග්බි කතාවේ පළමුවැන්නිය “රුක්ෂානි”

ශ්‍රී ලංකා කාන්තා රග්බි ඉතිහාසයේ තුන් ඈඳුතු ඉසව්වේ පළමුවැනියා වූයේ ඉන්දිකා රුක්ෂානි ආරියසේන ය…

” අපි කුමක් කළත් එයට කරුණු පදනම් කර ගත යුතුයි. විශාල වෘත්තීය සමිතිවලට මේ තීරණ රැගෙන ගොස් ඉහළ මට්ටමේ තරගයක දී එය අත්හදා බලමින් එය ක්‍රීඩාවේ හා ක්‍රීඩකයන්ගේ හැඩය වෙනස් කරයි දැයි බැලීමට අපි කැමතියි.”

“අපි තරගාවලි ව්‍යුහයන්, ගෝලීය තරගාවලි ගෙන ඒමට සහ කාන්තාවන් සඳහා අතිරේක සත් සාමාජික තරග මාලාවක්, දෙවන පෙළ තරගාවලි සහ National Championship තරගාවලිය වගේ දේවල් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. රග්බි ක්‍රීඩාව නැවත ඉපදීමට උත්සාහ කරනවා. එමඟින් ක්‍රීඩකයන්ට නිතිපතා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දේවි.” 

ඔබ සහ උප සභාපති Agustin Pichot අතර ඇති ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශ වෙනස්කම් මොනවා ද? ඇයි ඔබ සහකරුවෙකු ලෙස Bernard Laporte තෝරාගත්තේ? 

“අපි [Agustin Pichot සහ Bill Beaumont] වසර හතරක් එකට වැඩ කළා. මම Bernard Laporte සමඟ කටයුතු කරන බව ජනවාරි මාසයේ මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සමඟින් ප්‍රකාශයට පත් කළ විට මම සතුටට පත් වුනා.” 

“ගුස් [Agustin Pichot] සහ මම විවිධ කාරණා සම්බන්ධයෙන් එකිනෙකා සමඟ ඉතා සමීපව සිටිනවා. මම සිතීමට කැමති දෙය නම් මගේ දෘෂ්ටි කෝණයෙන් බලන කල, මම මිනිසුන් එකට ඇද ගැනීමට ඉතා දක්ෂ කෙනෙක්.” 

“මම ක්‍රීඩාවේ දී කළ දේවල් දෙස ආපසු හැරී බලනවා. මීට වසර ගණනාවකට පෙර එංගලන්තය Six Nations කණ්ඩායම්වලින් නෙරපා හරින බවට තර්ජනය කළ විට Will Greenwood ක්‍රීඩා කරමින් සිටියේ. මම එය නිරාකරණය කිරීමට ගියා. මම හිතන්නේ මිනිසුන් එකට එකතු කිරීමේ හැකියාව මට තිබුණා.” 

“මම හිතන්නේ මම හොඳ පුද්ගලයෙක්. මම මිනිසුන්ගෙන් උපරිම ඵල නෙලා ගැනීමට දක්ෂයි. මම ලෝක රග්බි ක්‍රීඩාවට නැවත තේරී පත්වුවහොත් එය උත්සාහ කරනවා.”

“මේ මොහොතේ ගෝලීය ක්‍රීඩාව ව්‍යුහගත වී ඇති ආකාරය අනුව ලෝක රග්බි ක්‍රීඩාවට ලැබෙන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් එංගලන්තයෙන් හා ප්‍රංශයෙන් ලැබෙන බව අපට මතක තබා ගත යුතුයි. වෙනසක් කිරීමට කැමති සහ වෙනස දෙස බැලීමට කැමැත්තෙන් සිටින විශාල ආයතන දෙකක් අපිට එහි තිබෙනවා.” 

Agustin Pichot මැතිවරණය සඳහා පැමිණියේ ප්‍රමාද වෙලා. ඒ තීරණය ඔබව පුදුමයට පත් කළා ද?

