“Punjab Kingsට මේ පාර දිනන්න පුළුවන්” – භානුක රාජපක්ෂ

9069
(Pubjab Kings FB )

සිය මංගල IPL ශූරතාවය හඹා යන Punjab Kings කණ්ඩායමට මෙවර එම ඉලක්කය සපුරා ගන්නට අවශ්‍ය සම්පත් තිබෙන බව Punjab Kings නියෝජනය කරන ශ්‍රී ලංකා සුපිරි පිතිකරු භානුක රාජපක්ෂ පවසා සිටිනවා.

30 හැවිරිදි භානුක Punjab Kings නායක Mayank Agarwal ගැන ද අදහස් පළ කළේ ඔහු සංසුන් හා සංවිධානාත්මක නායකයෙක් බව පවසමින්.

Punjab Kings කණ්ඩායම IPL 2022 තරගාවලිය ආරම්භ කළේ Royal Challengers Bangaloreට එරෙහිව දැවැන්ත ලකුණු 206 ක ඉලක්කයක් හඹා යමිනුයි. භානුක TimesofIndia.com සමඟින් සම්මුඛ සාකච්ඡාවකට එක්ව IPL පිළිබඳව අදහස් දක්වා තිබුණේ මෙලෙසයි.

RCB කණ්ඩායම දැවැන්ත ලකුණු 205ක් වාර්තා කරාට පස්සේ Punjab Kings කණ්ඩායමේ සැලසුම වුනේ මොකද්ද? Mayank Agarwal මොකද්ද කණ්ඩායමට කිව්වේ එම ඉලක්කය හඹා යනකොට?

අපිට දේවල් සරලව තියා ගන්න ඕනෙ වුනා. ලොකු ලකුණු හඹා යෑමක් සංකීර්ණ කර ගන්න අවශ්‍ය වුනේ නැහැ. 205ක් වගේ ඉලක්කයක් හඹා යාම ටිකක් අපහසුයි. හොඳම දෙය තමයි Mayank සන්සුන්ව හා සංවිධානාත්මකව සිටීම. ඔහු අපිට විශ්වාසය දුන්නා. ඔහු කතාවට වඩා වැඩ ගැන අවධානය යොමු කරන ක්‍රීඩකයෙක්.

Shikhar සමඟ පිතිකරණයේ යෙදෙද්දී ඔහු මොනවද කිව්වේ?

හොඳ ආරම්භයක් ලබා ගන්න එක වැදගත්. රිද්මය ඉදිරියට පවත්වා ගෙන යෑම සඳහා එය වැදගත්. Mayank හා Shikharට ස්තුතිය හිමිවෙන්න ඕනේ, මොකද ඒ කඩුල්ලේ පන්දුවට පහර දෙන්නේ ලේසි නැහැ. Shikhar හා Mayank ලොකු ඉනිමකට අඩිතාලම දැම්ම හැටි විශිෂ්ටයි. මම අංක 3 පිතිකරුවා ලෙස ගියාම Shikhar මට කිව්වා සන්සුන්ව ඉන්න කියලා. ඔහු මට කිව්වා පිටියේ රැඳී සිටිමින් ලකුණු රැස් කරන්න කියලා. මට සතුටුයි කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස් කරන්න පුළුවන් වීම ගැන.

ඔබ හිතනවා ද තරගාවලියේ සිටින හොඳම ආරම්භක පිතිකරුවන් දෙදෙනා Mayank හා Shikhar කියලා ?

මේක තමයි ලෝකේ හොඳම තරගාවලිය. මම අනිවාර්යයෙන්ම කියනවා Shikhar හා Mayank තමා හොඳම ආරම්භක පිතිකරුවන් දෙදෙනා කියලා. නායකයෙක් ලෙස Mayank හරිම උද්‍යෝගිමත්. ඔහු දන්නවා පිටිය ඇතුලේ දී ඔහුගේ ක්‍රීඩකයින් භාවිතා කරන්න. ඔහු විශිෂ්ට නායකයෙක්. මම වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩා කරද්දී Mayank එක්ක ක්‍රීඩා කරලා තියෙනවා. මම ඔහුව දන්නවා. මම ඔහුගේ හොඳ හා නරක දවස් දෙකම දැකලා තියෙනවා. නායකයෙක් ලෙස ඔහු ක්‍රීඩකයින් සමඟ අදහස් හුවමාරු කරගන්නා විදිය විශේෂයි.

Punjab Kings කණ්ඩායමේ අවස්ථා ගැන ඔබ මොකද හිතන්නේ?

මේ තරග වාරය අපිට ඉතාම වැදගත්. Punjab Kings කිසිදාක කුසලානයක් දිනලා නැහැ. මේක තමා හොඳම අවස්ථාව. මූලික කටයුතු හොඳින් සම්පාදනය කරලා තිබෙනවා හා අපිට ඉලක්ක කිහිපයක් තිබෙනවා. මේ පාර අපිට කුසලානය දිනා ගන්න හොඳ අවස්ථාවක් තිබෙනවා. අපිට ශක්තිමත් කණ්ඩායමක් සිටිනවා. Punjab Kingsට තියෙන ප්‍රහාරක බලය නිසා ඔවුන් මේ පාර විශේෂයි.

Odean Smith දැක්කම ඔබට Chris Gayle මතක් වෙනවා ද?

අපි ඔහුව කියන්නේ ‘Baby Rhino’ කියලා. ඔහු හරිම බලවත්. මම හිතන්නේ ඔහු තවම සිය පිත්තේ මැදින් පන්දුවට පහර දුන්නේ නැහැ. හිතන්න එහෙම වුනාම කොහොම තියෙයි ද කියලා. අපිට ඔහුව Chris Gayleට සමාන කරන්න බැහැ.  මොකද Chris කියන්නේ විස්සයි විස්ස හා එක්දින පිටියේ දැවැන්තයෙක්. මම දැකල තියෙනවා Odean Smith ක්‍රීඩකයෙක් විදියට දියුණු වෙන හැටි.

ඔබ වඩාත්ම අගය කරන ක්‍රීඩකයා කවුද?

මම Mike Husseyව අගය කරනවා. මම හැමතිස්සෙම ඔහුව නිරීක්ෂණය කළා. මම ඔහුව අනුගමනය කළා. මට ඔහුව හම්බෙන හැම මොහොතෙම මම ඔහුට කතා කරනවා. අවසන් වතාවට මම ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙද්දී මම ඔහුත් එක්ක ගොඩක් කතා කළා.

Times Of India ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<