“ගුස් [Agustin Pichot] ජපානයේ දී [ඔක්තෝබර් / නොවැම්බර් ලෝක කුසලාන තරගාවලියේ දී] මට ඒ ගැන කිව්වා. මම තවමත් මේ සභාපති ලෙස ඉන්නවා නම් මට විරුද්ධව තරගයට එනවා කියලා ඔහු කිව්වා. මම ඒ සඳහා සූදානම් වෙලා හිටියේ.” 

“Agustin Pichot සහ Bill Beaumont සතුරන් නොවේ. මිනිසුන් එය මතක තබා ගත යුතුය. එය තරමක් දුරට ඔබ ඔබේ උපරිමය කරන තරගයක් වගේ. ඔබට ජයග්‍රහණය කිරීමට අවශ්‍යයි. ඔබ ජයග්‍රහණය කළ විට ඔබ අතට අත දී ඉදිරියට යන්න අවශ්‍යයි. එය සැමවිටම මගේ දර්ශනය. කිසිම දෙයක් මාව වෙනස් කරන්නේ නෑ.” 

“සති දෙකකට පෙර එය කෙතරම් සමීප ද, දැන් එය කෙතරම් සමීප ද යන්න මම දන්නේ නෑ. මුලින් මට සහාය දුන් අය තවමත් මට සහාය දෙන බව මට තවමත් විශ්වාසයි.

නිසැකවම ඡන්දය දෙන්නේ කවුරුන්ද යන්න පිළිබඳව බොහෝ සමපේක්ෂන පවතී. ඇත්ත වශයෙන්ම මැයි 12 වැනි දින ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ විට පමණක් අපි සියල්ලන්ම ඒ ගැන දැනගනීවි.” 

World Nations Championship පිළිබඳ සහ එය නැවත ගෙන ඒමට උත්සාහ කිරීම ගැන ඔබේ අදහස? 

“මම හිතන්නේ අපි Six Nations තරගාවලිය පැවැත්වෙන ආකාරය බලන්න අවශ්‍යයි. එය ඉදිරියට යන විදිහ අනුව, එහි සංස්කෘතිය අනුව අපි බලමු. නමුත් අපට නව තරගයක් දෙස බැලිය හැකියි. එය Six Nations තරගාවලියට බලපාන්නේ නැති ලීගයක් ලෙස උසස් කල තරගාවලියක් පවත්වන්න පුළුවන් වේවි. 

කොරෝනාවෙන් වැසුනු රග්බි වලට උදව් වෙන්න ජාත්‍යන්තර අරමුදලක්

කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ ලෝක රග්බි සංගම් සඳහා මූල්‍යමය වශයෙන් රැඳී සිටීමට උපකාර…

“සෑම වසර හතරකට වරක් ලෝක කුසලානය පැවැත්වෙනවා. ලයන්ස් සංචාරය යුරෝපයට පමණක් නොව දකුණු අර්ධගෝලයට ද වැදගත් වන නිසා ඔබට එය වාර්ෂික පදනමින් ක්‍රීඩා කළ නොහැකි වේවි. නමුත් කණ්ඩායම් දිරිමත් කරන යමක් එමඟින් කරන්න පුළුවන් වේවි. එය නැවත රග්බි වෙත ගෙන ඒමට කැමැත්තක් තියනවා. ” 

“අපි ක්‍රීඩකයන් ගැනත් සිතා බැලිය යුතුයි. පරිපාලකයින් වශයෙන් අපට මෙහි වාඩි වී අපි මෙතැන, එතැන සහ සෑම තැනකම ක්‍රීඩා කරනවා කියලා කියන්න පහසුයි. ඒත් එය ප්‍රායෝගික ද කියලා බලන්න ඕන. එබැවින් අපට ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ සංගමය එක්ක මේ ගැන සාකච්ඡා කරන්න අවශ්‍ය වෙනවා. ” 

“කොරෝනා වයිරසය තමයි ක්‍රීඩාවට එල්ල වුන විශාලතම අභියෝගය. මිනිසුන් සහ වෘත්තීය සමිති නිරුපද්‍රිතව පිටතට පැමිණීමට බොහෝ කල් ගතවේවි. එය අපගේ ක්‍රීඩාව කරන ආකාරය, අපගේ සංචාර දෙස බලන ආකාරය සහ අපගේ කාලසටහන් සියල්ල වෙනස් කරාවි.”

“අපි සෑම දෙනාම එකට සිටිනවා. මුදල් සංචිත විශාල ප්‍රමාණයක් අපි ළඟ තියනවා.” 

සභාපති ධූරයේ අපේක්ෂා කරන ප්‍රධාන කාර්යයන් සහ ඒ භූමිකාවේ දුෂ්කරතා මොනවා ද?

“ප්‍රධාන අභියෝගය වන්නේ ජාත්‍යන්තර ටෙස්ට් හා දේශීය තරග අතර සිදු වෙන බාධා වැළැක්වීම. එය ප්‍රධාන ධාවකයක්, ඊටත් වඩා දින දර්ශනයක් ලබා ගැනීමට උත්සාහ කිරීම, වෙනස් ආකාරයේ පැතිරීමක් සහිත ක්‍රීඩාවක් නිර්මාණය කිරීම අනෙක් අභියෝග. 

“කොරෝනා වයිරසය මිනිසුන්ගේ මනස පීඩනයට ලක් කර ඇති අතර මිනිසුන් ඉදිරියට යාම ගැන සිතන ආකාරය වේගවත් කරාවි. උතුරු සහ දකුණ අතර සැබෑ සහයෝගීතාවයක් ඇති වෙලා තියනවා.” 

“සෑම කෙනෙකුම එකිනෙකා දෙස සැකයෙන් බැලුවා විය හැකියි. ඒත් හැමෝම හැමෝටම උදව් කළා. 

ඔබට ඇති අභියෝගය නම් බොහෝ පාර්ශවකරුවන් සිටීමයි. එහි ක්‍රීඩා සමාජ, වෘත්තීය සමිති, කලාප වේවා සෑම කෙනෙකුම එකට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කිරීම එක්තරා ආකාරයකින් දුෂ්කරතාවයක්. නමුත් සමස්තයක් ලෙස ගත් කල, මිනිසුන් තවමත් නිවැරදි හේතුන් මත මෙම ක්‍රීඩාවේ යෙදී සිටිනවා. “

රහස් ඡන්දය අනපේක්ෂිත විය හැකියි. 2023 රග්බි ලෝක කුසලාන නිවේදනය පවා ප්‍රංශයට ගියේ දකුණු අප්‍රිකාවට ලෝක රග්බි ක්‍රීඩාවේ විධිමත් සහයෝගය ලැබුණු අවස්ථාවේ දීයි. Pichot ප්‍රමාද වී පැමිණ ඇතුළට ගෙන යා හැකි වේවි ද? 

“ඔහු මාව ඇතුළට ගෙන ගිය පළමු Scrum Half ක්‍රීඩකයා නොවෙයි! මට විශ්වාසයි මම ඒ ගැන දොස් නඟන්නේවත්, ඒ ගැන ඕනෑවට වඩා විශ්වාස කරන්නේවත් නැහැ. නිසැකවම මම ජයග්‍රහණය නොකළේ නම් මගේ බොහෝ බලාපොරොත්තු සුන් වේවි. මට තවමත් ක්‍රීඩාවේ බොහෝ දේ කළ හැකි යැයි මට හිතෙනවා. මට එය කිරීමට නොහැකි නම් මම කලකිරීමට පත්වේවි.”

“මට විශ්වාසයි. ඒ වගේම තරගය ඉතා තියුණු විය හැකියි. ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.”

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<